IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


යුනියන් ඇෂුවරන්ස් oDoc සමග එක්වී රක්ෂණ හිමියන්ට නොමිලේ සෞඛ්‍ය සේවා පිරිනමයි

යුනියන් ඇෂුවරන්ස් සමාගම, මේ වන විට පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ, රට පුරා විසිරී සිටින තම රක්ෂණ හිමියන්ට සෞඛ්‍ය සේවා සැපයීම සඳහා oDoc සේවාව සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය.

COVID-19 රෝගයේ ව්‍යාප්තිය දෙස බලන විට හොඳින් පැහැදිලි වන කරුණක් වන්නේ, ලෝකය කෙතරම් අන්තර්-සම්බන්ධතා සහිත ස්ථානයක්ද යන්නයි. මෙම තත්ත්වය යටතේ, සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු වන තුරු කිසිවෙකුටත් වෙන වෙනම සුරක්ෂිත විය නොහැක. වෛරසයේ ව්‍යාප්තියත් සමග වරින් වර හා තැනින් තැන ඇඳිරිනීතිය පැනවීම් හා ගමනාගමනය සීමා කිරීම් සිදුවෙමින් පවතින පසුබිමක, යුනියන්  ඇෂුවරන්ස් සමාගම oDoc සේවාව සමග එක්වී තම රක්ෂණ හිමියන්ට ප්‍රමුඛ පෙළේ දුරස්ථ වෛද්‍ය සේවාවන් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මේ යටතේ එක් පවුලකින් උපරිම වශයෙන් සාමාජිකයන් 4 දෙනෙකුට නිශ්චිත සීමාවකින් තොරව වෛද්‍ය උපදෙස්, ඩිජිටල් ඖෂධ නියමයන්, ඖෂධ නිවෙස් වලටම ගෙනැවිත් භාරදීම (කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලට) සහ ජංගම රසායනාගාර සේවාවන් (කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට) ඇතුළුව තවත් සේවාවන් රාශියක් හිමි වේ.

මේ ඔස්සේ යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යාම වෙනුවට, දවසේ ඕනෑම වෙලාවක තම නිවෙස් වල සිටම වෛද්‍ය සේවාවන් ලබාගත හැක. oDoc මගින් විනාඩි 3 කට අඩු කාලයක් තුළ වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වී, ඖෂධ නිර්දේශයක් ලබාගෙන, එම ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමි වේ. සාමාන්‍ය වෛද්‍ය හමුවකට සමානව මෙම දුරස්ථ සංවාදය සිදුවන අතර, රෝගියාගේ වයස, අසාත්මිකතාවන් හා සෞඛ්‍ය තත්ත්වයේ ඉතිහාසය ඇතුළු මූලික තොරතුරු විමසීමෙන් අනතුරුව රෝග තත්ත්වය විමසීම හා ඊට අදාළ පියවර ගැනීම සිදු වේ.

oDoc සේවාව භාවිතා කරන්නන්ට තම ජංගම දුරකථනය ඇතුළුව ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය හරහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගැනීමට හැකියාව ලැබේ. එම නිසා මින් ඉදිරියට යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට රථවාහන තදබදය මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ගොස් තම වාරය එනතුරු රැඳී සිටීමට සිදුවීම වැනි දුෂ්කරතා වලට මුහුණ නොදී තමන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකිවනු ඇත.

සාමාන්‍යයෙන් සිදුවන වෛද්‍යවරුන් හමුවීම් අතරින් 75% ක්ම සාර්ථක ලෙස දුරස්ථ ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ සිදුකළ හැකි බව ඇමරිකානු වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. මේ ආකාරයට වෛද්‍ය උපදෙස් ලබාදීම මේ වනවිට ලොව පුරාම ජනප්‍රිය වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවල මෙන්ම ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා රුවන්ඩාව වැනි රටවලද එය අතිශයින් ජනප්‍රිය වී ඇත.

oDoc සේවාව සමග සම්බන්ධ වී සිටින සියලුම වෛද්‍යවරුන්, තම සේවාව ලබාගන්නා රෝගීන්ට උපදෙස් ලබාදීමට සහ ඖෂධ නියම කිරීමට විශේෂ යෙදුමක් (Application) භාවිතා කරන අතර, මෙය වෛද්‍යවරුන් හා රෝගීන් අතර සන්නිවේදනය වඩාත් පහසු හා කාර්යක්ෂම කිරීමට හේතුවක් වී තිබේ.

UADOC<හිස්තැනක්>ජාතික හැඳුනුම්පත් අංකය ටයිප් කර 0771 330 000 වෙත කෙටි පණිවිඩයක් යැවීමෙන් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට oDoc සේවාව සඳහා ලියාපදිංචි විය හැක.



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් oDoc සමග එක්වී රක්ෂණ හිමියන්ට නොමිලේ සෞඛ්‍ය සේවා පිරිනමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site