IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුවීම ද මහත් ප්‍රීතියක් ගෙන දෙන කරුණකි.

ඉන්දියාවේ 75 වන නිදහස් දින සංවත්සරය (අසාදි කා අම්රිත් මහෝත්සව්) නිමිත්තෙන් සැමරුම් සහ වැටසටහන් මාලාවක් ශ්‍රී ලංකාව පුරා පවත්වන ලදී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධව නිදහසේ 75 වන වසර සැමරීම මෙම සැමරුම් මාලාවේ එක් වැදගත් අවස්ථාවක් වේ.

මිත්‍රවරුනි, ඉන්දියාව ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය මත පදනම්ව සෑමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සහ ඔවුන්ගේ සුබසිද්ධිය හදවතෙහි තබා ගනිමින් කටයුතු කරයි. ඉන්දියාව විසින් පෙර නොවූ විරූ පරිදි මෙම වසරේදී ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍ය, ආර්ථික සහ මානුෂීය ආධාර ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහෝදර සහෝදරියන් වෙත දක්වන කැපවීම පිළිඹිබු කරයි. ඉන්දියාව සහ ඉන්දියානු ජනතාව විවිධාකාර සහයෝගයන් හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා යුහුසුළුව කටයුතු කළහ.

ද්විපාර්ශවික බැඳීම් නව ක්ෂේත්‍රයන් කරා  යොමු වෙමින් පවතී. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා විසින් 2022 මාර්තු මාසයේ සිදු කරන ලද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී දෙරට රජයන් අතර ගිවිසුම් 8කට අත්සන් තැබිණ. මෙම ගිවිසුම් මීළඟ පරපුරේ ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා වැඩසටහනෙහි සිට බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානය දක්වා ද ආරක්ෂක ඇතුළු විවිධ ක්ෂේත්‍ර දක්වා ද විසල් වපසරියක් ආවරණය කරයි. මෙම ගිවිසුම් අප සබඳතාවයේ විචිත්‍රත්වයට සාක්ෂියකි.

ඉන්දියාව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වේගවත් කිරීමෙහි ලා සක්‍රීය සහකරුවෙකු වශයෙන් කටයුතු කරයි. මෙහි දී වරාය, පුනර්ජනනීය බලශක්තිය, යටිතල පහසුකම් ආදි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි ක්ෂේත්‍රයන්හි ඉන්දීය ආයෝජන රැකියා ජනනය සහ ආර්ථික කටයුතු වේගවත් කිරීම හරහා  තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

ශිෂ්ටාචාරමය සබඳතාවය, බෙදා හදා ගන්නා උරුමය සහ දෙරට ජනතාව අතර පවතින දිගුකාලීන බැඳීම් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවයේ ශක්තිමත් සලකුණු වේ. අතීත මුතුන් මිත්තන් විසින් ගොඩනඟන ලද මාවතේ වේගයෙන් ඉදිරියට ගමන් කරන අප ද මෙම ඓතිහාසික බැඳීම් අනාගත පරපුර උදෙසා ද ශක්තිමත් කිරීමට අපේක්ෂාවෙන් සිටියි.

මම නැවතත් ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ඉන්දියානුවන්ට සහ අපගේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට මාගේ සුභාශිංසන පිරිනමමි. 



අදහස් (0)

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 263 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16155 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 586 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site