IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation)  විසින් බයිසිකල් සවාරියක් සංවිධානය කිරීමට නියමිත ය.  එයිට්කින් ස්පෙන්ස් හොටෙල්ස් (Aitken Spence Hotels) හි ප‍්‍රධානතම සන්නාමය වන හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස් (Heritance Hotels & Resorts) සමගින් එයිට්කින් ස්පෙන්ස් ට‍්‍රැවල්ස් සමාගම (Aitken Spence Travels) ඊට හවුල්කාරිත්වය ලබාදෙමින් එක් ව කටයුතු කිරීමට ඉදිරිපත් ව ඇත.

1333 බයිසිකල් සවාරිය සිය අරමුණ සාක්ෂාත් කරගැනීමට ශ‍්‍රී ලංකාවේ දකුණු වෙරළබඩ තීරයෙන් චාරිකාව ආරම්භ කර, රට මැද කරා ඒමට නියමිත ය.  මෙම බයිසිකල් සවාරියට අයත්  ගමන් මාර්ගයේ  පිහිටි හෙරිටස්න් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස් හා එයිට්කින් ස්පෙන්ස් හොටෙල්ස් වෙතින් සහභාගි වන්නන් හට සුවිශේෂී නවාතැන් පහසුකම් ලබා දේ.  හෙරිටන්ස් අහුන්ගල්ල, හෙරිටන්ස් කණ්ඩලම, සෙන්ටිඩෝ හෙරිටන්ස් නිගම්බෝ සහ ඇමතිස්ට් රිසෝට් පාසිකුඩා ද එසේ සුවිශේෂී නවාතැන් පහසුකම් පිරිනමන හෝටල් අතර වේ.

සමාජ වගකීම් කෙරෙහි දැඩි කැපවීමක් පෙන්නුම් කෙරෙන මෙම හවුල්කාරිත්වය මගින් මානසික සෞඛ්‍යය පිළිබඳ උපකාර අවශ්‍ය සියලූ ප‍්‍රජාවන් වෙත සහය දැක්වීමට අරමුණු කෙරෙයි.  මානසික සෞඛ්‍යය යනු දැනට පවතින ගැටලූ අතරින් වැඩි අවධානයකින් යුතුව සංවාදයට ලක් කළ යුතු මාතෘකාවකි.  ඒ ගැන දැනුවත් විය යුතු අය අතර විශේෂ තැනක් හිමිවන්නේ යොවුන් වියේ පසුවන්නන් ය.  මෙහිදී CCC පදනම සමග හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස් හා එයිට්කින් ස්පෙන්ස් ට‍්‍රැවල්ස් සමාගම එක්වන්නේ එවැනි තත්ත්වයක දී සහය පතා ළ`ගා විය හැකි ක්ෂණික ඇමතුම් අංක 1333 ගැන වැඩි දැනුවත් භාවයක් සමාජය තුළ ඇති කිරීමටයි.         

මෙම හවුල්කාරිත්වය ගැන සිය අදහස් දක්වමින් එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී හි සභාපතිනි, ස්ටෂානි ජයවර්ධන මෙනෙවිය කියා සිටියේ, “මානසික සෞඛ්‍යය යනු මානුෂීය ගැටලූවකි.  එවන් ගැටලූ වලට සීමා-මායිම් නොමැත.  සෑම පවුලක්ම, අසල්වාසියෙකුම මෙන්ම ජාතියක් වශයෙන් සියලූ ජනතාවම එහි බලපෑමට ලක් විය හැකිය.  එවන් තත්ත්වයන් සමනය කිරීමට සහය ලබාදීම අද වනවිට කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා.  ඒ වෙනුවෙන් සහකම්පනයෙන් යුතුව පෙරමුණ ගැනීමට අප පෙළඹුණේ ඒ හරහා ජනතාව තුළ දැනුවත් භාවය වැඩි කර, අර්ථාන්විත වෙනසක් සමාජය තුළ ඇති කිරීමටයි.” යනුවෙනි.

        මනස සුවපත් කිරීමෙහි ලා චාරිකා කර්මාන්තයේ කාර්යභාරය කෙතරම් වැදගත් ද යන්න පිළිබඳ මනා අවබෝධයක් හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස් හා එයිට්කින් ස්පෙන්ස් ට‍්‍රැවල්ස් සමාගම සතු ය.  එසේම, යහපත් අරමුණක් උදෙසා සිදු කරන 1333 බයිසිකල් සවාරිය වැනි චාරිකා තුළින් ගත සිත ඉහිල් වීමට, සුවපත් වීමට හා සබඳතා වලට අවැසි වටපිටාව සලසා දීම ද සිදු වේ.  සාරවත් ගම්දනව් පසු කරමින් දිවයිනේ වෙරළ තීරය ඔස්සේ ගමන් කරනු ඇති බයිසිකල් සවාරියේ සොඳුරු අත්දැකීම් කෙටි විඩියෝ පට මාලාවකින්  ඉදිරිපත් කිරීමට හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස් හා එයිට්කින් ස්පෙන්ස් ට‍්‍රැවල්ස් සමාගම අදහස් කර ඇත.  අප රට සතු ස්වාභාවික සුන්දරත්වයේ මහ`ගු දායාදය ලෝකයට පෙන්නුම් කරනු ඇති එම විඩියෝ පට වලින් අප සැමදෙනාගේ ම පොදු ප‍්‍රමුඛතාවක් විය යුතු මානසික සුවතාවට හිමි වැදගත්කම ද වැරගන්වනු ඇත.   

දැනුවත් භාවය ඉහළ නැංවීම සඳහා වන මෙම බයිසිකල් චාරිකාව බලගන්වමින්, එම චාරිකාව අතරතුර දී විවේකයක් ගැනීමට, නව පණකින් යුතුව නැවත ඉදිරියට යාමට සහය ලබා දෙනු ඇති එයිට්කින් ස්පෙන්ස් හොටෙල්ස් සමාගම, එවන් අරුත්බර මෙහෙවරක් වෙනුවෙන්  ඕනෑම කැපකිරීමක් කරන්නට ද සැදී-පැහැදී සිටියි.

හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස් පිළිබඳව 

හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස් යනු, එයිට්කින් ස්පෙන්ස් හොටෙල්ස් හි ප‍්‍රධානතම සන්නාමයකි.  එමෙන්ම වඩාත්ම විශ්වසනීය, වටිනා සමාගම් නාමයක් ලෙස ශ‍්‍රී ලංකාවේ කීර්තිය දිනාගෙන ඇති එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී (Aitken Spence PLC) සමාගමේ කොටසක් ද වේ.  ශ‍්‍රී ලංකාව, මාලදිවයින,  ඕමානය සහ ඉන්දියාව යන රටවල, Heritance, Adaaran සහ Turyaa යන විවිධත්වයෙන් යුතු සන්නාම සමූහයක් හරහා විවිධත්වය නියෝජනය කෙරෙන හෝටල සහ නිවාඩු නිකේතන 18 ක් එයිට්කන් ස්පෙන්ස් හොටෙල්ස් විසින් අධීක්ෂණය කරයි.  ශ‍්‍රී ලංකාවේ බාවා නිර්මිත හෝටල විශාල ප‍්‍රමාණයකට හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස් හිමිකම් කියයි.

එයිට්කින් ස්පෙන්ස් රැවල්ස් සමාගම පිළිබඳව

සංචාරක කර්මාන්තයේ ප‍්‍රමුඛ පෙළේ නාමයක් වන එයිට්කින් ස්පෙන්ස් ට‍්‍රැවල්ස් සමාගම, ශ‍්‍රී ලංකාවේ ගමනාන්ත කළමනාකරණ සමාගමක් වශයෙන් විශිෂ්ටත්වයේ කීර්තිය හිමි කරගෙන ඇත.  දශක හතරක අත්දැකීම් සමගින්, ලොව පුරා සංචාරයේ යෙදෙන අපගේ ගනුදෙනුකරුවන් හට අසම-සම සේවාවන් හා සදා මතකයේ රැඳුන සොඳුරු අත්දැකීම් ලබන්නට අවැසි වටපිටාව අප නිර්මාණය කරයි.  එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී සහ TUI සමූහයේ හවුල් ව්‍යාපාරයක් වශයෙන් විවිධ සංචාරක ක‍්‍රියාකාරකම් වල යෙදී සිටින අප කණ්ඩායමෙහි බහුවිධ-සංස්කෘතීන්ට අයත් වෘත්තිකයන් බොහෝ සිටිති.  සුන්දරත්වය අතින් මෙන්ම සංස්කෘතික අතින් ද ශ‍්‍රී ලංකාව කෙතරම් නම් පොහොසත් රටක් ද යන වග ගෝලීය ප‍්‍රජාවට කියාපාන්නට අප අඛණ්ඩව කටයුතු කරන්නෙමු.      

 



අදහස් (0)

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site