IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


මේ දිනවල පවතින අධික උෂ්ණත්ව සහ දැඩි හිරු එළිය ඇස්වලට ඒතරම් හොඳ නෑ

අධික හිරු එළියට ඇස් නිරාවරණයවීම හානිකරයි.

මේ දවස්වල අව්ව හරිම සැරයි නේ ද? සමහර වෙලාවට ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබේ රාජකාරි කටයුතු හේතුවෙන් හෝ ගමන් බිමන් යාමේ දී ඔබට එළිමහනේ අව්වේ ඉන්න සිද්ද වෙනවා. දැඩි හිරු රශ්මිය අපේ සමට වගේම ඇස්වලට නරකයි කියලා කවුරුත් දන්නවා. නමුත් අපිට ඇඳුම්, හිසට හිස්වැස්මක් ශරීරයේ එළියට නිරාවරණය වෙන කොටස්වලට හිරු රැස් ආරක්ෂණ ක්‍රීම් එකක් භාවිතා වැනි දේවල් භාවිතා කරල අපේ සම ආරක්ෂා කර ගන්න පුළුවන්. ඒත් අපේ ඇස් අධික හිරු එළියෙන් හානිවෙන්න පුළුවන් කොහොම ද කියලා ඔබ මොහොතක් හිතුව ද?

අධික හිරු එළියේ තියෙන විවිධ අහිතකර කිරණ සමට සහ ඇස්වලට අහිතකරබව ඔබ දැනටමත් දන්නවා. ඒ අහිතකර කිරණ මඟින් ශරීරයේ ඉතාම සංවේදී සෛලවලට හානි කරනවා. ඔබේ ඇස්දෙක කියන්නේත් ඒවගේ ඉතාම සියුම් සංවේදී සෛල විශාල ප්‍රමාණයක් තියෙන අපේ වටිනාම වස්තුවක්. ඇසේ මතුපිට සියුම් සංවේදී පේශීවලට, අක්ෂි කාචයට සහ ඇස් අවට සංවේදී ස්ථානවලට අධික හිරු එළියේ ඇති විවිධ කිරණවලින් හානි වෙන්න පුලුවන්. අපි අපේ ඇස් අධික හිරු එළියෙන් ආරක්ෂා කරගන්න උපරිම වෙහෙසක් දරන්න ඕනේ. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන එක ඉතාම හොඳයි.

ඇස් දෙක අධික හිරු එළියෙන් බේරගන්න දැනට තියෙන හොඳම විසඳුම තමයි නිවැරදි උපදෙස්වලට ගැළපෙන අව්කණ්ණාඩි භාවිතා කිරීම. අව් කණ්ණාඩි පැළඳීම මඟින් ඔබට වාසි කිහිපයක් අත්වෙනවා. ඔබේ ඇස් හානිකර කිරණවලට නිරාවරණය වීම පාලනය කිරීම, දැඩි ආලෝක නිසා වන දැකීමේ අපැහැදිළිතා. උදාහරණයක් විදිහට වැඩියෙන් දිළිසෙන දේවල් නැරඹීමේ අපහසුතාවය මඟ හැරීම, ඇස්වලට පහසුවක් දැනීම මෙන්ම, විලාසිතාවක් ලෙස ඔබේ පෙනුම වැඩිකර ගැනීමට ද අව්කණ්ණාඩි පාවිච්චි කළාම අවස්ථාව ලැබෙනවා.

සාමාන්‍යයෙන් අපි වගේ සමකාසන්න රටවල සියලු දෙනාටම අව්කණ්ණාඩි භාවිතා කිරීම ඇස්වල නිරෝගීකමට ගොඩක් හොඳයි කියලා වෛද්‍ය විශේෂඥයෝ නිර්දේශ කරනවා. මොකද අපේ කලාපයට හිරු රැස් වැටීම ඉතා අධිකයි. අපි නිතර නිතර අව්කණ්ණාඩි පළඳින්න පුරුදුවෙන්න ඕනේ. සෑම කෙනෙකුටම වගේ අතේ තියාගන්න සුදුසුම පළඳනාවක් ලෙස අව්කණ්ණාඩිය හඳුන්වන්න පුලුවන්. සමහරු හිතනවා ඇති අව්කණ්ණාඩි ඉතාම මිල අධිකයි කියලා. නමුත් ඉතාම පහසු මිල ගණන් යටතේ අව්කණ්ණාඩි ලබා ගන්න පුලුවන්. හැබැයි ඊට කලින් දැනගන්න ඕනේ වටිනාම කාරණාව තමයි, අව්කණ්ණාඩි මිලදී ගැනීමේ දී තමන්ගේ ඇස්වල පෙනීමට අදාළ නිවැරදි අව්කණ්ණාඩි දෙකක් තෝරාගැනීම. නිසි ආකාරයෙන් ඇස් දෙක පරීක්ෂා කර ගෙන, ඔබට හරියටම ගැළපෙන අව් කණ්ණාඩි මිලදී ගන්න නම්, ඒකට විශ්වාසවන්ත හරි තැනකට යන්න ඕනේ. මොකද ඔයාගේ ඇස්දෙක තමයි ඔයාට තියෙන වටිනාම වස්තුව. ඒක ආරක්ෂා කරගන්න එක ඔයාගේ වගකීමක්. අව්ව කොච්චර තිබුණත් හානිකර කිරණ කොච්චර ආවත් නිවැරදි ඇස්කණ්ණාඩි දෙකක් දැම්මොත් ඔයාගේ ඇස්දෙක ඔයාට කිසි බයක් නැතුව ආරක්ෂා කරගන්න පුලුවන්. -



අදහස් (0)

මේ දිනවල පවතින අධික උෂ්ණත්ව සහ දැඩි හිරු එළිය ඇස්වලට ඒතරම් හොඳ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site