IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී ව්‍යාපාර සමූහයේ සභාපති හේමක අමරසූරිය මහතා සහ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා එම අවස්ථාවට එක්වෙමින් 

 


ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක් පාර්ශ්වයක් ශක්තිමත් කරමින් වෙරළ තීරය පිරිසිදු කිරීමේ අගය පිළිබඳ මහජනතාව උනන්දු කරවීමේ “Beach Cleaning Day” වැඩසටහන අති සාර්ථක ලෙස පසුගියදා සංවිධානය කරන ලදී.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) හා ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගයෙන් Clean Ocean Force" වන අරණ යන පරිසර සංවිධාන හා පරිසරවේදීන් රැසක් සමග එක්වෙමින් සී. ඩබ්ලිව් මැකී පීඑල්සී කාර්ය මණ්ඩලයේ ශ‍්‍රම දායකත්වයෙන් “Beach Cleaning Day” වැඩසටහන ගල්කිස්ස වෙරළ තීරයේදී ක‍්‍රියාත්මක කෙරිණ.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සභාපති හේමක අමරසූරිය මහතා වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් “රට වටකර පවතින මුහුදෙන්, ලස්සන වෙරළ තීරයකින් හා ස්වභාවික සෞන්දර්යකින් අපේ රට පොහොසත්. පරිසර දුෂණය හා කාලගුණ විපර්යාසයන් ගැන දිනෙන් දින නරක ආරංචි වැඩි වැඩියෙන් ලැබෙනවා. නිරන්තරයෙන් ආයතනික සමාජ වගකීම් නොපිරිහෙලා ඉටුකරමින් කටයුතු කරන අප ආයතනයට එය මහත් කම්පනයක් ඇති කළා. ඒ නිසාම ව්‍යාපාර ආයතනයක් විදිහට පරිසරය සුරක්ෂිත කිරීමේ මෙහෙවරට දායකත්වයක් හා නායකත්වයක් දීමේ අරමුණෙන් අප Beach Cleaning Day වැඩසටහන ආරම්භ කළා. ” යැයි පැවසීය.

පසුගිය වසර කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකා මුහුදු තීරය හා වෙරළ දුෂණය වීමේ අවදානමට මුහුණ පෑවේ ජල ජීවී හා මනුෂ්‍ය ජීවිත වෙත මහත් තර්ජනයක් එල්ල කරමිනි. මෙම තත්ත්වය මත වගකිව යුතු රාජ්‍ය ආයතනයන් විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සමුද්‍ර ආරක්ෂණ කටයුතු සඳහා පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන හා සංවිධානයන්ගේ දායකත්වය ලබාදීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා අදහස් දක්වමින් “අපගේ මෙම කටයුත්තට පුද්ගලයන් රැසක් සහයෝගය ලබාදීම ගැන මා බෙහෙවින් සතුටු වනවා. සාර්ථකත්වය හඹා යන ව්‍යාපාර සමූහයක් වුවත් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් වෙනස් තිරසර ක‍්‍රමවේදයකින් අප ව්‍යාපාර පවත්වාගෙන යනවා. අපගේ සය වැදෑරුම් තිරසර නිෂ්පාදන ක‍්‍රමවේදය හරහා තත්ත්වයෙන් උසස් භාණ්ඩ පාරිභෝගිකයා වෙත ලබාදෙන අතර පාරිභෝගිකයාත් අපත් ජීවත්වන පරිසරයේ සුරක්ෂිතතාවය රැකගැනීම ගැනත් අවධානය යොමුකොට තිබෙනවා. ” යැයි පැවසීය.

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ ජනප‍්‍රිය සන්නාම රැසක ආනයන, අපනයන, නිෂ්පාදන, අලෙවිකරණ හා බෙදාහැරීම් සේවා ඉටු කරන කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සිදුවන්නේ පරිසර ආරක්ෂණය තහවුරු කළ තිරසර ක‍්‍රමවේදයක් යටතේ ය. PET එකතු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය, ජල පිරිපහදුව, වීදුරු පානීය ජල බෝතල් නිෂ්පාදනය, ISO 14001:2015 සහතික ලත් නිෂ්පාදනාගාරයක්, හරිත වාර්තාකරණය හා සමුද්‍ර දුෂණය වැළැක්වීමේ ක‍්‍රියාමාර්ග යන සය වැදෑරුම් තිරසර නිෂ්පාදන ක‍්‍රමවේදයක් සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී තුළ ක‍්‍රියාත්මක වේ.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහය විසින් “Recycle for Future Generation” ව්‍යාපෘතිය යටතේ “නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” EPR ප‍්‍රතිපත්තිය මත පිහිටමින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ප‍්‍රමුඛ සමාගමක් වන Eco Spindles (Pvt) Ltd. සමග එක්ව පරිසරයේ ඇති ප්ලාස්ටික් නැවත එකතු කරමින් ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම ආයතනික හා සමාජ වගකීමක් ලෙස ඉටුකරමින් සිටියි.

තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා විමේ දී ආයතනික කාර්යසාධනය මැනිම සඳහා වන මිනුම් දණ්ඩක් ලෙස සැලකෙන හරිත වාර්තාකරණය භාවිතා කිරීමෙහිලා සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහය විසින් පරිසර අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ජාතික හරිත වාර්තාකරණ ක‍්‍රමවේදය සමග ලියාපදිංචිය ලබා ඇත.

විමසීම්:

චම්පිකා තල්ගොඩපිටිය - අධ්‍යක්ෂිකා (මහජන සම්බන්ධීකරණ)

දුරකතන: 0773 856 757

ඊමේල්: [email protected]



අදහස් (2)

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

mahesh menaka Wednesday, 12 October 2022 04:21 PM

හොඳ වැඩපිළිවෙලක්

:       0       4

මහින්ද Saturday, 19 November 2022 02:26 PM

ඉතාම වැදගත් මේ වෙලාවෙ අත්‍යාවශ්‍යම කාර්යයකට ඔබ මැදිහත්වීමට කල්පනා කලේ. වෙරල පිරිසුදුව තබාගැනීම වගේම එහි ඛාදනය නැවැත්වීම ඉතා වැදගත්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site