IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


නිරෝගිමත් සහ පැහැපත් සමක් ලබාගැනීම උදෙසා පාරම්පරික දේශීය සහල් සත්කාරය

වසර 2,500 කටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ වී ගොවිතැන සඳහා හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්. කලක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත වූ ශ්‍රී ලංකාව, ස්වදේශීය සහල් වර්ග 3,000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හදුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත පාරම්පරික රතු සහල් වර්ග වන  සුවඳැල්, කඵ හීනටි, මඩතවාලු වැනි දේශීය පාරම්පරික වී වර්ග සඳහා ඒවායේ පවතින ඖෂධීය ගුණය නිසා සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. විශේෂයෙන්, සුවඳැල් වැනි ඉහළ ඖෂධීය ගුණයක් සහිත දේශීය සහල් වර්ග අතීතයේ සිටම රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කර තිබෙන නමුත්, වර්තමාන පරපුර අතර මෙහි ප්‍රයෝජන පිළිබඳ ඇත්තේ අවම දැනුමක්. 

පැහැපත් මෙන්ම නිරෝගී සමක් යනු ඕනෑම අයකුගේ සිහිනයක්. මේ සඳහා විටමින් සහ ඛනිජ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් සහල් සත්කාරයන් සිදුකිරීම එම සිහිනයන් යථාර්තයන් බවට පත්කර කරගැනීමට ඉවහල් වනවා. 

"සුවඳැල්" යන පදය පැමිණෙන්නේ මෙම විශේෂිත සහල් වර්ගයට ඇති විචිත්‍රවත් සුවඳ නිසාවෙන්. මෙම සහල් වර්ගයට සමෙහි පැහැය වර්ධනයට මෙන්ම, සමබර කායික වර්ධනයක් සඳහා උපකාරී වීමේ හැකියාවක්ද ඇති බව සනාථ වී තිබෙනවා. මෙම  සුවිශේෂී සහල් වර්ග වගා කිරීම බොහෝ විට පුජනීය පිළිවෙත් වලට අනුකූලව සම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් සිදු වනවා. එම නිසා මෙහි අස්වනු නෙලාගැනීම සඳහා වැඩි කාලයක් ගත වනවා. නමුත් පසුගිය දශක කිහිපයක කාලය තුල, වැඩි වශයෙන් වාණිජමය අවශ්‍යතා සඳහා සහල් නිෂ්පාදනය වැඩි වත්ම, සම්ප්‍රදායික ක්‍රමෝපායන් හරහා වගාකරන සහල් සඳහා අඩු අවධානයක් යොමුවී ඇත. මේ හමුවේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉහළ දායකත්වයක් ලබාදෙන පෝෂණීය ගුණයන්ගෙන් අනූන පාරම්පරික සහල් භාවිතය කෙමෙන් කෙමෙන් අඩුවන ප්‍රවණතාවයක් දැකගත හැකි වනවා.  

සාම්ප්‍රදායික සහල් වල පෝෂණ ගුණය ගැන ගැඹුරට සොයා බැලුවහොත්, දුඹුරු සහල් වල සුදු සහල් වර්ග වලට වඩා වැඩි ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් ප්‍රමාණවත් කොටසක් මෙම සහල් වර්ග වල අන්තර්ගත වෙනවා. සාම්ප්‍රදායික සහල් වර්ග තුළ දක්නට ලැබෙන ප්‍රබලතම ප්‍රතිඔක්සිකාරකය වන ෆෙරුලික් ඇසිඩ් මඟින් දිදුලන සමක් ලබා දෙනවා සේම පාරජම්බුල කිරණ වලින් සමට ස්වාභාවිකව ආරක්‍ෂා ලබා දීමට හැකියාව පවතිනවා. තවද මේවායේ ඇති විවිධ ඖෂධීය ගුණයන් හට සමේ තෙතමනය වැඩි දියුණු කරමින් සම පෝෂණය කිරීමේ ඉහළ හැකියාවක් පවතිනවා.  මෙම පාරම්පරික සහල් වල ලිපිඩ අඩංගු නිසා, සම අභ්‍යන්තරය ශක්තිමත් කර සමේ අම්ල ආවරණ පවත්වා ගනිමින් අත්‍යවශ්‍ය තෙතමනය ද රඳවා ගන්නවා. සාම්ප්‍රදායික සහල් වල ඇති Epidermal Growth Factor (EGF) මගින්  සමේ සෛල වර්ධනය සිදු කර වියලි හා රැලි පෙනුම අඩු කරමින් ක්‍රියාකාරීව ආරක්ෂා කරනවා. සහල් වල ඇති EGF යනු ප්‍රෝටීන් වන අතර එය මිනිස් EGF වලට සමානයි. එය සමේ වැඩෙන සෛල උත්තේජනය කිරීමට සහ සෛල වල පැවැත්මට උපකාරී වෙනවා. මෙම සියලු සම රැකවරණ ගුණාංග සමෙහි පැහැය වැඩි දියුණු කරන අතර සමෙහි තෙතමනය ආරක්ෂා කර දෙනවා. 

වර්තමානයේ සෞඛ්‍ය ගැන දැනුවත් පිරිස වැඩි නිසා බොහෝ දෙනා ස්වාභාවික සමේ සත්කාර වෙත යොමු වෙනවා. ඒ වගේම පෞරාණික රූපලාවණ්‍ය චාරිත්‍ර සහ දිදුලන, තරුණ සමක් සඳහා සාම්ප්‍රදායික සහල් වල වැදගත්කම පිළිබඳව ද වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා.



අදහස් (1)

නිරෝගිමත් සහ පැහැපත් සමක් ලබාගැනීම උදෙසා පාරම්පරික දේශීය සහල් සත්කාරය

සුරලොව ඇල්මන් Wednesday, 22 September 2021 07:37 AM

අපි කුඩා කාලයේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි ලීවෙමු.එකලත් අවුරුදු දෙදහස් පංසියයක් ගැන කීවෙමු.කාලය ගතවීම තිතක් තබා නවතා තිබේද

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site