IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


නූතන නිවෙසට සෞන්දර්යාත්මක සිරියක් ගෙනෙන ශ්‍රී ලාංකික ඛණිජ සම්පත - තිරුවාණා

ශ්‍රී ලංකාවේ ස්වභාවික තිරුවාණා සම්පත ලොව විශිෂ්ටත්වයෙන් ඉහළම පාෂාණ විශේෂයක් ලෙස සැළකේ
 

Quartz හෙවත් තිරුවාණා ලෙසින් හැඳින්වෙන පාෂාණ විශේෂය ශ්‍රී ලාංකික අපට ඉතා හුරුපුරුදු පාෂාණ වර්ගයක්. අපි සමහරු පොඩි කාලේ මැණික් ගල් විදියට තිරුවාණා ගල් අරන් සෙල්ලම් කරලා තියෙනවා. ඒ වගේම තිරුවාණා ගලින් හදපු බුද්ධ ප්‍රතිමා වගේ අලංකාර නිර්මාණ අපි දැකලා තියෙනවා. තිරුවාණා කියලා කියන්නේ පොළෝ තළයේ ස්වභාවිකවම නිර්මාණය වෙන ඉතා ශක්තිමත් වගේම දැකුම්කළු පාෂාණ විශේෂයක්'

ඒත් තිරුවාණා පාෂාණ වලින් නිර්මාණය කළ කවුන්ටර් ටොප්ස් (Countertops) වර්තමානයේ ගෘහාලංකරණය වෙනුවෙන් විශාල වශයෙන් යොදා ගන්නා බව ඔබ දැන සිටියාද ? ඔව්, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ කවුන්ටර් ටොප්ස් සඳහා භාවිතා වෙන්නේ ටයිල්, ග්‍රැනයිට්, එහෙම නැතිනම් මාබල්. ඒත් ලෝකය පුරා අනිත් රටවල් දිහා බැලුවාම තිරුවාණ ගලින් නිර්මාණය කරපු කවුන්ටර් ටොප් (Quartz Countertops) වඩා ජනප්‍රිය බව පෙනී යනවා .

 

සොබා දහමේ ආශිර්වාදයෙන් අපි තිරුවාණා අඩුවක් නැති බිමක හිටියත්, මේ දායාදයෙන් අපි ඇත්තටම හරි ප්‍රයෝජනයක් ගන්නවාද ?

තිරුවාණා වලින් නිර්මාණය කරපු කවුන්ටර් ටොප්ස් නූතන නිවසකට යොදා ගැනීම නිවස දැකුම්කළු කිරීමට වගේම වාසිදායක කිරීමට හේතු වෙන කාරණා ගණනාවක් තියෙනවා.

 

ආකර්ෂණීය හා දැකුම්කළු පෙනුම

තිරුවාණා වලින් නිර්මාණය කරපු කවුන්ටර් ටොප්ස්වල තියෙන්නේ ඉතාම සුමට, සෞන්දර්යාත්මක පෙනුමක්. තිරුවාණවලින් කරපු කලා නිර්මාණ දැකලා තියෙන අයට මේ සුමුදු ආකර්ෂණීය ස්වභාවය හිතෙන් මවා ගන්න පුළුවන්. කවුන්ටර්ටොප්ස් සඳහා භාවිතා කරන ටයිල්, ග්‍රැනයිට් හෝ මාබල් මතුපිටවල් එක්ක තිරුවාණා මතුපිට සමඟ සන්සන්දනය කරන ඕනෑම කෙනෙක්ට මේ වෙනස පැහැදිලිව දකින්න පුළුවන්.

 

කාලයත් සමඟ පරණ නොවන, කල් පවතින ගතිය

තිරුවාණා කියන්නේ ඕනෑම දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන ඛණිජ විශේෂයක්. අධික සීතල හෝ උණුසුම තිරුවාණා කවුන්ටර් ටොප්ස් වලට බලපාන්නේ අවම වශයෙන් නිසා කාලයත් එක්ක දැකුම්කළුබව අඩු වෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ නිසා තිරුවාණා කවුන්ටර් ටොප්ස් නිතර නිතර භාවිතා වෙන මුළුතැන්ගේ සහ නාන කාමර සඳහා විශේෂයෙන්ම යෝග්‍ය වෙනවා.

 

පිරිසිදු බව සහ නඩත්තුව පහසු වීම

තිරුවාණා පිළිබඳව දන්නා ඕනෑම කෙනෙක් දන්නවා එය ස්වභාවිකවම පිරිසිදු පාෂාණ විශේෂයක් බව. ඒ නිසා තිරුවාණා කවුන්ටර් ටොප්ස් අනෙකුත් වර්ගවල කවුන්ටර් ටොප්ස් වලට වඩා පිරිසිදු බවින් ඉතා ඉහළයි. අනෙකුත් කවුන්ටර් ටොප්ස් වලට වඩා පැල්ලම් සහ පිරිසිදු කිරීමේ ද්‍රව්‍යවල ඇති රසායනික බලපෑම්වලට ඔරොත්තු දෙනවා.

ඒ වගේම ශක්තිමත් පාෂාණ විශේෂයක් විදියට තිරුවාණ සීරීම්වලට ඔරොත්තු දෙනවා. මේ හේතුව නිසා තිරුවාණා කවුන්ටර් ටොප්ස් නඩත්තු කිරීම ඉතාම පහසුයි. කොයි තරම් කල් ගියත් තිරුවාණා කවුන්ටර් ටොප් එකක නැවුම් ගතිය හැමදාම පවතිනවා.

 

Crystalstone හඳුන්වා දෙන Quartz Countertops

ශ්‍රී ලංකාවේ වෙළඳපොල තුළ තිරුවාණා කවුන්ටර් ටොප්ස් ප්‍රචලිත කරන්නේ 100% ක්ම දේශීය ව්‍යාපාරයක් වෙන ක්‍රිස්ටල් ස්ටෝන් (Crystalstone) සමාගම. අපනයන ක්ෂේත්‍රයේ දශක ගණනාවක් පුරා කීර්තියක් දිනා සිටින CeyQuartz සමූහ ව්‍යාපාරයේ කොටසක් වන Crystalstone සමාගම සම්පූර්ණයෙන්ම දේශීය තිරුවාණා සම්පත යොදා ගෙන, දේශීය තාක්ෂණය හා නිපුණතාවය ආශ්‍රයෙන් ජාත්‍යන්තර මට්ටමේ Quartz Countertops කවුන්ටර් ටොප්ස් ශ්‍රී ලාංකික වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.

Crystalstone කවුන්ටර් ටොප්ස් නිරීක්ෂණය කරන කෙනෙක්ට එහි තිබෙන සෞන්දර්යාත්මක බව, උසස් තත්ත්වයේ පෙනුම ගැන කිසිම විවාදයකින් තොරව එකඟ වෙන්න පුළුවන්. නූතන නිවාසයකට සුඛෝපභෝගී හා ඉහළම පන්නයේ පෙනුමක් තිබෙන කවුන්ටර් ටොප්ස් අවශ්‍ය බව අපි දන්නවා. Crystalstone කවුන්ටර් ටොප්ස් නිර්මාණය කර තිබෙන්නේ මේ අවශ්‍යතාවය 100% ක්ම හොඳින් සම්පූර්ණ කරන විදියට.

කලින් සඳහන් කළා වගේම Crystalstone කවුන්ටර් ටොප්ස් කල්පවතින බව, නඩත්තුවට පහසු වීම, නැවුම් බව හා ආකර්ෂණීය බව නොනැසී පැවතීම කියන කාරණා අතින් අනෙකුත් නිෂ්පාදනවලට වඩා ඉදිරියෙන්ම පවතිනවා.

මේ ගැන වැඩිදුර විස්තර ලබා ගැනීමට කැමති කෙනෙක්ට පුළුවන් www.crystalstone.lk වෙබ් අඩවියට පිවිස හෝ 773 150111 දුරකථන අංකයෙන් හෝ [email protected] ඊමේල් ලිපිනය හරහා Crystalstone සමාගම සම්බන්ධ කරගෙන ඒ විස්තර ලබා ගන්න. පාරිභෝගික අවශ්‍යතාවයන් ගැන හොඳ අවබෝධයක් තිබෙන විශේෂඥ කණ්ඩායමක් සමඟ උපදේශනය ලබා දීමට Crystalstone සමාගම සැදි පැහැදී සිටිනවා.

Crystalstone සමාගම සිය නිෂ්පාදන ක්‍රියාවලීන් වෙනුවෙන් ISO 9001:2015 සහ ISO 14001:2015 සහතිකකරණයන් දිනූ සමාගමක් වගේම පාරිභෝගික වෙළඳපොළට පිවිසීමට පෙර ශ්‍රී ලංකාවේ මෙන්ම පිටරටවල පවා දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවලට පඩිපෙළ, හා බිම ඇතිරීම වෙනුවෙන් තිරුවාණා නිෂ්පාදන සැපයූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණ සමාගමක්. මේ නිසා Quartz Countertops ගැන උනන්දුවක් දක්වන ඔබට විශ්වාසයෙන් ඔවුන්ගේ සහය ලබා ගැනීමට හැකියි.



අදහස් (0)

නූතන නිවෙසට සෞන්දර්යාත්මක සිරියක් ගෙනෙන ශ්‍රී ලාංකික ඛණිජ සම්පත - තිරුවාණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site