IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවා ආරක්ෂා කර ගනිමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි.

දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැරදි ප්‍රථමධාර ලබා දීමෙන්, අනතුරු හා එහි බලපෑම් අවම කළ හැකිය.

දරුවෙක් වැටීමෙන් පසු දෙමව්පියන් පළමුවෙන්ම ඉන් කලබලයට පත් නොවී, හඬන, කෑ ගසන දරුවාව සුරක්ෂිතව තමන්ගේ තුරුළට ගෙන අස්වැසිය යුතුය. කතා කළ හැකි වයසක දරුවෙකු නම් වැටීමෙන් ගැටුණු ස්ථාන පිළිබඳව විමසිය යුතු අතර ළදරුවෙකු නම් දරුවාව සමීපව නිරීක්ෂණය කර, සිදු වී ඇති දේ සොයා බැලිය යුතුය. හිස වැදී ඇත් නම් හෝ යම් තැනක් ඉදිමී ඇත්නම් උණුසුම් දේවලින් තැවීම නොකළ යුතුය. වේදනාව සමනය කිරීමට අයිස් කැටයක් පිරිසිදු රෙදි කැබැල්ලක දවටා මෘදු ලෙස තැලුම් ස්ථානය මත තැබිය යුතුය. මෙහි දී එකතු වූ රුධිර කොටස් පවතියි නම් ඒවා තුනී වී යයි. කිසි විටෙක අයිස් සෘජුව සම මත නොතැබිය යුතුය.

දරුවෙකුගේ හිස වැදුණු සැනින් වමනය කිරීම එම වැදීමේ ප්‍රතිඵලයක් නොවේ. දරුවා නිශ්චලව සිට පැයක් ඇතුළත වමනය කළ හොත් එය මෙම හිස වැදීමේ ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැකිය. පැයකින් පසුවත් දරුවා වමනය කරන්නේ නම් දරුවාව රෝහල වෙත රැගෙන යා යුතුය. එසේම දරුවා පැය 1 -1 1/2 අතර කාලය තුළ සිහිමද ගතිය, නිදි බර ස්වභාවය, සෙල්ලම් කිරීම අඩු වීම හා කිරි නොබීම වැනි ලක්ෂණ පෙන්නුම් කළ හොත් දරුවාව හැකි විගස රෝහලට රැගෙන යා යුතුය.

වැටීමෙන් පසු දරුවා සති ගණනාවක් ස්නානය නොකර තැබීම දරුවාගේ සෞඛ්‍ය කෙරෙහි බලපායි. විෂබීජවලින් දරුවා ආරක්ෂා කළ යුතු නිසා හිස වැදීමකින් පසුව වුව ද ස්නානය කරවීම ගැටලුවක් නොවේ.

පිළිස්සීම් ද නිවසේ දී බහුලව සිදු වන අනතුරකි.

අනාරක්ෂිත විදුලි පේනු, විදුලි උපකරණ මෙන්ම, ගිනි පෙට්ටි, ඉටි පන්දම් වැනි දේ දරුවාගේ අතට හසු නොවන සේ ආරක්ෂිතව තැබීමෙන් පිළිස්සීම් වළක්වා ගත හැකියි.

පිළිස්සීමක දී මව්පියන් සන්සුන්ව සිට, දරුවා රෝහලකට රැගෙන යාමට ප්‍රථම පිළිස්සුම් ස්ථානය ගලා යන සිසිල් ජලයට විනාඩි 20ක් පමණ අල්ලා තැබීම කළ හැකිය. දැඩිව පිළිස්සී හෝ ඇඳුම් ඇඟට ඇලී ඇත්නම්, කිසි විටෙක එම ඇඳුම් ඉවත් නොකිරීම හා ඇඳුම් ඇන්දවීමෙන් වැළකිය යුතුය. කිසිදු ආලේපයක් ද නොගැල්විය යුතුය. සමේ මතුපිට කිසිවක් ආලේප නොකර, ඉතා සෞම්‍යව තැබීමෙන් මෙම උණුසුම පිටතට ගොස් අභ්‍යන්තරයට හානි වීම අවම කරයි.

නොසැළකිලිමත් බව හා නොදැනුවත්කම නිසා වන අනතුරු වැළැක්වීම හා අවම කිරීමෙන් දරුවාට සුරක්ෂිත ලොවක් නිර්මාණය කළ යුතුය.

නිලුක්ෂි තිලකසිරි

පවුල් සෞඛ්‍යය සේවා නිළධාරිනී,

මනෝ විද්‍යා උපදේශිකා, මනෝ චිකිත්සක



අදහස් (0)

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 263 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16155 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 586 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site