IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම ඇති ඩිජිටල් මෙවලමක් වෙත පිවිසීමට මහජනතාවට හැකියාව ඇත . 

‘2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සංසන්දකය’ යැයි මෙම මෙවලම නම් කර තිබෙණ අතර, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙන වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ඔවුනොවුන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයන්වලින් ලබා දී, ඇති පොරොන්දු ඊට එකතු කර ඇත.

පොරොන්දු එකතු කිරීමේ දී, ප්‍රකාශයන් සහ පුරෝකථනයන් හා බැදුණු පොරොන්දු නොසළකා හැර ඇත. ඒ වෙනුවට ක්‍රියාවක් හා බැදුණු පොරොන්දු කෙරේ අවධානය යොමු කර ඇත. එවැනි පොරොන්දු 1500කට අධික ප්‍රමාණයක් මෙම මෙවලමට ඇතුළත් ය.

එහි ඇති ප්‍රතිපත්ති ප්‍රකාශක සංසන්දකයෙන් අපේක්ෂකයින් ලබා දී, ඇති පොරොන්දු තේමා 15ක් ඔස්සේ එකිනෙක සසඳා බැලීමට හැකිය.

තවද, පරිශීලකයන්ට ඔවුන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයන් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ද, මෙම මෙවලමින් සළසා දී, ඇත. එසේ නිර්මාණය කරන ‘මනංකල්පිත’ ප්‍රතිපත්ති ප්‍රකාශයන් ප්‍රධාන අපේක්ෂකයින් තිදෙන ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයන් සමග කොපමණ තරමකට ගැලපේ ද, යන්නත් ඉන් කියයි.

මෙම වෑයම ගෝලීය වශයෙන් ද, සුවිශේෂී වන අතර, වෙරිටේ රිසර්ච් හි පාර්ලිමේන්තු පර්යේෂණ අංශය වන Manthri.lk වේදිකාවේ මෙම මෙවලම ස්ථාපිත කර තිබේ.

වැඩි විස්තර සදහා පහත සබැදිය භාවිතා කරන්න. දක්වා ඇති QR හරහා ද, සම්බන්ධවීමට පිළිවන. https://manthri.lk/en/presidential-election-manifesto-2024

 



අදහස් (0)

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site