IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පළමු වරට සංවිධානය කරන ලද, Diversity, Empowerment, and Inclusivity – (DEI) Championship Awards සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර විය. මෙම සම්මාන උළෙල - යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලයේ සම-මූල්‍ය ආධාරයත්, GIZ Sri Lanka සහ අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍යංශයේ හවුල්කාරීත්වයත් යටතේ පවත්වන ලදී. 

කාන්තාවන් සවිබල ගැන්වීම සහ ආබාධිත සේවකයන් බඳවාගැනීම සඳහා ක්ලීන්ටෙක් ආයතනය දරන ලද පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන ලදී. මෙමඟින් ආයතනික ක්ශේත්‍රයෙහි නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන ලදී.

සාම්ප්‍රදායිකව පුරුෂ ආධිපත්‍යයක් පැවති කර්මාන්තයක, ක්ලීන්ටෙක් ආයතනය විසින් කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා සහ ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව සිය මෙහෙයුම් කටයුතු සඳහා කාන්තා ශ්‍රමිකයින් බඳවාගැනීම කරන ලදී. ආයතනයේ සේවක සංඛ්‍යාව 1,700ක් වන අතර, ඉන් 423ක් කාන්තාවන් වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තනි වූ මව්වරුන් මෙන්ම සමාජයේ අඩු වරප්‍රසාදලාභී පවුල් පෝෂණය කරන්නන් ලෙස කටයුතු කරයි. මෙම කාන්තාවන්ට රැකියාවක් යනු හුදෙක් ආදායම් මාර්ගයක් පමණක් නොව, ඔවුන්ගේ ස්ථාවරත්වය සහ ස්වාධීනත්වය සඳහා වූ මාවතකි.

ක්ලීන්ටෙක් ආයතනයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ, ඔවුනට මූල්‍ය සාක්ෂරතා වැඩමුළු, සෞඛ්‍ය සහ පෞරුෂ වර්ධන වැඩසටහන්, කාන්තා අධීක්ෂණ නිලධාරිනියන් පත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය දක්වා විහිදෙන වෘත්තීය මාර්ග විවෘත කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබේ. අතීතයේ දී පවිත්‍රතා සේවිකාවන් ලෙස සේවය කළ කාන්තාවන්, අද විධායක නිලධාරිනියන් දක්වා උසස්වීම් ලබා ඇති අතර, පිරිසිදුකරන්නියන් ලෙස කටයුතු කළ කාන්තාවන් වර්තමානය වනවිට අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන කළමනාකරණය කරයි. එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය මෙන්ම ඔවුන්ගේාර්ථික මට්ටම සහ ස්වාධීනත්වය දියුණුවට පත්ව තිබේ.

ක්ලීන්ටෙක් ආයතනයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සඳහා - ශ්‍රවනාබාධිත, දෘශ්‍යාබාධිත, ශාරීරික දුබලතා මෙන්ම සංජානන දුෂ්කරතා සහිත පුද්ගලයන් ද සේවයට බඳවාගෙන ඇත. එය ස්ත්‍රී - පුරුෂ සමාජභාවයෙන් ඔබ්බට ගිය ක්‍රියාවලියකි. ඇතැම් අවස්ථාවලදී, දෙමාපියන්ට සහ ඔවුන්ගේ වැඩිහිටි ආබාධිත දරුවන්ට එකට වැඩ කිරීමට අවස්ථා සලසා දී ඇති අතර, එමගින් ඔවුන්ට ගෞරවනීය අර්ථවත් රැකියාවක් ලබා දී තිබේ. සේවකයන් අතර යුගල ක්‍රමයක් (pairing system) භාවිතා කිරීම, සේවා ස්ථානයේ අවශ්‍යතා අනුව පහසුකම් සැලසීම සහ සහකම්පණික භාවිතයන් ඔස්සේ ක්ලීන්ටෙක් ආයතනය පෙන්වා දීමට උත්සාහ දරන්නේ, බොහෝ විට සමාජයේ අඩු නිපුණතා සහ අඩු ගෞරවයක් සහිත කර්මාන්තයක් ලෙස නිරන්තරයෙන්ම සලකනු ලබන අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය, ප්‍රගතිශීලී සේවා නියුක්තියක් සඳහා කදිම තෝතැන්නක් විය හැකි බවයි.

“මෙය අපගේ ආයතනයේ ජයග්‍රහණයක් පමණක් ම නොවේ. මෙය, අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියුතු, සමාජයේ අඩු පිළිගැනීමට ලක් වූ, දායකත්වය අත්‍යවශ්‍ය වුවත් බොහෝ විට නොසලකා හරිනු ලබන, පුද්ගල කාණ්ඩයක සාමූහික හඩයි. ස්ත්‍රී පුරුෂ භේදයකින්තොරව, හැකියාවකින් හෝ පසුබිමකින් තොරව සෑම කෙනෙකුටම නිසි තැනක් හිමි වූ විට ප්‍රගතියක් ඇති වන බවට වන අපගේ විශ්වාසය මෙම සම්මානය ඔස්සේ නැවත වරක් තහවුරු කරයි.” යනුවෙන් ක්ලීන්ටෙක් පුද්ගලික සමාගමේ පරිපාලන, පර්යේෂණ හා සංවර්ධන සහ විශේෂ ව්‍යාපෘති සඳහා වූ ජ්‍යෙෂ්ඨ කළමනාකාරී කවින්ද්‍යා බස්නායක පැවසීය.

මෙම සම්මානයට අමතරව, ක්ලීන්ටෙක් ආයතනය පසුගියදා WiLAT 2025 සම්මාන උළෙලේ දී තිරසාරත්ව ශූරතා සම්මානය (Sustainability Champion Award) දිනාගත් අතර, තිරසාර නවෝත්පාදන මෙහෙයවීම වෙනුවෙන් ආයතනයේ සේවය කරන කාන්තා වෘත්තිකයින් ද ඇගයීමට ලක්විය. සෑම ජයග්‍රහණයකින් ම අවධාරණය කරන්නේ; සමානාත්මතාවය සහ සියලු දෙනා අන්තර්ග්‍රහණය කිරීම ව්‍යාපාරයෙන් විතැන් වූවක් නොව, ඒවා ව්‍යාපාරයේ මූලික හරය වන බවයි.

වසර 20කට අධික කාලයක් පුරා ක්ලීන්ටෙක් ආයතනය, ශ්‍රී ලංකාවේ කාර්මික, නාගරික, සහ වාණිජ අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සැපයීමේ පෙරමුණේ පසුවේ. ආයතනයේ තාක්ෂණික ප්‍රවීණතාවය, මෙහෙයුම් විශ්වසනීයත්වය, සහ චක්‍රීය ආර්ථික පිළිවෙත් හි පුරෝගාමී භූමිකාව හොඳින් ස්ථාපිත වී තිබේ. ආයතනයට ලැබුණු නවතම ඇගයීම හුදෙක් අපද්‍රව්‍ය කළමනාකරණයට ලැබුණු පිළිගැනීමක් නොව, ජනතාවට ලැබුණු පිළිගැනීමකි. එය ගෞරවය, සමානාත්මතාවය, සහ අන්තර්ග්‍රහණය කිරීම මත පදනම් වූ ශ්‍රම බලකායක් ගොඩනැගීමයි.

ආයතනික ලෝකයේ විවිධ හැකියාවන්ගෙන් සමන්විත පුද්ගලයින් හට සමාන අයුරෙන් සැලකීම තවමත් දුර්ලභ වන අතර, ආබාධිත පුද්ගලයන් බඳවාගැනීම බොහෝ විට සීමිතව සිදුවේ. එවැනි රටක ක්ලීන්ටෙක් ආයතනය රටට ම ආදර්ශයක් සපයනු ලබන්නේ, තිරසාර වර්ධනය මනින්නේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද අපද්‍රව්‍යවල ප්‍රමාණයෙන් හෝ උපයාගත් ලාභයෙන් පමණක් නොව, උසස් වූ ජීවිතවලින් සහ සැමට සමාන අවස්ථාවන් ලබාදීමෙන් බව යළි යළිත් සනාථ කරමිනි.



අදහස් (0)

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site