IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ඔබ ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතාවය නිසි පරිදි සපුරා ගන්නවාද ?

 

මෑතකාලීනව අපේ සමාජයේ සෞඛ්‍යසම්පන්න නිරෝගී දිවිපැවැත්ම ගැන විශාල උනන්දුවක් ඇති වෙලා තිබෙන බව දැක ගන්න පුඵවන්. අන්තර්ජාලය, ආර්ථිකයේ දියුණුව වගේ වෙනස්කම් එක්ක පැමිණි හොඳ ප්‍රවණතාවයක් ලෙස මෙය හඳුන්වන්න පුඵවන්.

එය එසේ වුණත් තාමත් ශ්‍රී ලංකාවේ අපි බොහෝ දෙනා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය වන පෝෂණය ගැන සෑහීමකට පත්විය හැකි තරම් දැනුවත් නොමැති බව ඔබ දන්නවාද ? ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රෝටීන් ආහාර පරිභෝජනය පිළිබඳව කර ඇති සමීක්ෂණවලින් මේ පිළිබඳව ඉඟි පළ වී තිබෙනවා.

මුලින්ම අපි සළකා බලමු ප්‍රෝටීන් යනු මොනවාද සහ එහි වැදගත්කම සළකා බලමු. ප්‍රෝටීන් කියන්නේ සාර්ව පෝෂක ලෙසින් හඳුන්වන මිනිස් සිරුරට අත්‍යවශ්‍යම පෝෂකයක්. අපේ ශරීරයේ වැය වෙන සෛල නැවත අලුත්වැඩියා කිරීම සහ නව සෛල උත්පාදනය ප්‍රෝටීන්වල වැදගත්ම කාර්යබාරයයි. ප්‍රෝටීන්වල පමණක් අන්තර්ගත වෙන ඇමයිනෝ අම්ල මේ කාර්යභාරයේදී ඉතා වැදගත් වෙනවා.

ප්‍රෝටීන් ඌණතාවයක් ඇති වෙනකොට ලේ වල හිමොග්ලොබීන් ප්‍රමාණය අඩුවීම නිසා අධික වෙහෙස, විඩාව ඇති වීම, අවධානය යොමු කිරීමට ඇති හැකියාව අඩුවීම වගේම හිසකෙස් වැටීම වගේ ශරීරයේ වෙනස්කම් සිදු වෙන්න පටන් ගන්නවා. අපේ ප්‍රතිශක්තීකරණ හැකියාව බිඳ වැටෙන නිසා අපි නිතර ලෙඩරෝගවලට ලක් වීම සිදු වෙනවා. මේ ටිකෙන් හිතා ගන්න පු`ඵවන් ප්‍රෝටීන් සුවපත් නිරෝගී ජීවිතයකට කොයිතරම් වැදගත් ද කියලා. විශේෂයෙන්ම පෝෂණය සම්බන්ධයෙන් ජීවිතයේ වැදගත්ම අවධිවල පසුවන කුඩා දරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, වියපත් අය වගේම ගර්භණී කාන්තාවන්ට ප්‍රෝටීන් විශේෂයෙන්ම අත්‍යවශ්‍යයි.   

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව ශ්‍රී ලංකාව වගේ රටවල වැසියන්ට සම්පූර්ණ ප්‍රෝටීන් අඩුවක් නැතිව ලබා දෙන ආහාර කාණ්ඩයක් වශයෙන් පෝල්ට්‍රි කාණ්ඩයට අයත් මාංශ වර්ග සහ බිත්තර වැදගත් වෙනවා. පෝල්ට්‍රී වශයෙන් හඳුන්වන්නේ කුකු`ඵ මස්, බිත්තර, තාරා මස්, ක`ඵකුම් මස් වගේ පක්ෂී වර්ගවල මාංශ. අනෙකුත් බොහෝ සත්ත්ව ප්‍රෝටීන් ආහාරවලට වඩා පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම සහ මිලෙන් අඩු වීම මීට හේතුවක් වශයෙන් එම සංවිධානය පෙන්වා දෙනවා.

පහතින් දැක්වෙන්නේ පෝල්ට්‍රි කාණ්ඩයට අයත් ප්‍රධානතම ආහාර වර්ග වන කුකු`ඵ මස්, කුකු`ඵ බිත්තර, තාරා මස් සහ ක`ඵකුම් මස්වල අන්තර්ගත පෝෂණය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක්.

කුකුළු මස්

කුකුළු මස් පහසුවෙන් ජීර්ණය කළ හැකි ප්‍රෝටීන් අධික ආහාරයක්. කුකුළු මස්වල කොලජන් (කුකුළු මස් සම සහ ඇට කොලජන් වලින් පොහොසත්) විශාල වශයෙන් අන්තර්ගත වන අතර මාංශ පේශි වර්ධනයට අවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව තිබෙනවා. ඒ වගේම කුකුළු මස්වල විටමින් බී 12, කොලීන්, සින්ක්, යකඩ සහ තඹ වැනි ඛණීජ ලවණ, ඇමයිනෝ අම්ල, ඔබට සතුට දනවන හෝමෝනය වන සෙරොටොනින් නිපදවන ට්‍රිප්ටෝෆාන් අඩංගු වෙනවා

 

 

 

 

 

තාරා මස්

තාරා මස් සම්පූර්ණ ප්‍රෝටීන් පෝෂණය ඔබට ලබා දෙන සුපිරි ප්‍රෝටීන් ප්‍රභවයකි. ඒ වගේම ඔබේ ආහාර වේලට වෙනසක් එක් කිරීමට හොඳ ක්‍රමයක්. තාරා මස් වල අසංතෘප්ත මේද, ඔමේගා -3/ඔමේගා -6 අම්ල බහුල වන අතර අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල යහමින් පිරී තිබේ. ඊට අමතරව තාරා මස්වල කාබෝහයිඩ්රේට් නැති අතර යකඩ, සෙලේනියම්, විටමින් සී සහ බී විටමින් යහමින් ඇත.

ටර්කි හෙවත් ක`ඵකුම් මස්

ක`ඵකුම් මස් සම්පූර්ණ ප්‍රෝටීන් සපයන ප්‍රභවයක් වශයෙන් ඉතාම වැදගත් මාංශ වර්ගයක්.  සාමාන්‍යයෙන් ටර්කි මස් ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 28 ක් පමණ අන්තර්ගත වෙනවා. ප්‍රෝටීන් හැරුණු විට ටර්කි මස් වල පහත සඳහන් ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ: නියාසින්, කොලීන්, සෙලේනියම්, සින්ක්, විටමින් බී -6, විටමින් බී -12, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ ඊට උදාහරණ කිහිපයක්.

බිත්තර

බිත්තර යනු මිහිමත ඇති පෝෂ්‍යදායීම සහ ඉතා පහසුවෙන් ලබාගත හැකි ප්‍රෝටීන් බහුල ආහාර වලින් එකකි. මේ නිසා බිත්තර යනු සුපිරි ආහාරයක් ලෙසින් හැ`-දින්වීම නිවැරදියි. බිත්තරවල සෑම අත්‍යවශ්‍ය පෝෂකයකම කුඩා ප්‍රමාණයකින් හෝ අන්තර්ගත වන නිසා සමබර ආහාර වේලක ප්‍රධාන අංගයක් වීමට ඉතා සුදුසුය.

ප්‍රෝටීන් ගැන නිසි පරිදි දැනුවත්ව, ඒ දැනුම සැමට බෙදා දෙමින් අපි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු වෙමු.

 

 

 

 

 

පෝෂණවේදී හිරෝෂන් ජයරංග මහතා
BSc.(Hons) Food Science & Nutrition WUSL
(Specialized in Applied Nutrition)
MSc.Food Science & Nutrition  University of Peradeniya(R)

 



අදහස් (1)

ඔබ ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතාවය නිසි පරිදි සපුරා ගන්නවාද ?

sunil Tuesday, 28 September 2021 07:09 AM

කුකුළු මස් වල ප්‍රෝටීන් ගැන කිව්වට, කුකුළු මස් නිෂ්පාදනයේදී කෙරෙන අහිතකර ක්‍රමවේද වලින් අපට බලපාන අතුරු ප්‍රතිපලත් ,ඒවායින් වැළකෙන්නේ කෙසේද කියලත් දන්වා තිබුනානම් හොඳයි. නැත්නම් මෙම ආර්ටිකල් එක පොල්ට්රි කරුවන් ප්‍රවර්ධනය සඳහාම බව පැහැදිලිය

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site