දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක්ෂතාවය හා හැකියාව නිසා Airtel Fastest තරගාවලියේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙස ඔහු ඉස්මතු විය. ක‍්‍රීඩා පිටියේදී සතුටුදායක අවස්ථාවන්වල සිට ඔහු මෙතෙක් පැමිණි ගමන් මගේ උගත් පාඩම් දක්වා අපි එෂාන්ගෙන් විමසා සිටියෙමු. පහත දැක්වෙන්නේ උපුටා ගැනීම් කිහිපයකි
මගේ නම එෂාන් මාලිංග. මට වයස අවු 22 යි
මගේ පවුලේ ඉන්නේ අම්මායි, තාත්තා සහ නංගී විතරයි
මම වෘත්තීය මට්ටමින් ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය බව තීරණය කළේ මට වයස අවු 18 දී
මම දකුණතින් වේග පන්දු යවන්නෙක් ලෙස කටයුතු කරනවා
එදා LPL සඳහා වන auction එක තිබුණ වෙලාවේ මම පුහුණු තරගයක් ක‍්‍රීඩා කරමින් හිටියේ. ඒ වෙලාවේ එකපාරටම කණ්ඩායමේ අය කෑගැහුවා. එතකොට තමයි මම දැනගත්තේ මාව කලම්බු ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායමෙන් මිලදී ගෙන ඇති බව.
ඇත්තටම ඒ වෙලාවේ පුදුම සතුටක් දැනුනා. ඒ වෙලාවේ ගෙදර අ යමට ගොඩක් ජ්කකි අරගෙන තිබුනා. නමුත් මට ඒ වෙලාවේ ඒවාට පිළිතුරු ලබා දීමට හැකියාවක් තිබුණේ නෑ. ඒත් පස්සේ මම ජ්කක කරලා පවුලේ අයත් එකක් ඒ සතුට බෙදාහදා ගත්තා. ඇත්තටම එයාලටත් හරිම සතුටුයි ඒ ගැන.
ඇත්තටම දේශීය වගේම විදේශීය ක‍්‍රීඩකයොත් ඇවිල්ලා හිටපු නිසා අත්දැකීම් රැසක් ලබා ගන්න පුළුවන් වුනා. ඉතිං එයාලගේ අත්දැකීම් එක්ක LPL තරගාවලියේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
මම Pizza කන්න කැමතියි. හැබැයි එහෙම කැමතියි කියලා ගොඩක් කන්න කැමතිත් නෑ
ගාල්ල
විශේෂත්වය: මම beach side එකට කැමතියි
මම වේගපන්දු යවන්නෙක් නිසා මම පාකිස්ථානයේ නසීම් ශාහ්ට කැමතියි. මට ඇත්තටම එයා එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. මම ඇහුවම එයාලා පුහුණුවීම්වලදී මොනවද කරන්නේ කියලා. ඔහුගේ ගොඩක් අත්දැකීම් මාත් ඒකක බෙදාහදා ගන්තා.
මම වේගපන්දු යවන්නෙක් නිසා මම වේගපන්දු යවන්නන්ට කැමතියි. මගේ ප‍්‍රියතම ක‍්‍රීඩකයින් තමයි ළහිරු කුමාර, ලසිත් මාලිංග සහ අසිත ප‍්‍රනාන්දු
මට ක‍්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ළඟට ඇවිල්ලා ‘මල්ලි බය වෙන්න එපා ඔයාට පුළුවන් මේක කරන්න’ වගේ දේවල් කියලා අපිව නිතරම දිරිමත් කළා.
මතීෂ ගෙනත් තිබ්බා play station එකක්. ගොඩක් වෙලාවට අපි ඒක සෙල්ලම් කළා. නැත්නම් අපි pool එකේ සෙල්ලම් කරනවා.
හැමෝම යාළුවෝ. ඒත් මගේ ක්ලබ් එකේ මාත් එක්ක ක‍්‍රීඩා කරන ශශික අයියත් එක්ක තමයි මම වැඩියෙන් හිටියේ.
මම පාපන්දු ක‍්‍රීඩා කරන්න කැමතියි. ඒවගේම sing කරන්න කැමතියි.
ඹම වැඩියෙන්ම කරනවා Facebook, Instagram සහ Whatapp
ක‍්‍රිකට් සෙල්ලම් කරන්නේ නැති වෙලාවට මම නිදාගන්න කැමතියි. විනෝදාංශයක් විදියට සින්දු අහන්න කැමතියි.
මම කැමතියි මගේ cricket carrier එකේ විරාත් කෝලිගේ කඩුල්ල දවා ගන්න. නමුත් පළමු ජාත්‍යන්තර කඩුල්ල නම් මම ජාත්‍යන්තරව සහභාගී වන තරගාවලිය අනුව තමයි තීරණය වන්නේ
ශ්රී ලංකාවේ fastest ම පන්දුව යැවීම තමයි මගේ ප‍්‍රධාන ඉලක්කය. ඒවගේම ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා වීම.
මම මේ වන විට 140+kmh වේගයකින් පන්දු යවනවා
මම Airtel Fastest තරගාවලිය සඳහා පළමුවෙන්ම සහභාගී වුණේ බදුල්ල පැවති තරගාවලියට. මගේ ගම් පළාත රත්නපුරය වුවත් රුවන්වැල්ලේදී පැවති වැඩසටහනට මට සහභාගී වීමට නොහැකි වුනා. ඊට පස්සේ තමයි මම බදුල්ල පැවති වැඩසටහනට සහභාගී වුනේ. එහිදී මම 127 kmh කට පන්දු යැව්වා. පසුව අපිව කොළඹට ගෙන්නලා කොළඹ තර්ස්ටන් එකේ තිබුන පුහුණු සැසියේදී මම 131 kmh ට පන්දු යැව්වා. ඊට පස්සේ අපිට චමින්ද වාස්, අනූෂ සමරනායක, චමිල ගමගේ හා රවීන්ද්‍ර පුෂ්පකුමාර වගේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් යටතේ පුහුණු වෙන්න අවස්ථාව ලැබුණා.
පාසල් කාලයේ මම ලොකුවට ක‍්‍රිකට් ගහලා තිබුනේ නෑ. අපේ පාසලේ තිබුණේ matting එකක්. ඉතිං Airtel Fastest තරගාවලියට ආවට පස්සේ තමයි turf වල ක‍්‍රීඩා කරන්න පළමුවෙන්ම අවස්ථාව ලැබුණේ. ඇත්තටම ඒක ලොකු අත්දැකීමක් වුනා. Matting එකේ බෝල් කරනවාට වඩා turf එකේ බෝල් කරද්දී වෙනස්. අනිත් එක තමයි අපි පාසලේදී ක‍්‍රීඩා කරනවාට වඩා කොළඹදී ක‍්‍රීඩා කරන විට ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේ අත්දැකීම් ගොඩක් ලැබුණා Airtel Fastest තරගාවලියෙන්.
ඔව් ඇත්තෙන්ම. Airtel Fastest තරගාවලියෙන් ලබා ගත්ත අත්දැකීම් මට උදව් වුනා LPL තරඟාවලියට යාමට. විශේෂයෙන්ම මගේ පන්දු යැවීමේ ඉරියව්ව දියුණු කරගත්තේ Airtel Fastest තරගාවලියෙන්. Fastest තරගාවලියේදී වැඩි අවධානයක් දෙන්නේ වේගයට. එතනින් අපේ පන්දු යැවීම 140+ යවන්න පුහුණු කළ නිසා තමයි LPL වගේ ජාත්‍යන්තර තරගාවලියක් නියෝජනය කිරීමට මට අවස්ථාව ලැබුණේ.
ඔව් මම රාගම ක‍්‍රිකට් සමාජයට ක‍්‍රීඩා කරනවා.
සැමවිටම ජීවිතයට ඉලක්කයක් තබා ගන්න. එය ජයග‍්‍රහණය කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න, වෙහෙස මහන්සි වී කැප වීමෙන් පුහුණුවීම් කරන්න, හැමවිටම ඔබ ගැන විශ්වාසය තබන්න.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව