IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරමින්  සුවපත් කරන අතර, ජීවිතය නිවැරදි දිශානතිය වෙත රැගෙන යාමට ශක්තිය ලබාදෙයි. එබැවින් සැබෑ  අව්‍යාජ ප්‍රේමයක්  නිසැකවම ජීවිතයට ආශිර්වාදයකී. එහෙත් සමාජය විසින්  කරපින්නාගෙන යන  විවිධ ගතානුගතික මතවාද සහ මිණුම් දඬු ඉදිරියේ එවැනි ඇතැම් ආදරණීය සබඳතාවන් මහත් පීඩාවට ලක්වන අවස්ථාවන් ද තිබේ. පුද්ගල බාහිර පෙනුම, වයස් පරතරය, ජාති,ආගම් කුල භේදය ආදී නොයෙක් මිණුම්  සමාජය විසින් ප්‍රේමය හමුවේ ඉදිරිපත් කළද සැබෑ ප්‍රේමයක්  එවැනි සමාජ තුලාවන්ගේ තක්සේරු කිරීම්වලින් බිඳ දැමිය නොහැකිය. මන්දයත් එය පුද්ගල අධ්‍යාත්මය  සුපෝෂණය කරමින් රැකවරණය සලසන නොබිඳිය හැකි සවිමත්  බැඳීමකි.

සමාජය පනවා තිබෙන එවැනි පටු සමාජ සම්මතයන් ඉලක්ක කරගනිමින් ප්‍රබල සමාජ කතිකාවතක්  ඇති කළ  නිර්මාණාත්මක දැන්වීමක් මෑතකදී Closeup සන්නාමය යටතේ #BreakTheBarriers ලෙසින් ඉදිරිපත් කර තිබුණි. එවැනි  නිර්මාණයන් සැබවින්ම අගය කළ යුතු වන්නේ එය සමාජයේ ගතානුගතික මතවාදයන් කරපින්නාගෙන යෑම වෙනුවට ප්‍රේමයේ සැබෑ හරය පිළිබඳ සමාජ විමසුම අවදිකරවන  කාලීන නිර්මාණයක් වන බැවිනි. එම දැන්වීම තුළින් දිගහැරෙන කතාපුවත තුළ සිටින ‘ඉමේෂ් සහ ආක්ෂා’ සැබෑ ප්‍රේමය කෙරෙහි පුද්ගල බාහිර පෙනුම,භාෂා විවිධත්වය හෝ වයස බාධාවක් නොවන බව පසක් කරන අතර සමාජයට ප්‍රබල පූර්වාදර්ශයක් සපයයි.

සබඳතාවයකදී වයස යනු හුදෙක් ඉලක්කමක් පමණක් වුවද සමාජයේ ඇතැමෙක් තවමත් ඒ කෙරෙහි ඍණාත්මක මත ඉදිරිපත් කරමින් එවැනි සබඳතා අපකීර්තියට පත් කිරීමට උත්සහ කර‍යි. එහෙත් ප්‍රේම සබඳතාවකදී  වඩාත් වැදගත් වන්නේ ඔබේ අදහස් සහ සිතිවිලිවල ගැළපීම මිස වයස හෝ වෙනත් සමාජ මතයන් නොවේ.එබැවින් පරිණත හදවතක් ඇති ආදරණීය මිනිසෙකු ලෙස සැබෑ ප්‍රේමයක් ඉදිරියේ Closeup වීමට වයස තවදුරටත් බාධාවක් නොවන බව අපට තේරුම්ගත හැකිය. 

එමෙන්ම සමාජය විසින් උස-මිටි පරතරය, ශරීර වර්ණයන්, පෙනුම ආදී විවිධ  බාහිර සාධක පදනම් කරගත් සම්මතයන් ප්‍රේමය හමුවේ පනවා තිබේ. එහෙත් සැබෑ ප්‍රේමය එවැනි බාහිර සාධක මත තීරණය කළ නොහැකිය.ආදරය යනු යමෙකුගේ අභ්‍යන්තර ආත්මයක් විසින් තවත් පුද්ගල ආත්මයක් සම්පූර්ණ කිරීම සඳහා පිරිනමන තිළිණයකි.එබැවින් ආදරෙන් ළං වීමට පුද්ගල බාහිර සාධකයන් කිසිසේත්ම බාධාවක් විය යුතු නොවේ.

ප්‍රේමය විශ්ව භාෂාවක් වන අතර අප එම භාෂාව හොඳින් අවබෝධ කරගත් විට අපට ලෝකය සමඟ ගැඹුරු සබඳතාවන් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබේ.එම නිසා ජාති,ආගම්,කුල භේදයන් මෙන්ම භාෂාමය භේද වැනි සමාජය විසින් නිර්ණය කර ඇති සියලුම සීමා මායිම් ප්‍රේමය තුළින් අතික්‍රමණය කළ හැකි අතර  එම සීමාවන් කිසිසේත් ප්‍රේමයට සීමාවක් හෝ බාධාවක් නොවනු ඇත.

සමාජය විසින් ආදරය කෙබඳු විය යුතුද යන්න පිළිබඳව විවිධ සම්මතයන් පනවා තිබුණද, සබඳතාවයක පැවැත්ම රඳාපවතින්නේ එම සබඳතාවය තුළ සිටින පුද්ගලයන්ගේ අභිමතය අනුව මිස සමාජ සම්මතයන් අනුව නොවේ. #BreakTheBarriers දැන්වීම ඔස්සේ Closeup මැනවින් එය පිළිබිඹු කරන අතර ඒ කෙරෙහි සමාජ අවධානය දල්වයි.

'ප්‍රේමය සියල්ල උසුලන' අතර සැබෑ ප්‍රේමය සියලුම බාධාවන් පසෙකලා ඔබේ හදවත තුළ ගලා යනු ඇත. එමෙන්ම 'ආදරය කිරීම කෙරෙහි විශේෂ හේතුවක් අවශ්‍ය නොවන අතර ආදරය පමණක්ම එයට ප්‍රමාණවත්' ය . සරලවම ඔබේ හදවතට හැඟෙන දේ සහ ඔබේ ජීවිතයට අවශ්‍ය දේ දන්නේ ඔබ පමණි. එබැවින් ඔබ ජීවත් විය යුතු ආකාරය පිළිබඳව  සමාජයට නියම කළ නොහැකි අතර ඔබේ සතුට සොයාගැනීමට තරම් ඔබ නිර්භීත නම් සියලු බාධක බිඳ දමා සැබෑ ප්‍රේමය හදවතට සමීප කරගනිමින් ආදරයට ආදරෙන් Closeup වීමට හැකිය.



අදහස් (1)

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

sumithra dharmasena Friday, 17 May 2024 01:54 PM

ආදරයට වයසක් නොමැත

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 232 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2088 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1595 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site