IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


‘අමරපුර විහාරස්ථාන නාමාවලිය’එළිදැක්වීමට ඩයලොග් ආසිආටා බැති සිතින් දායක වේ

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංග මහතා විසින් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විහාරස්ථාන නාමාවලිය පිළිගැන්වූ අවස්ථාව. අමරපුර නිකායවෘද්ධික කමිටුවේ උප සභාපති අජිත් ද සොයිසා මහතා සහ උරුමයක උල්පත පදනමේ ලේකම් ආර්.ඒ.ඩී සිරිසේන මහතාද එම අවස්ථාවට එක්ව සිටියහ.

 

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය විසින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විහාරස්ථාන නාමාවලිය මහා නායක හිමිවරුන් සහ අනු නායක හිමිවරුන් වෙත පිළිගැන්වූ අවස්ථාව

 

උතුම්  ශ්‍රී සද්ධර්මය   ශ්‍රී ලංකාද්වීපයේ නොනැසී පවත්වාගැනීම උදෙසා අනුපමේය කාර්යභාරයක් කළ, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෘන්වහන්සේලා සැමරීමේ මහෝත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ජුලි 08 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමරපුර මහා නිකායට අයත් පාර්ශවයන්හි මහ නායක, අනුනානයක ස්වාමීන්වහන්සේලා, ලේඛකාධිකාරී සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ දායක සභාවේ පින්වතුන්, ශ‍්‍රී ලංකාවේ බුරුම සහ තායිලන්ත තානාපතිවරුන් ඇතුළු ගිහි පැවිදි  සම්භාවනීය පිරිසක් ඊට සහභාගී වූහ.
 
අතිපූජ්‍ය  කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය වර්තමානයේ හොබවති.   අමරපුර මහා නිකාය උප පාර්ශ්වයන් 22කින් සහ විහාරස්ථාන 3351කින් යුක්තය.  විදේශයන්හි විහරස්ථාන 48ක්ද අමරපුර මහා නිකාය යටතේ පාලනය වෙයි. අමරපුර නිකායට අයත් එම සියලු විහාරස්ථානවල තොරතුරු ඒකරාශි කර ශ්‍රී ලංකා අමරපුර නිකායේ විහාරස්ථාන නාමවලිය ග්‍රන්ථයක් ලෙසින් උරුමයක උල්පත පදනම මෙම සැමරුම් උළෙලේදී එළිදැක්විය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේගේ චරිතාපදානය ඇතුළත් කෘතියක් ද මීට සමගාමීව එළිදැක්විණි. මෙම ග්‍රන්ථ එළිදැක්වීමට සහ පුණ්‍ය මහෝත්සවය සංවිධානය කිරීමට ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ දායකත්වය ලබාදෙන ලදී. 


සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප මහ රහතන්වහන්සේලාගෙන් පැවත ආ සංඝ පරම්පරාවේ සහ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් මෙරටට සම්බුදු සසුන දායාද විය. විවිධ යුගයන්හි පැමිණි, අභියෝග හමුවේ වූ බාධක වලට මුහුණ දෙමින් මහ සංඝරත්නය නිර්මල බුදු දහමත් සඟ සසුනත් සුරැකූහ. වර්ෂ 1753 දී සියමෙන් මෙරටට රැගෙන ආ උපසම්පදාව සීමාවන් පනවමින් සමස්ත ශාසනයට නොලැබීම හේතුවෙන් වර්ෂ 1978 දී වැලිතර මහාකරාවේ ඥාණවිමලතිස්ස හිමියෝ දැඩි පරිශ්‍රමයක් දරමින් බුරුම දේශයට වැඩම කොට අමරපුරයේදී උපසම්පදාවට පත්ව එම උපසම්පදාව රැගෙන ආ සේක. එසේ පැමිණ වර්ෂ 1803 දී බලපිටි මෝදර මාඳු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේදී භික්ෂු සංඝයාට පැවිදි උපසම්පදාව ලබාදීමට කටයුතු කළහ. මෙරට සඟ සසුනටත් සම්බුද්ධ දේශනාවටත් අපරමිත මෙහෙරක් සිදුකරන අමරපුර මහා නිකාය එසේ ස්ථාපිත කෙරිණි. 


බුරුම දේශයට වැඩම කොට උපසම්පදාව යළි මෙරටට වැඩම වීමේ පුරෝගාමී මෙහෙවරට බෝධිසත්ව ගුණෝපේත වැලිතර මහාකරාවේ ඥාණවිමලතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ බෝධිසත්ව ගුණෝපේත බෝගපිටියේ ධම්මජෝති, බෝධිසත්ව ගුණෝපේත අත්තුඩාවේ ධම්මරක්ඛිත, බෝධිසත්ව ගුණෝපේත බෝගහපිටියේ කතලුවේ ගුණරතන, බෝධිසත්ව ගුණෝපේත කපුගම ධම්මක්නද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කයටුතු කළහ. 


වර්ෂ 1956 දී අමරපුර මහා සංඝ සභාව ආරම්භ වෙයි. ඒ සඳහා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී, අතිපූජ්‍ය වලගෙදර සෝමලෝක තිස්ස. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවංශ, අතිපූජ්‍ය පින්වත්තේ දේවානන්ද, අතිපූජ්‍ය බේරුවල සිරිනිවාස, අග්ගමහා පණ්ඩිත දවුල්ධෙන ඥාණෙස්වර, අතිපූජ්‍ය වැලිගම ඥාණරතන යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කටයුතු කළහ.  

අමරපුර නිකාය නියෝජනය කරමින් දීර්ඝ කාලයක් සසුන් කෙත බැබැලවීමට අතිපූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත වාදීහ සිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද රාජගුරු ශ්‍රී සුභූති විදුරුපොළ පියතිස්ස වැනි මහා යථිවරායණන් වහන්සේලා කටයුතු කළ බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය.  

ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම දීර්ඝ කාලයක් තිස්සේ රටේ ප්‍රධාන සංස්කෘතික ආගමික උත්සව සඳහා සිය දායකත්වය සපයයි. ඒ අතර මහනුවර ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යය, කැළණිය දුරුතු මහා පෙරහර, ගංගාරාමා නවම් මහා පෙරහර, කතරගම ඇසළ මහා පෙරහර, ගැටබරු ඇසළ මහා පෙරහර සහ කෝට්ටේ රජමහා විහාරස්ථ පෙරහර මංගල්‍යයන් ද වේ. එසේම බෞද්ධාලෝක වෙසක් කලාපය සහ ගංගාරාම විහාරස්ථ ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහා ද ඩයලොග් සමාගම දායකත්වය සපයයි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වාහල්කඩ ඉදිකිරීමට ද ඩයලොග් සමාගම දායකත්වය ලබාදී තිබේ. ශ්‍රී ලාංකේය උරුමය රැකදීමට කටයුතු කරයි. 



අදහස් (0)

‘අමරපුර විහාරස්ථාන නාමාවලිය’එළිදැක්වීමට ඩයලොග් ආසිආටා බැති සිතින් දායක වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site