සුවහසක් ශ්‍රී ලාංකිකයන් සුවපත් කළ පානයක් වන සමහන්, ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී කතාබහට ලක් වී තිබේ. ඒ Kaun Banega "Crorepati" රූපවාහිනී වැඩසටහනේදීය. එම වැඩසටහන මෙහෙයවන්නේ ප්‍රවීණ මෙන්ම ජනකාන්ත සිනමා නළු අමිතාබ් භච්චන් විසිනි. වැඩසටහනට සහභාගී වන පුද්ගලයන්ගෙන්, වැඩසටහන මෙහෙයවන්නා සාමන්‍ය දැනීම ප්‍රශ්න අසන අතර, ඒවාට සාර්ථක පිළිතුරු ලබා දෙන පිරිසට මුදල් ත්‍යාග පිරිනැමේ.
පසුගිය දිනෙක මෙම වැඩසටහනට සහභාගී වූ කාන්තාවක්, වැඩසටහන අතරතුරදී කැස්ස තත්ත්වයකින් පෙළී ඇති අතර, අමිතාබ් භච්චන් මහතා විසින් ඒ අවස්ථාවේදී, කැස්ස සඳහා ගුණදායි පානයක් ඔහු සතුව ඇති බවත්, එහි නම “සමහන්” බවත් පවසමින් මොහොතකට රූගත කිරීමෙන් ඉවතට ගියේය. ඉන් පසුව යළිත් පැමිණෙන ඔහු, සමහන් පානයක් රැගෙන විත් එම කාන්තාවට ලබා දෙන්නේ එයින් කැස්ස සුව වන බව පවසමිනි.
වටිනා ඖෂධ රැසක සුසංයෝගයක් රැගත් අපේම නිෂ්පාදනයක් මෙලෙස කතාබහට ලක්වීම සතුටට කරුණක් නොවේද?
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අමිතාබ් භච්චන් රූපවාහිනී වැඩසටහනක් අතරතුර ලින්ක් සමහන් ඉහළින්ම අගයයි
I.G Indrani Sriyalatha Sunday, 14 May 2023 10:48 AM
සමහන් ගුණාත්මක නිෂ්පාදනයක්. මම එය භාවිතා කරමි.
SL Sunday, 14 May 2023 03:29 PM
වාව්, ගුඩ් ලක් .ලින්ක්!
Roshan Tuesday, 16 May 2023 09:41 AM
මේකේ වීඩියෝ එකක් තියනවානම් ලින්ක් එක දාන්න අපිටත් බලන්න .එතකොට බලාගන්න පුළුවන් මේක ඇත්තක්ද කියලා.මොකද මේ ෆොටෝ එක එඩිට් කරපු එකක්
Pradeep BandaraWednesday, 17 May 2023 12:13 AM
Samahan කියන්නේ 100% ලංකාවේ නිෂ්පාදනය කරන ආයුර්වේද බෙහෙතක්.රටවල් 40කට පමණ Export කරනවා .ඉන්දියාවත් ඉන් එක රටක්. එවැනි නිෂ්පාදන ගැන ලාංකිකයෙකු වශයෙන් ආඩම්බර වන්න. කොහොම promote කරත් ලන්කාවේ දෙයක්.
JayasekaraWednesday, 24 May 2023 11:38 AM
ඕගොල්ලෝ වගේ ය තව ටිකින් කියයි බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ .බොරු .පුලුවන්නම් ආපු ගමන වීඩියෝ ක්ලිප් එකක් දාන්න .එතකොට විශ්වාස කරන්න ..කියලා ...
pakeer Wednesday, 24 May 2023 03:49 PM
අමිතාබ්ට හොඳට ගෙවන්න ඇති මේ ඇඩ් එකට .මිනිහා පඩයක් යැවුවත් ඉන්දියාවේ එවුන් සුවඳයි කියන නිසා.මේකත් නැගලා යනවා.අර සින්දුව වගේම