කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීමත් සමඟ ඉන් ආරක්ෂාවීමේ පියවරක් වශයෙන් සැමට නිවසේ රැඳී සිටීමට සිදුව තිබෙන තත්ත්වයක් වර්තමානයේ උදාවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස Online භාවිතයද සීඝ්‍රයෙන් ඉහළයමින් පවතී. මේ වන විට Online භාවිතයේදී බොහෝ අවහිරතාද මතුවන්නට පටන්ගෙන තිබේ. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා Netflix සහ YouTube වැනි Streaming මාධ්‍ය යුරෝපය තුළ අඩු කිරීමට පියවරගෙන ඇති අතර, ඉතා ඉක්මණින් ඔවුන් මෙය ලොවපුරාද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.
ස්වයං නිරෝධායනය ලොවපුරා විසිරී සිටින පුද්ගලයන් නිවසේ රැඳී සිටිමින් රැකියා ස්ථානයේ කාර්යභාර්ය ඉටුකිරීමටත්, ඉගෙනුම් කටයුතුවල නිරත්වීමටත්, සන්නිවේදනයේ යෙදෙමින් නිරතුරුවම සම්බන්ධවී විනෝදාස්වාදය ලැබීමටත් පොළඹවා ඇති පසුබිමක් තුළ Netflix සහ YouTube වැනි Streaming මාධ්‍ය වල භාවිතය පෙර නොවූ විරූ පරිදි නව මානයකට යොමුව තිබේ. ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් streaming සමාගම්වලට bandwidth වැඩි වශයෙන් රඳවානොගනිමින් ඔවුන්ගේ video files වල ප්‍රමාණය අඩුකිරීමට බලකර තිබෙන අතර, මේ හේතුවෙන් ලොවපුරා තම video quality ‘high’ සිට ‘standard’ දක්වා අඩුකිරීමට YouTube සමාගමටද සිදුව තිබේ.
පෙර නොවූ විරූ පරිදි අන්තර්ජාල භාවිතය සඳහා පවතින අසීමිත පාරිභෝගික ඉල්ලුම සහ ඉහළ යන අන්තර්ජාල අවහිරතා හේතුවෙන් ඉදිරි දිනවලදී නියාමකයන් විසින් අන්තර්ජාල අවහිරතා අධීක්ෂණයට ලක් කර, අන්තර්ජාල සේවා සම්පාදකයන්ට තම සේවාවේ ප්‍රමිතිය පහළ නොයන අයුරින් පවතින අධික ඉල්ලුම දරාගැනීමට හැකිවන පියවර අනුගමනය කිරීමට නියමිතව තිබේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අන්තර්ජාලයේ අවහිරතා අවම කිරීම සඳහා ONLINE STREAMING මාධ්‍ය VIDEO QUALITY පහළ නංවයි