IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


Realme සහ Daraz.lk diamond partnership වෙතින් daraz 11.11 අලෙවියෙදී සහ Black Friday හිදී මගහැරිය නොහැකි දීමනා රැසක්

ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල සාප්පු සවාරි වෙබ් අඩවිය වන Daraz.lk සමඟ අත්වැල් බැඳගනිමින් මෙම වසරේ Black Friday සමයේදී සිය ගනුදෙනුකරුවන්ට මගහැරිය නොහැකි ආකාරයේ දීමනා රැසක් ගෙන එයි.

realme විසින් Daraz 11/11 Sale සහ Daraz Black Friday යන අවස්ථා දෙකෙහිදීම මෙම දීමනා එළිදක්වා ඇත. Daraz 11/11 ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් 11 වැනිදා ආරම්භ වී නොවැම්බර් 17 වැනිදා අවසන් වීමට නියමිතය. Daraz Black Friday ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් 24 වැනිදා ආරම්භ වී නොවැම්බර් 29 වැනිදා දක්වා පැවැත්වේ.

realme විසින් සිය ස්මාර්ට්ෆෝන් සහ AIoT උපාංග යන දෙකම ආකර්ශනීය වට්ටම් සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව සිය ගනුදෙනුකරුවන්ට මෙම සමයේදී ලබා දෙනු ඇත. C11 – 2021, C21Y, Buds Q2, සහ realme Watch2 වැනි ජනප්‍රිය realme නිෂ්පාදන Daraz 11/11 Sale සහ Daraz Black Friday කාලය තුළ වට්ටම් සහිතව විකිණීමට ඇත. උදාහරණයක් ලෙස  4GB RAM සහ 64GB ධාරිතාවකින් යුත් C21Y මෙහිදී මිලදී ගත හැක.

realme ශ්‍රී ලංකා හි අලෙවි ප්‍රධානී ෂෝන් යාන් මහතා සිය අදහස් දක්වමින් මෙසේ පැවසිය, “තරුණ තරුණියන්ට දැරිය හැකි මිලකට නවීන තාක්‍ෂණයන් පිරිනැමීම මගින්, realme සිය  “Dare to Leap” යන සංකල්පය යටතේ  සිය  ජනප්‍රියත්වය අඛණ්ඩව වර්ධනය කරගනිමින් සිටිනවා. realme දැනට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්ව තිබෙනවා. මෙයට හේතුව තාක්ෂණික වශයෙන් වඩා හොඳ තත්ත්වයේ භාණ්ඩ දැරිය හැකි මිලකට ලබා දීමයි. Daraz, realme හි වර්ධනයේ ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙනවා. Daraz අලෙවියේදී  92% ක ධනාත්මක විකුණුම් ශ්‍රේණිගත කිරීමක් උපයා ගැනීමට realme සමත්වී ඇති අතර  realme  රසිකයන් අපගේ නිශ්පාදන පිළිබඳව සතුටු වන බවට එය කදිම උදාහරණයක් වනවා. 2021 ජූලි Daraz Mobile Week ප්‍රවර්ධන වැඩසටහනේදී Realme C11-2021 ජංගම දුරකථනය "ඉහළම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් මාදිලිය" බවට පත් වූ අතර  පසුගියදා අවසන් වූ "Daraz Million Desires" ප්‍රචාරණයේදී ජංගම සහ ටැබ්ලට් සන්නාම කාණ්ඩයේ ඉහළම නිෂ්පාදන 3 අතරටද ඇතුළත් විය. මෑතකදී අවසන් කරන ලද Daraz turns 5  ප්‍රචාරණ ව්‍යාපාරයේ දී රියල්මේ C11 - 2021, ජංගම දුරකථන කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත් විය.”

“realme සිය වර්ධනයට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස e-commerce  දකින අතර අපි Daraz සමග ඔවුන්ගේ ඉදිරි ප්‍රචාරණ කටයුතු සඳහාද සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා"  "වැඩිදුරටත් සිය අදහස් දක්වමින් realme අලෙවිකරණ ප්‍රධානී ෂෝන් යාන් මහතා මෙසේ පැවසීය.

 



අදහස් (2)

Realme සහ Daraz.lk diamond partnership වෙතින් daraz 11.11 අලෙවියෙදී සහ Black Friday හිදී මගහැරිය නොහැකි දීමනා රැසක්

G G PRADEEP Wednesday, 05 January 2022 07:32 PM

සුපිරි

:       0       2

A.M Nuwan sampath Wednesday, 19 January 2022 08:48 AM

ඩයමන්ඩ් හවුල්කාරිත්වය යනු කුමක්ද, මගේ ගූගල් මුදල් ඔන්ලයින් ගිණුම සඳහා මට ලැප්ටොප් පරිගණකයක් ලබා ගත හැකිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 263 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16155 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 586 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site