IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීමට අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් SLT-MOBITEL කරුණු පැහැදිලි කරයි

Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීම සම්බන්ධයෙන් මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා SLT-MOBITEL හි විශේෂ අවධානයට යොමු වී තිබේ.

මෙම මාධ්‍ය වාර්තා වලට අනුව, ඖෂධ සැකසීම සම්බන්ධ ඇතැම් තොරතුරු සහ ඊට අදාළ වෙනත් ලියකියවිලි පසුගිය මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් මැකී ගොස් ඇති අතර, ඒ සම්බන්ධ දත්ත උපස්ථ (Backup) කර නොමැත.

2018 වසරේදී ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලියාපදිංචි කිරීම සහ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් භාරගැනීම ආරම්භ කළ බවත්, මේ සම්බන්ධ දත්ත, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන‍යේ (ICTA) අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා ටෙලිකොම් හි පවත්වාගෙන යනු ලබන Lankan Government Cloud (LGC) හි ගබඩා කිරීමට කටයුතු කරන ලද බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.

කෙසේ නමුත් ‘Lanka Government Cloud’ සඳහා තමන් Hosting සේවාවන් ලබා නොදෙන බව SLT-MOBITEL අවධාරණය කරයි.

එමෙන්ම එබඳු සේවාවන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලබා දී නොමැති බවත්, එම අධිකාරියේ දත්ත SLT දත්ත මධ්‍යස්ථානයේ ගබඩා කර නොමැති බවත් SLT-MOBITEL වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය ලෙස, පාරිභෝගිකයන් තමන් කෙරෙහි රඳවා ඇති විශ්වාසය පලුදු වන ආකාරයේ කිසිදු ක්‍රියාවක නිරත නොවන බවත්, තම මෙහෙයුම් වල සෑම අවස්ථාවකදීම විනිවිද භාවය සහ වගකීම්සහගත භාවය ආරක්ෂා කරන බවත්  SLT-MOBITEL යළි යළිත් අවධාරණය කරයි.



අදහස් (0)

Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීමට අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් SLT-MOBITEL කරුණු පැහැදිලි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site