IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


LankaPay කාඩ්පත් මගින් වෙළෙඳ ආයතන සඳහා ප්‍රථිලාභ රැසක්


ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලයේ මෙහෙයුම්කරු වන LankaClear ආයතනය, කාඩ්පත් ගෙවීම් ක්ෂේත්‍රය වෙත හඳුන්වා දී ඇති LankaPay කාඩ්පත් මගින් ගෙවීම් කටයුතු පිළිගන්නා වෙළෙඳුන්ගෙන් අය කරන වෙළඳ කොමිස් (MDR) මුදල 1% ක් දක්වා පහත හෙළීමට කටයුතු කර ඇත. එහි දී අදාළ ව්‍යාපාරයේ ස්වභාවය හෝ එහි ව්‍යාපාරික පරිමාව නොතකමින්, සියලු ම  වෙළෙඳුන්ට  මෙම වරප්‍රසාදය ලබා දීම විශේෂිත ය.

වර්තමානයේ මෙරට පවතින කාඩ්පත් ගෙවීම්වල දී අයකෙරෙන වෙළෙඳ කොමිස් මුදල 3% සිට 3.5% දක්වා අගයක් ගන්නා අතර, ඇතැම් අවස්ථාවල දී එය 7% ක් තරම් ඉහළ අගයක් ගනී.  එම නිසා ම බොහෝ සුළු පරිමාණ වෙළෙඳුන්  කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් නොපිළිගන්නා බවත්, ඇතැමුන් අදාළ වෙළෙඳ කොමිස් මුදල ගනුදෙනුකරුවන්ගෙන් අයකරගන්නා බවත් සුලබව දකින්නට ලැබේ. දශක ගනනාවක් තිස්සේ මෙරට විකල්ප ගෙවීම් ක්‍රමවේදයක් ලෙස පැවතුණු කාඩ්පත් ගෙවීම්  ප්‍රචලිත වීමට  ප්‍රධාන බාධාවක් ලෙස මෙම තත්ත්වය දැක්විය හැකි ය.

මෙම ව්‍යාපෘතියේ  LankaPay කාඩ්පත් දැනටමත් නිකුත් කරන අතර, නොබෝ දිනක දී දිවයින පුරා ඕනෑ ම අලෙවිසැලක මෙම කාඩ්පත භාවිත කිරීමේ හැකියාව ඇති කිරීම LankaClear ආයතනය අපේක්ෂා කරයි. මේ වන විට ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව සහ කාගිල්ස් බැංකුව මගින් මෙම සේවාව ලබා දෙන අතර, එම බැංකු හරහා මේ වන විට  LankaPay කාඩ්පත් පිළිගැනීමේ හැකියාව ලබා දී ඇති වෙළෙඳුන් සංඛ්‍යාව 25,000 කට ආසන්න වේ. ඊට අමතරව එම බැංකු හා සම්බන්ධ වෙළෙඳුන්ට අමතර වියදමකින් තොරව  LankaPay වෙළෙඳ ජාලය හා සම්බන්ධ විය හැකි අතර, අනෙකුත් වෙළෙඳුන්ට ද ඉහත සඳහන් ඕනෑ ම  බැංකුවක් හරහා මෙම ජාලයට සම්බන්ධ විය හැකි ය. එමෙන් ම නුදුරේ දී මෙම සේවාව සමඟ තවත් බැංකු කිහිපයක් එක් වීමට නියමිත බව ද පැවසිය යුතු ම කරුණකි.

LankaPay කාඩ්පත් ගනුදෙනුකරුවන්, වෙළෙඳුන්, බැංකු මෙන් ම ජාතික ආර්ථිකය තුළ ද දීර්ඝකාලීනව දක්නට ලැබුණු ඇතැම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ද සහිතව හඳුන්වා දී ඇති ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමයකි. නවීන තාක්ෂණයෙන් සමන්විත LankaPay කාඩ්පත්, ලොව ප්‍රමුඛතම ගෙවීම් කාඩ්පත් සහ ජාල ක්‍රියාකරුවන් 6 දෙනා අතරින් එකක් වන JCB  ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් හඳුන්වා දී ඇත. LankaPay වෙළෙඳ ජාලයට සම්බන්ධ වීමෙන්, වෙළෙඳුන්ට දේශීයව නිකුත් කෙරෙන LankaPay කාඩ්පත් හරහා සිදුකෙරෙන ගෙවීම් ලබාගැනීමට හැකිවීමට අමතරව, මේ වන විට ලොව පුරා නිකුත් කර ඇති, මිලියන 140 කට අධික JCB විදේශීය කාඩ්පත් හරහා කරනුලබන ගෙවීම් ලබාගැනීමට හැකි වීම ද විශේෂිත ය. එමෙන් ම JCB විදේශීය කාඩ්පත් හරහා සිදුකරන ගෙවීම් සඳහා සාමාන්‍ය වෙළෙඳ කොමිස් අනුපාත අදාළ වේ.

මෙම ජාතික සේවාව වෙළෙඳුන්ට, පාරිභෝගිකයින්ට මෙන් ම ජාතික ආර්ථිකයට ද සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙන බව පැවසිය හැකි ය. විවිධ ජාත්‍යන්තර කාඩ්පත් ගෙවීම් ජාල හරහා මේ වන විට රට තුළ සිදුවන ගනුදෙනු මගින් වාර්ෂිකව  රුපියල් බිලියන 10 ඉක්මවන විදේශ විනිමයක් රටින් පිටට ඇදී යයි. නමුත් LankaPay කාඩ්පත් මඟින් දේශීයව සිදුවන සියලු ම ගනුදෙනු LankaPay ජාලය හරහා දේශීයව සිදු කෙරෙන නිසා කිසිඳු විදේශ විනිමය පිටතට ගලා යාමක් සිදු නොවේ. එමනිසා LankaPay කාඩ්පත් මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ම ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

LankaPay කාඩ්පත්, ශ්‍රී ලංකාව තුළ කාඩ්පත් ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීමට උපකාරී වනු ඇති බව විශ්වාස කරන LankaClear  ආයතනය, ඒ හරහා සාමාජ ආර්ථික ගැටලු රාශියකට විසඳුම් ලබාගත හැකි නිසා ම මෙරට  බැංකු පද්ධතිය ම එම සේවාව වෙත ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇති බව  විශ්වාස කරයි.

LankaClear ආයතනය ගෙවීම් කාඩ්පත් ක්ෂේත්‍රයේ දත්ත ආරක්ෂාව සඳහා ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වීම නිසා PCI-DSS ver 3.2 සහතිකය ලබා ගැනීමට සමත් වූ මෙරට ප්‍රථම ආයතනය බවට පත් විය.  මෙරට ජාතික ගෙවීම් ජාලයේ ක්‍රියාකරු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සෘජු  අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන LankaClear ආයතනය, රටේ සෑම පුරවැසියෙකුට ම දැරිය හැකි, ආරක්ෂිත මෙන් ම පහසු ගෙවීමේ විකල්පයන් සමඟින් ඉතා සුවිශේෂී මූල්‍ය සේවාවන් රැසක්  ජාතික ආර්ථිකය වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇත. දශක 2ක් පුරා සිය ගමන් මඟ තුළ නව සේවාවන් රැසක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය වෙත හඳුන්වා දෙමින් LankaClear ආයතනය පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇත.



අදහස් (0)

LankaPay කාඩ්පත් මගින් වෙළෙඳ ආයතන සඳහා ප්‍රථිලාභ රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site