IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


LENOVO විදෙස් සහකරුවන්ගේ හමුවේ දී විශිෂ්ඨතම බෙදාහරින්නාට හිමිවන සම්මාන දෙකක් අබාන්ස් විසින් හිමිකර ගනියි

පසුගියදා පැවති Lenovo විදෙස් සහකරුවන්ගේ හමුවේ දී අබාන්ස් විසින් විශිෂ්ඨ සම්මාන දෙකක් හිමිකර ගන්නා ලදී. මෙම විශිෂ්ඨ සම්මාන ද්විත්වය විශිෂ්ඨතම බෙදාහරින්නා - Retail Business සහ විශිෂ්ඨතම බෙදාහරින්නා -Tablets for the Year 2021 යන කාණ්ඩයන් දෙක සඳහා හිමි විය. මෙම උත්සවය 2021 සැප්තැම්බර් 02 වන දින දකුණු ආසියානු කළාපයේ ප‍්‍රමුඛ පෙළේ සහකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු අතර එහි ආරාධිත කථිකයෙකු වශයෙන් අබාන්ස් ව්‍යාපාර සමූහයේ කළමණාකාර අධ්‍යක්‍ෂ බේමන් පෙස්ටොන්ජි මහතා සහභාගී විය.

මෙහිදී අදහස් දැක් වූ Lenovo India හි විදෙස් අංශයේ අලෙවි ප‍්‍රධානී නවීන් කෙජ්රිවාල් මහතා පවසා සිටියේ දිනෙන් දින වෙනස් වන ලෝකයේ සියලූ දෙනා වෙත ස්මාට් තාක්‍ෂණය හඳුන්වාදීමට ඔවුන් කටයුතු කරන බවයි. උපාංග සහ යටිතල පහසුකම් ඔස්සේ වැඩි දියුණු කළ නවීන තාක්‍ෂණය හඳුන්වාදෙමින් අවශ්‍ය විසඳුම්, සේවාවන් සහ මෘදුකාංග ඔස්සේ මිලියන ගණනක පාරිභෝගික පිරිසක් සවිබල ගැන්වීමට කටයුතු කරමින් සිටින බව ඔහු විසින් වැඩි දුරටත් පවසා සිටියි. අබාන්ස් සමාගම සමගින් ඇති කර ගෙන සිටින උපායමාර්ගික සහයෝගීතාව සියලූ දෙනා වෙත ස්මාට් තාක්‍ෂණය හඳුන්වාදීමට යන ගමනේ දී ඉතා වැදගත් බව ඔහු පවසා සිටියි. ශී‍්‍ර ලංකාවේ සිටින ප‍්‍රමුඛතම ව්‍යාපාරික සහකරුවා වශයෙන් අබාන්ස් සමාගමට වාණිජ්‍ය වෙළඳපොල තුල දේශීය පාරිභෝගිකයින් අතර Lenovo PC සහ Tablets වඩාත් ස්ථාවරව ලබා දීමට හැකි වී ඇතැයි යන්න ඔහුගේ විශ්වාසයයි.

ලොව පිළිගත් තාක්‍ෂණික සමාගමක් වන Lenovo රටවල් 170 කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්තව ඇත. ආර්ථික කටයුතු, අධ්‍යාපන කටයුතු මෙන්ම ජන ජීවිතයේ සියලූ කටයුතු වලට දැඩි ලෙස බලපෑම් එල්ල කළ කොඩිඞ්-19 වසංගත තත්වයත් සමග ව්‍යාකූලත්වයට පත් වූ එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කර ගැනීම සඳහා උපකාරී වන තාක්‍ෂණික වැඩි දියුණු කිරීම් සිදු කිරීම Lenovo සමාගමේ මූලික අරමුණ බවට පත්ව ඇත. පුද්ගලික වශයෙන් මෙන්ම ආයතනික වශයෙන්ද ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබා
දීමට ඔවුන් විසින් කටයුතු කර ඇත.

වසර 12 කට අධික කාලයක් ලොව අංක 1 පරිගණක නාමය වශයෙන් කටයුතු කරන Lenovo සමාගම නව්‍යතාවය, අධිෂ්ඨානය සහ දක්‍ෂතාවය අතින් කැපී පෙනෙන කි‍්‍රයාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත්ව සිටියි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වෙළඳ ව්‍යාපාරික නාමයක් වන අබාන්ස් සමාගම Lenovo නිෂ්පාදන සඳහා මුල්පෙළේ ආයතනික අලෙවි නියෝජිතයා වශයෙන් කටයුතු කරන අතර Lenovo  නිෂ්පාදන සඳහා බලයලත් සේවා මධ්‍යස්ථාන කි‍්‍රයාත්මක කරවමින්ද සිටියි. අබාන්ස් සමාගම විසින් දශකයකට අධික කාලයක් Lenovo පරිගණක සහ උපාංග වල අලෙවිය සහ බෙදාහැරීම සිදු කරනු ලබයි. පරිගණක නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් ලෙස ශී‍්‍ර ලංකාව තුල කටයුතු කරන අබාන්ස් සමාගම අංක 1 ලැප්ටොප් සැපයුම්කරු වශයෙන්ද කටයුතු කරමින් සිටියි.

දිවයින  පුරා  පිහිටි  අබාන්ස්  ප‍්‍රදර්ශනාගාර  වලින්  මෙන්ම  ඊමහ්ඉ්බිගජදප  වෙබ් අඩවියෙන් Lenovo නිෂ්පාදන පෙළක් කැමති පරිදි තෝරා ගත හැක.



අදහස් (0)

LENOVO විදෙස් සහකරුවන්ගේ හමුවේ දී විශිෂ්ඨතම බෙදාහරින්නාට හිමිවන සම්මාන දෙකක් අබාන්ස් විසින් හිමිකර ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site