IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


HNBA සමූහයේ 2020 ඉලක්කය, ‘ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ටත්වය ’ අත්කරගැනීමයි.

HNBA සහ HNBGI හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි. 

HNB ඇෂුවරන්ස් PLC (HNBA ) සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI ) 2020 සඳහා එහි තේමාව වන  '2020 හි ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ටයන්' යන්න එළිදැක්වීය. මතු විය හැකි වෙළඳපල අවස්ථා, අභියෝග සහ ප්‍රවණතා පිළිබඳව විවෘත ආකල්පයක් පවත්වා ගනිමින් සේවා විශිෂ්ටත්වය, පාර්ශව කරුවන් හට වටිනාකම් නිර්මාණය කිරීම, සේවක සතුට, ඩිජිටල් පරිවර්තනය, නවෝත්පාදන විශිෂ්ටත්වය සහ සමාජ භාරකාරත්වය යන තෝරා ගත් කාණ්ඩ 6ක් තුළ විශිෂ්ටයා වීමේ ගමනට සමූහය තම අවධානය යොමු කර ඇත. “නව වසර, නව කාරණා” යන අභිප්‍රේරණ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින්, සමාගමක් ලෙස, පාරිභෝගික සේවය, සේවක යහපැවැත්ම සහ සමාජීය යහපැවැත්ම සම්බන්ධයෙන් තම පාර්ශව කරුවන්ගේ සියලු අවශ්‍යතා සපුරාලීමේ වැදගත්කම ද මෙම තේමාව මගින් අවධාරණය කෙරේ. 

HNBA සහ HNBGI හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා අදහස් දක්වමින් පැවසුවේ  “HNBA සමූහයට 2019 සාර්ථකව අවසන් කිරීමට හැකි වූ අතර,  එම වසරේ අභියෝගාත්මක වෙළඳපළක් මධ්‍යයේ වුවත් විශිෂ්ට ප්‍රතිඵල සහ අනාගත වර්ධන අවස්ථා සලසා ගැනීමට ද හැකි විය. පසුගිය වසර කිහිපය සලකා බලන විට සියලු පාර්ශවකරුවන්ට ඉහළ ප්‍රතිලාභ ලබා දීමේ සිය පොරොන්දුව සමූහය ඉටු කර තිබේ. 'සියළුම පාර්ශව කරුවන්ට ඉහළම ප්‍රතිලාභ' ලබා දීමේ  සමූහයේ දැක්ම මුල් කර ගත්  '2020 හි ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ටයන්' යන  තේමාව, තෝරා ගත් කාණ්ඩ 6ක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරයි. මේ මගින් අපගේ සෑම පාර්ශවකරුවකුටම  අතිවිශිෂ්ට සේවාවක් සහ තිරසාර ප්‍රතිලාභ ලබා දීමට සමූහයට තවත් හැකි වනු ඇත."

HNB  ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 62ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB Assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත්  ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.

 



අදහස් (0)

HNBA සමූහයේ 2020 ඉලක්කය, ‘ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ටත්වය ’ අත්කරගැනීමයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1164 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site