IMG-LOGO

HNB ඇෂුවරන්ස් වෙතින් 2020 වසරේ MDRT විශිෂ්ටයන් 75 ක්!

HNBA සහ HNBGI හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි, HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රසන්ත ප්‍රනාන්දු සහ HNBA හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලසිත විමලරත්න

HNB ඇෂුවරන්ස් PLC (HNBA) ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත කීර්තිමත් ඩොලර් මිලියන වට මේස සමුළුව (MDRT – Million Dollar Round Table) සඳහා, තම අලෙවි බලකායෙන් සුදුසුකම් ලත් විශිෂ්ටයින් සංඛ්‍යාව මෑතකදී ප්‍රකාශයට පත් කළේය. සමාගම විසින් එහි ඉතිහාසයේ  මෙතෙක් ඉදිරිපත් කළ ඇති වැඩිම MDRT සුදුස්සන් සංඛ්‍යාව මෙය වේ, එයට අමතරව කෝට් ඔෆ් ද ටේබල් (COT) විශිෂ්ටයින් 3 ක් සහ ටොප් ඔෆ් ද ටේබල් (TOT) 1 විශිෂ්ටයෙක් ද මෙම සංඛ්‍යාවට ඇතුළත් ය. සමාගම විසින් ඉදිරිපත් කරන ලද වැඩිම MDRT සහ COT ජයග්‍රාහකයින් සංඛ්‍යාව මෙයයි.

MDRT යනු 1927 දී පිහිටු වන ලද, දැන් ජාත්‍යන්තරයේ රක්ෂණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍ර ආශ්‍රිත සමාගම් 500 කට වැඩි සංඛ්‍යාවක් හා අනුබද්ධිත වෘත්තිකයන් 45,000 කට අධික සංඛ්‍යාවක් සිටින ස්වාධීන සංගමයකි. මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වන්නේ විශිෂ්ට කාර්යසාධන කඩ ඉම් ඉක්මවා යන සීමිත සුදුස්සන්ට පමණි. 

සිය අදහස් ප්‍රකාශ කරමින් කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා මෙසේ පැවසුවේ, “රක්ෂණ වෘත්තියේ දී MDRT සුදුසුකම අත්පත් කර ගැනීම විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස සලකනු ලබන අතර එය එම විශිෂ්ටයින්ට තම වෘත්තීය සංවර්ධනය පුළුල් කිරීම සඳහා ද අනගි අවස්ථාවක් හිමි කර දෙයි. මේ වසරේ දී HNBA  විසින් අප ඉතිහාසයේ ඉදිරිපත් කර ඇති වැඩිම සුදුසුකම් ලත් සංඛ්‍යාවක් - එනම් සුදුස්සන් 75 ක් ඉදිරිපත් කර ඇති අතර එය අපගේ අලෙවි බලකායේ ශක්තිය මනාව පෙන්නුම් කරයි. අපි සැබවින්ම අපගේ විශිෂ්ටයින් ලත් ජයග්‍රහණ පිළිබඳ ව සතුටට පත් වන අතර ඔවුන්ට මම මුළු හදින් ම සුබ පතමි".

HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්  පැවසුවේ, “වසර ගණනාවක් තිස්සේ HNBA විසින් MDRT සුදුසුකම් ලබා ඇති බොහෝ වෘත්තිකයන් බිහි කර ඇති අතර මෙය රක්ෂණ වෘත්තිකයෙකුගේ වෘත්තීය ගමනේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. MDRT සුදුසුකම් ලැබීම සඳහා සුවිශේෂී වෘත්තීය කුසලතා, නිෂ්පාදන දැනුම සහ සදාචාරාත්මක වෘත්තීය හැසිරීම අවශ්‍ය වන අතර අපගේ අලෙවි ශූරයන් සමස්ත ක්ෂේත්‍රයට ම ආදර්ශයක් වෙමින් MDRT මෙම පිළිගැනීම හිමි කර ගෙන ඇත".
HNBA හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලසිත විමලරත්න මහතා කණ්ඩායමට සිය කෘතඥතාවය පළ කරමින් කියා සිටියේ, “MDRT සුදුසුකම් ලැබීමට පුද්ගලික කැපවීම හා ධෛර්ය අත්‍යවශ්‍ය මෙන්ම  අඛණ්ඩ උපකාරක යටිතල පහසුකම් ද අවශ්‍ය වේ. ඒ නිසා  MDRT, COT සහ TOT  සුදුසුකම් ලැබූවන් සඳහා අඛණ්ඩ සහය සහ මග පෙන්වීම ලබා දුන් බෙදාහැරීම් අංශයේ කළමනාකරණ කණ්ඩායමට, පුහුණු කිරීමේ කණ්ඩායමට සහ විශේෂයෙන් බෑන්ක්ඇෂුවරන්ස් කණ්ඩායමට ද මම සැබවින්ම ස්තුතිවන්ත වෙමි".

HNB  ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 63ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන  "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත්  ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.

 



අදහස් (0)

HNB ඇෂුවරන්ස් වෙතින් 2020 වසරේ MDRT විශිෂ්ටයන් 75 ක්!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1476 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 535 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 603 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site