IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


HNB ඇෂුවරන්ස් මැදවච්චියෙහි නව ශාඛාවක් විවෘත කරයි.

මැදවච්චිය ශාඛාව විවෘත කිරීම.

HNB ඇෂුවරන්ස් PLC (HNBA) එහි 63 වන ශාඛාව මැදවච්චියේ විවෘත කරන ලදී. මෙසේ තම ශාඛා ජාලය පුළුල් කරමින් අඛණ්ඩව වර්ධනය වීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සියලු පහසුකම් සහිතව විවෘත කරනා ලද මෙම ශාඛාව මගින් එම ප්‍රදේශයේ ජනතාව හට සමාගමේ සියලු ම රක්ෂණ විසඳුම් සලසනු ඇත. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ HNBA හි සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි ය. අලුතින් විවෘත කරන ලද ශාඛාව පිහිටන්නේ අංක 102, 1 වන මහල, යාපනය පාර, මැදවච්චිය යන ලිපිනයෙහි වේ.  

මෙම අවස්ථාවට එක් වෙමින් HNBA සහ HNBGI හි කළමණාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරාචි මහතා මෙසේ පැවසීය. "සේවා විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා මෙසේ අපගේ ශාඛා ජාලය පුළුල් කිරීම වැදගත් පදනමක් සලසයි. එමෙන්ම 'ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය' යන අපගේ දැක්ම වෙත යන්නා වූ ගමන සාර්ථක කරගැනීමටද , රක්ෂණය වැනි අතිතරඟකාරී ක්ෂේත්‍රයක් තුළ කැපී පෙනීමට ද මෙය වැදගත් අත්තිවාරමක් සලසයි. සමාගමේ වටිනා ගනුදෙනුකරුවන්ට, සේවකයින්ට සහ සියලු පාර්ශව කරුවන්ට අඛණ්ඩව ප්‍රතිලාභ ලබා දීම සමාගමේ මූලික පරමාර්ථයයි. ඒ වෙනුවෙන් සමාගම ඉදිරියට කටයුතු කරනා අතර, මෙම ශාඛාව මගින්ද ඔවුන් සියලු දෙනාගේ අවශ්‍යතා කේන්ද්‍රස්ථානයේ තබා, එය සපුරාලීම සඳහා කැපවී සිටී”.

සිය අදහස් පළකරමින් HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. "විවෘත කරනා ලද නව ශාඛාව ප්‍රධාන උපායමාර්ගික වැදගත්කමක් දරන අතර උතුරු හා නැගෙනහිර ප්‍රදේශ තුළ පුළුල් සේවාලාභී පිරිසකට සේවා සැපයීමට  මෙහෙයුම් පවත්වා ගෙන යන්නා වූ අපගේ 12 වන ශාඛාවයි. එමෙන්ම ක්ෂේත්‍රය තුළ සහ සමස්තයක් වශයෙන් වෙළඳපළ තුළ අභියෝගාත්මක සාධක රාශියක් යටතේ පවා සමාගම ඇවිත් ඇති දිගු හා සාර්ථක ගමන දෙස ආපසු හැරී බලන විට, අපට දැනෙන්නේ ඉමහත් සතුටකි. රක්ෂණය වැනි සේවාවක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ පාරිභෝගිකයෙකු හොඳින් සිතා බැලිය යුතු වේ. ඒම ක්‍රියාවලියට අවශ්‍ය නිසි පහසුකම් සහ සේවාවන් සලසා දීමට නම්  මෙවැනි ශාඛාවකට පහසුවෙන් පැමිණීමේ හැකියාව ඔවුන්ට ලබා දීම අපගේ යුතුකමයි”.

HNBA හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලසිත විමලරත්න මහතා අදහස් දක්වමින්, “ව්‍යාපාර ව්‍යාප්තිය මගින් අපගේ සමස්ත ව්‍යාපාරික කටයුතු සඳහා විශාල ප්‍රතිලාභ සැලසී තිබේ. එය 2020 වර්ෂය සඳහා ඉමහත් රුකුලක් වී ඇති අතර අපගේ වෙළඳ සන්නාමය පිළිබඳ දැනුවත් භාවයේ තිරසාර වර්ධනයක් ද හිමි කර දී ඇත. අපගේ ගනුදෙනුකරුවන් සමඟ දිගු කාලීන සබඳතා ගොඩනඟා ගැනීමෙහි ලා අපට ඇති කැපවීම අලුතින් පිහිටුවන ලද මෙම ශාඛාව මෙන්ම එහි සේවය කරන ඉහළ නිපුණත්වයෙන් යුත් වෘත්තිකයින්ගේ කණ්ඩායම මගින් මනාව පැහැදිලි කරයි".

HNB  ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 63ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන  "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB Assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත්  ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.

 



අදහස් (0)

HNB ඇෂුවරන්ස් මැදවච්චියෙහි නව ශාඛාවක් විවෘත කරයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 171 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 379 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site