IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


Covid -19 සදහා Dialog වෙතින් ලබා දී ඇති සහනයන් තවදුරටත්

Covid -19 සදහා Dialog වෙතින් ලබා දී ඇති සහනයන් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරමින් ඇඳිරි නීතිය අඛණ්ඩව පවතින ප්‍රදේශවල සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට හදිසි සහනයක් ලෙස නොමිලේ Data ඇමතුම් සහ SMS

 

දිවයින පුරා සිටින සියලූම ශ්‍රී ලාංකිකයින් නිවසේ සුරක්ෂිතව රැදී සිටින මෙම අවිනිශ්චිත කාලසීමාව තුළදී ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රදේශවල මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට සහායවීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට ්බහඑසපැ ඬේටා GB 1 ක්, D2D ඇමතුම් සඳහා මිනිත්තු 250 ක් සහ D2D SMS 250 ක් ඇතුළත් දින 7 ක විශේෂ සහනය තවදුරටත් ලබාදීමට පියවර ගෙන ඇත. මෙය ඩයලොග් විසින් Covid -19 හා සම්බන්ධව දැනටමත් හඳුන්වාදී ඇති e-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care, iy e -Work solutions, යන සේවාවලට අමතරව පාරිභෝගිකයන්ට සුරක්ෂිතව සිටිමින් නොකඩවා සම්බන්ධතාවය පවත්වා ගැනීමට සහායවීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාත්මක කරන්නකි.'

මුළු ශ්‍රී ලංකාවටම අඛණ්ඩ සම්බන්ධතාවයක් ලබාදීමේ වගකීම හොද හැටි තේරුම් ගනිමින්, Dialog වෙතින් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රදේශවල සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ගිණුමේ ශේෂය හෝ බිල්පත් අගයන් පිළිබඳව නොසලකා මෙම සේවාව සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත. කිසියම් පාරිභෝගිකයෙකු මෙම දීමනාව ලබාගෙන ඇත්නම් දින 7 ක් පුරාවට එය අත්විඳිය හැකි අතර, මෙය ලබා නොගත් පාරිභෝගිකයන්ට #006# අමතා ඇඳිරි නීති කාලසීමාව තුළදී මෙම දීමනාව ලබා ගත හැක.

මෙම සුවිශේෂී දීමනාව, Covid -19 හා සම්බන්ධව ඩයලොග් විසින් හඳුන්වාදී ඇති දීමනා පෙළ අතරට එක්වූ තවත් වැදගත් සහනයක් වන අතර, කිසිදු ගැටලූවකින් තොරව නිවසේ සිට සිය රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු සහ විනෝදාස්වාදය, සරලව ඉටුකරගැනීමට සහායවීම වෙනුවෙන් මෙම සියලූ දීමනාවන් සකසා ඇත. පාසල් සහ විශ්ව විද්‍යාල සේවා සම්පූර්ණයෙන් නොමිලේ ලබාගත හැකිවීම, ඉගෙනුම් සේවාවන් සඳහාම වෙන්වූ නැණස සහ ගුරු අධ්‍යාපන සේවාවන් ලබාදීම, සියලූම ඩයලොග් ටීවී නාලිකා නොමිලේ ලබාදීම,ViU Movies සහ Live TV ඇප් එක සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීම සහ මොබයිල් පසුගෙවුම් පාරිභෝගිකයන්ගේ ණය සීමාව(Credit Limit) දීර්ඝ කිරීම ඉහත සඳහන් කළ දීමනා අතරට අයත් වේ.Covid-19 හා සම්බන්ධ සහන සේවාවන් පිළිබඳ සියලූ තොරතුරු www.dialog.lk/home (පාරිභෝගිකයන් සඳහා) ඔස්සේ මෙන්මbusiness.dialog.lk/products-services/wfh/  (ව්‍යාපාරිකයන් සඳහා) ඔස්සේද ලබාගත හැක.

මීට අමතරව රජය විසින් අනිවාර්ය කර තිබෙන සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම වෙනුවෙන් සහාය ලබාදීමට ඩිජිටල් සහ Onlineසේවා භාවිත කරමින් රීලෝඞ්, බිල්පත් ගෙවීම් ඇතුළු අනෙකුත් සියලූම ගනුදෙනු MyDialog app එක හෝ dialog.lk හරහා සිදුකරන ලෙසට ඉල්ලා සිටින අතර විශේෂ වරප්‍රසාදයක් ලෙසDigital සහ Online මාධ්‍ය ඔස්සේ සිදුකරන සියලූම මොබයිල් පෙරගෙවුම් ඬේටා පැකේජ සහ පසුගෙවුම් ඬේටා extensions මිලදී ගැනීම් වෙනුවෙන් දෙගුණයක Anytimeඬේටා හිමිවෙයි.


විශාල පිරිසක් නිවසේ රැඳී සිටින මේ මොහොතේ Online පහසුකම් දෛනික අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙන පසුබිමක, තම ජාලයන් හරහා අසාමාන්‍ය ලෙස ඉහළ ඬේටා ඉල්ලූමක් පැවතුණත් එය තම ධාරිතාව යටතේ සපුරාලිය හැකි බවද ඩයලොග් සමාගම ප්‍රකාශ කර සිටියි. භාවිතය බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති මෙම කාලය තුළ විශේෂයෙන් උදෑසන සහ සවස් කාලයේ (Peak time) වෙනදාට වඩා අන්තර්ජාල වේගයේ අඩුවීමක් පාරිභෝගිකයන්ට අත්විඳීමට සිදුවිය හැකි අතර, තම ජාලය අඛණ්ඩව වැඩි දියුණු කරමින් පාරිභෝගිකයන්ට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සම්බන්ධතාවයක් ලබාදීමට Dialog ආයතනය කැපවී සිටියි. නිවසේ සිට හොඳම අන්තර්ජාල අත්දැකීමක් ලබාගැනීම සඳහා තම Home Broadband රවුටරය භාවිත කරන ලෙස ඩයලොග් සමාගම දැනුම් දෙන අතර ඒ හරහා නිවසේ සිට රැකියාවේ කටයුතු, අධ්‍යාපන කටයුතු සහ විනෝදාස්වාද කටයුතු උපරිමයෙන් ඉටුකරගත හැක. විශේෂ දීමනාවක් ලෙස සියලූම ඬේටා extensions සඳහා දෙගුණයක anytime ඬේටා ලබාදීමටත්, අලූතින් එක්වූ පාරිභෝගිකයන් සඳහා විශේෂ දීමනාවක් ලෙස මාස තුනක් සදහා දෙගුණයක ඬේටා ලබාදීමටද ඩයලොග් කටයුතු කරයි.

 



අදහස් (0)

Covid -19 සදහා Dialog වෙතින් ලබා දී ඇති සහනයන් තවදුරටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 171 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 379 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site