IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


CSCEC ආයතනය ශ්‍රී ලංකා චීන සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙරටේ සේවකයන් අතර විවාහ මංගල උත්සවයක් සූදානම් කරයි.

ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දට පෙර, චීන රාජ්‍ය ඉදිකිරීම ඉංජිනේරු සංස්ථාව (CSCEC - ශ්‍රී ලංකාව), සිය චීන ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය සඳහා "Build Love in Ceylon" යන තේමාව යටතේ Cinnamon Lakeside Colombo හි සාමූහික විවාහ උත්සවයක් සංවිධානය කලේය. එහිදී යුවල් 15ක් නැවත විවාහවීමේ ප්‍රීතිය අත්විඳින ලදී.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ Qi Zhenhong තානාපති මහතා සහ ඔහුගේ බිරිඳ Jin Qian මහත්මිය, ජෝන් කීල්ස් ආයතනය, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධස්ථානය, කැළණිය විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය සහ ප්‍රධාන මාධ්‍ය ආයතනවල අමුත්තන් සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් ගීතවලට නර්තන ඉදිරිපත් කල අතර, චීන සාම්ප්‍රදායික මංගල ඇඳුමින් සැරසුනු චීන ජාතික යුවල් 5ක් සහ ශ්‍රී ලාංකික යුවල් 10ක් ප්‍රේමයේදී දිවුරුම් හා විවාහ ගෞරවය හුවමාරු කර ගනිමින්, විවාහ විය.

විවාහ මංගල්‍යයේ සියළු අංග දැක ආරාධිත අමුත්තන් ඉතාමත් සතුටට පත් වූ බවට දැකගත හැකි වූ අතර, ඔවුන් තරුණ ඉදිකිරීම්කරුවන්ගේ එක්තීරුවක් - එක් මාවතක් (Belt and Road) මුල පිරීම සඳහා වූ කැපවීමෙන් දීර්ඝ කාලීන චීන ලංකා මිත්‍රත්වය පිළිබඳවද සාක්ෂි දැරූහ.

 

විවාහ මංගල්‍යයට සහභාගී වූ යුවල් 15 දෙනා චීනයේ විවිධ පළාත් සහ නගර කිහිපයකින් මෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටියහ. චීනය සහ ශ්‍රී ලංකාව එක්ව අනුග්‍රාහය දක්වන CSCEC සහ BRI ව්‍යාපෘති නිසා ඔවුන් එකිනෙකා මුණගැසී, දැන හඳුනාගෙන, බැඳීම් ඇති කරගත්හ.

 

"වසර 5කට වැඩි කාලයක් හි CSCEC වැඩකරමින් සිටින මට, සමාගමේ ශක්තිය සහ වගකීම දැන ඇති අතර, සැලකිය යුතු පුද්ගලික වෘත්තීය දියුණුවක් ද මම ලබාඇත. මෙම සාමූහික විවාහ මංගල්‍යය මගේ ජීවිතයේ වටිනා සැමරුමක්." ට්‍රයි සෙන් නේවාසික සංවර්ධන ව්‍යාපෘතියේ ඉංජිනේරු රුවින්ද මහතා ඉතා උද්යෝගයෙන් එසේ පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ CSCEC හි වැඩ කරමින් තම මව්බිම ගොඩනඟා ගැනීමට සහ චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට තවදුරටත් දායකත්වයක් ලබාදෙන බවයි.

"මෙම ක්‍රියාකාරකම හරහා චීන විවාහ චාරිත්‍ර පිළිබඳව මා දැඩි ලෙස පැහැදෙනවා. අද අප දෙරටේ සාම්ප්‍රදායික සංස්කෘතීන් මනාව ප්‍රදර්ශණය වන අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කරයි." කැළණිය විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසිස් ආයතන මනාලියන්ට රතු වස්ත්‍රදීමට ආරාධනා කල අතර, ඔවුන්ගේ හැ`ගීම ඛෙදාගත්තාය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තානාපති Qi Zhenhong මහතා මෙම යුවලයන්ගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ අතර, පසුගිය වසර 10 තුළ CSCEC විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සංවර්ධන ජීවනෝපාය ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කලේය. ඒ අතරින් අධිවේගී මාර්ග, වාරි, ඇළ මාර්ග සහ මහල් නිවාස ව්‍යාපෘතිවෙයි. මෙම ව්‍යාපෘති දහස් ගණනකට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට උපකාරි වී ඇත.

 

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුවඩාත්ම තීරණාමත්මක ආර්ථීක හා දේශපාලන අර්බුදය 2022දී, ඇති විය. CSCEC සක්‍රීයව එයට ප්‍රතිචාර දැක් වූ අතර අහිතකර තත්ත්වයන් විසින් ගෙන දෙන අහිතකර බලපෑම් ඵලදායී ලෙස පාලනයකර, නොපසුබට උත්සාහයේ ආත්මයට අනුගතවෙමින් සහ සක්‍රියව සිය වගකීම් ඉටුකර අතර, දුෂ්කරතා මඟ හරවා ගැනීමට ශ්‍රී ලාංකික ජනතාව සමඟ එක්ව කටයුතු කරමින්, චීන සමාගම්වල සමාජ වගකීම පිළිබඳ දැඩි හැඟීම විදහා දැක්වීය.

 



අදහස් (0)

CSCEC ආයතනය ශ්‍රී ලංකා චීන සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙරටේ සේවකයන් අතර විවාහ මංගල උත්සවයක් සූදානම් කරයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site