IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


2023 බැංකු රක්ෂණ සුපර් ලීග් තරගාවලියේදී සේවක සහභාගීත්වය ඉහළට ම එසවූ යූනියන් ඇෂුවරන්ස්

සේවක සහභාගීත්වය වැඩිදියුණු කිරීම සහ සුහදත්වය මෙන් ම විනෝදය ඉහළ නංවන ධනාත්මක සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම ඉලක්ක කරගෙන, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකු රක්ෂණ සපයන්නා වන යූනියන් ඇෂුවරන්ස් Bancassurance Super League 2023 සඳහා සත්කාරකත්වය සැපයීය. ජුනි 10 වන දින තර්ස්ටන් විද්‍යාලයීය ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලිය සඳහා සියලූ ම බැංකු රක්‍ෂණ ආයතන නියෝජනය කරමින් ක‍්‍රියාශීලී සහභාගීත්වකින් කණ්ඩායම් ඉදිරිපත් වූ අතර, එහිදී සහයෝගී සහ මිත‍්‍රශීලී තරගකාරී වාතාවරණයක් නිර්මාණය විය.

ක‍්‍රිකට් සහ පාපන්දු ආදී ක‍්‍රියාකාරකම්වලින් උත්සව න්‍යාය පත‍්‍රය උද්‍යෝගයෙන් පිරී තිබිණි. මෙම උත්සවය සේවකයින් අතර සබඳතා ගොඩනගා ගනිමින්, ඔවුන්ගේ දක්ෂතා පෙන්නුම් කිරීම සඳහා වේදිකාවක් සැපයීය. තව ද, ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව ඔවුන්ගේ කුසලතා ප‍්‍රදර්ශනය කිරීමට සමාන අවස්ථා ලබා දීම මගින් යූනියන් ඇෂුවරන්ස්හි විවිධත්වය සහ සැමට සම අවස්ථා පිරිනැමීමට ඇති කැපවීම සාක්ෂි දැරීය.

ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ බැංකු රක්ෂණ කණ්ඩායම නියෝජනය කළ z50K Huntersz කණ්ඩායමට හිමි වූ අතර, අනුශූරතාව හිමි වූයේ, යුනියන් බැංකුවේ බැංකු රක්ෂණ අංශයේ  zRoyal Strikersz කණ්ඩායමටය. තරගයේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ක්ලැරන්ස් ටිරෝන් නම් කෙරිණි. පාපන්දු තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායමට නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ශෂිකා සෙව්වන්දි සහ තිෂානි දිල්හාරා ද, යූනියන් බැංකුවේ නිමාශා ලක්මිණි සහ යූනියන් ඇෂුවරන්ස්හි ෂාර්මිලා සැමුවෙල් ද ඇතුළත් වූහ. සේවක විශිෂ්ටත්වය අගය කිරීම සඳහා යුනියන් ඇෂුවරන්ස්හි කැපවීම තවත් ශක්තිමත් කරමින් සියලූ ම ජයග‍්‍රාහකයින්ට ආකර්ෂණීය ත්‍යාග සහ අගැයීම් පිරිනැමිණි.

පුද්ගලයන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්, යූනියන් ඇෂුවරන්ස් Bancassurance Super League 2023, සේවා ස්ථානයේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වන සමාගමේ ප‍්‍රගතිශීලී ආචාර ධර්ම විදහා දැක්වූවා පමණක් නොව, සුවිශේෂී දක්ෂතා හඳුනා ගැනීමට සහ ජයග‍්‍රහණය කෙරෙහි ආකර්ෂණයක් ඇති කිරීමට සිය සමාගම දක්වන කැපවීම ඉස්මතු කළේය.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම බැංකු රක්ෂණ සේවා සපයන්නා වේ. රටේ අස්සක් මුල්ලක් නෑර බැංකු රක්ෂණයේ පිය සටහන් ව්‍යාප්ත කරමින් සහ සමාජය තුළ මූල්‍යමය ආරක්ෂණ පරතරය අඩු කරමින්, සිය බැංකු රක්‍ෂණ ගමනාරම්භයේ සිට ම ප‍්‍රමුඛ පෙළේ බැංකු 7ක් සමග ශක්තිමත්, උපාය මාර්ගික සබඳතා ගොඩනගාගෙන තිබේ.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සමාගම දශක තුනක සාර්ථකත්වයක් සම්පූර්ණ කර ඇති අතර එහි වෙළෙඳපොළ ප‍්‍රාග්ධනය රු. බිලියන 19.4ක් සහ ජීවිත අරමුදල 2023 මාර්තු මස අවසන් වන විට රු. බිලියන 57.7කි. ශ‍්‍රී ලාංකේය සිහින සවිබල ගැන්වීම සඳහා යූනියන් ඇෂුවරන්ස් විසින් ශ‍්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජන, ආරක්ෂාව සහ විශ‍්‍රාම අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්‍ෂණ විසඳුම් පිරිනමනු ලබයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ‍්‍රම බළකායක් සමගින්, යූනියන් ඇෂුවරන්ස් ජීවිත රක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ නැගී එන වෙනස්කම්වලට ප‍්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය අවධානයක් ඇතිව පුද්ගලයින්, නිෂ්පාදන සහ ක‍්‍රියාවලි සඳහා ආයෝජනය කරයි.



අදහස් (0)

2023 බැංකු රක්ෂණ සුපර් ලීග් තරගාවලියේදී සේවක සහභාගීත්වය ඉහළට ම එසවූ යූනියන් ඇෂුවරන්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 263 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16155 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 586 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site