IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


2022 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ ජයග්‍රාහකයින් පිලිබඳ නිවේදනය

2022ZeroChanceStories කෙටි චිත්රපටි තරගයේ පළමු ජයග්රාහකයින් තිදෙනා අද දින ප්රකාශයට පත් කරනු ලැබිණි. මුහුදු මගින් සිදුකරන නීති විරෝධී සංක්රමණහි භයානකකම ගැන නිර්මාණශීලීව සමාජය දැනුවත් කිරීමට ශ්රී ලාංකීය සිනමාකරුවන් දායක වී ඇති ආකාරය මෙමගින් ඇගයීමට ලක්විය.


ඕස්ට්රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් බලකායේ ප්රධාන අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් CSC,RAN, පවසා සිටියේ මුහුදු මගින් සිදු කෙරෙන නීති විරෝධී සංක්රමණයේ භයානකකම ගැන මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම කෙටි චිත්රපටි තරගය නිර්මාණාත්මක මාවතක් සැකසූ බවයි.

"2022 කෙටි චිත්රපටි තරගය ඉතා සාර්ථකයි. ඉතා හොඳ නිර්මාණ මේ සඳහා ඉදිරිපත් වුණා. අපගේ සන්නිවේදන ව්යාපෘතියේ වැදගත්ම පණිවිඩය වන නීති විරෝධී සංක්රමණයට කිසිදු අවස්ථාවක් නැත යන අදහස ජයග්රාහී චිත්රපටිවලින් හොඳින් මතු කෙරුණා.''

මෙම සන්නිවේදන ව්යාපෘතිය හරහා ඕස්ට්රේලියාවේ ශක්තිමත් දේශ සීමා ප්රතිපත්තිය ගැන දැනුවත් කිරීම, මිනිස් ජාවාරම්කරුවන්ගේ ක්රියාකාරකම්වලට එරෙහිවීම හා  හරහා නිරර්ථක ගමනකට ලක්ව ජීවිතය අවදානමේ හෙලා ගන්නා පුද්ගලයින් එම අවදානමෙන් මුදවා ගැනීමට උත්සාහ කරයි. මුහුදු මගින් සිදුකෙරෙන නීති විරෝධී සංක්රමණයේ භයානකකම ගැන දැනුවත් කරමින් මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවලට හසුවී මිනිසුන්ට තම ජීවිත අනතුරේ හෙලා ගැනීමට ඇති අවස්ථාව වලක්වා ගැනීමට මෙරට නිර්මාණය වූ කෙටි චිත්රපටි මගින් රුකුලක් වනු ඇති බව රියර් අද්මිරාල් ජෝන්ගේ අදහසයි''

මෙම නිවේදනය සමාජ මාධ්යයන්ගේ පළවන අතර ඕස්ට්රේලියාවට සිදු කෙරෙන නීති විරෝධී සංක්රමණය යන තේමාව ඔස්සේ මෙරට සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක වෑයම මෙහිදී ඇගයීමට ලක්වෙයි.

පළමු ජයග්රාහකයින් තිදෙනා

ප්රථම ස්ථානය - ග්රේසන් ප්රශාන්ත් - වෙන්ඩම්
දෙවන ස්ථානය - යසීර් නිසර්ඩින් - Lost in Deep
තෙවන ස්ථානය - තිසෝපන් - නීලවෙනි

පළමු ජයග්රාහකයාට සම්පුර්ණ රූගත කිරීම් කැමරා කට්ටලයක් හිමි වූ අතර දෙවැන්නාට ඩ්රෝන කැමරාවක් සහ තෙවැන්නාට GoPro ක්රියාදාම කැමරාවක් හිමි විය.හොඳම නිර්මාණාත්මක කෘති 10 වෙනුවෙන් සුවිශේෂී ඇගයීම් සිදුකෙරිණි.

2022 Zero Chance Stories කෙටි චිත්රපටි තරගය සඳහා කෘති ඉදිරිපත් කිරීමට 2021 දෙසැම්බර් සිට 2022 පෙබරවාරි දක්වා විවෘතව තැබුණු අතර සිංහල දෙමළ හා ඉංග්රීසී යන භාෂා ත්රිත්වයේම කෘති ඉදිරිපත් කෙරිණි.

ජයග්රාහකයින් හා අවසන් වටයේ තරගකරුවන්ට සුබ පැතුම්.



අදහස් (0)

2022 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ ජයග්‍රාහකයින් පිලිබඳ නිවේදනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site