IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

 

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියපොළ පාරේ අංක 134 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණ. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් ද සිල්වා යන මහත්වරුන් ප්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්ව හා කාර්යමණ්ඩල සාමාජිකයන්, හෝමාගම සහකාර පොලිස් අධිකාරී හසංග රන්දික වෙදමුල්ල, හෝමාගම පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත, වෙළෙඳ සංගමයේ සභාපති, මාගම්මන මහ විද්‍යාලයේ විදුහල්පතිනිය කේ. පද්මලතා යන මහත්ම මහත්මීන් ඇතුළුව ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ පහසුකම ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් දැන් ප්‍රදේශවාසී ජනතාවට ලබාගත හැකිය.

වර්ග කිලෝමීටර 137 ක පමණ භූමි ප්‍රදේශයක් සහිත ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් වාර්තා වන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ලෙස හෝමාගම කැපී පෙනේ. සීඝ්‍රයෙන් සංවර්ධනය වන සහ ආර්ථික වශයෙන් ක්‍රියාශීලී හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඇඟලුම් කර්මාන්තය, මෝටර් රථ සේවා, දේපළ සංවර්ධනය සහ කුලී සේවා ඇතුළු එකිනෙකට වෙනස් විවිධ ව්‍යාපාර හා ව්‍යවසායක ක්ෂේත්‍ර රැසක් ව්‍යාප්තව ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් මෙන්ම විශාල ව්‍යාපාර හා කර්මාන්ත ශාලා රැසක් හෝමාගම ප්‍රදේශයේ සිට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා ක්‍රියාත්මක වේ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ලෙස හෝමාගම ශාඛාව විවෘත කළ අවස්ථාවේදී සිය අදහස් දක්වමින් “කොළඹ දිස්ත්‍රික්කයේ සුවිශේෂී නගරයක් මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා දකුණු පළාතට ගමනාගමන පහසුකම් සලසා ගත හැකි කේන්ද්‍රස්ථානයක් විදිහට හෝමාගම කැපී පෙනෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් ක්‍රියාත්මක වෙන හෝමාගම ආශ්‍රිතව සිටින ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, විවිධ වෘත්තිකයන් ඇතුළු පවුලේ සැමට සරිලන විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා රැසක් සියපත ෆිනෑන්ස් හෝමාගම ශාඛාවෙන් ලබාගත හැකිය. විශේෂයෙන්ම හෝමාගම ජනගහනයෙන් 51% ක් වූ කාන්තා ප්‍රජාව සවිබලගන්වමින් කාන්තා ව්‍යවසායිකාවන් දිරිගන්වා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවාලන්නට විශේෂ වැඩපිළිවෙලක් දියත්කොට තිබෙනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී දියත් කළ “සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ හෝමාගම නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ ජේෂ්ඨ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් හෝමාගම නගරය ආශ්‍රිත පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය උදෙසා රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී. තවද මාගම්මන මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස පරිගණක හා තාක්ෂණික උපකරණ කට්ටල පරිත්‍යාගයක් ද එහිදී සිදුකෙරිණ.

2005 වසරේ ව්‍යාපාරික මෙහෙයුම් අරඹා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ලැයිස්තුගත සමාගමක් ලෙස ස්ථාවරව සිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව BBB+ (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කරයි. තවද K Seeds Investments (Pvt) Ltd විසින් 2024 ජූනි මස 30 වැනිදායින් අවසන් වූ මූල්‍ය කාර්තුව සම්බන්ධයෙන් මෙරට බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් පිළිබඳ සිදුකළ පුළුල් මූල්‍ය විශ්ලේෂණය අනුව සියපත ෆිනෑන්ස් පීඑල්සී 02 වැනි කාණ්ඩයේ “ඉහළම කාර්යසාධනය වාර්තා කළ මූල්‍ය ආයතනය”(Best Performing Finance Company) ලෙස වාර්තාගතව ඇත.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 950 කට අධික මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග උතුරු හා නැගෙනහිර ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් 51 කට අධික දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.

සේවායෝජක සන්නාමකරණය පිළිබඳ ඉන්දියානු ආයතනය වන Employer Branding Institute, මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ලෝක සමුළුව වන World HRD Congress සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආසියානු විශිෂ්ඨයන් ඇගයීමේ ආයතනය වන Stars of the Industry Awards Group එකමුතුවෙන් ශ්‍රීලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයෙහි කැපීපෙනෙන ආයතන ඇගයීමෙහිලා සංවිධානය කරනු ලැබූ Sri Lanka Best Employer Brand Awards 2024 සම්මාන උළෙලේදී සියපත ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ හොඳම සේවායෝජක සන්නාමය ලෙස “Best Employer Brand” ගෞරවයට පාත්‍ර විය. ලොව පුරා මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හා ජේෂ්ඨ නායකයන්ගේ කාර්ය සාධනය අගයමින් දිරිගන්වනු ලබන ස්වෙච්ඡා සංවිධානයක් වන World Federation of HR Professionals විසින් මෙම ඇගයීම් සහතිකය පිරිනමා ඇත.

හෝමාගම, දුම්රියපොළ පාරේ අංක 134 දරණ ස්ථානයේ පිහිටි සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව වෙත පිවිස හෝ 0117605535 දුරකතන අංකයෙන් හෝ www.siyapatha.lk වෙත පිවිස සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් පිරිනමන මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් විය හැකිය.

 



අදහස් (0)

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 129 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 214 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site