2021 මැයි 31 දින සොෆ්ට්ලොජික් ලයිෆ් හි විධායක අධ්‍යක්ෂ සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන චූලා හෙට්ටිආරච්චි මහතාගේ අභාවය පිළිබඳ දැනුම්දීම.
දශක දෙකකට වැඩි කාලයක් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු කරමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ සදා නොමැකෙන මතකයක් ඇති කිරීමට හෙට්ටිආරච්චි මහතාට හැකි විය. ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිකරමින් මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම බවට සොෆ්ට්ලොජික් ලයිෆ් පත් කිරීම සඳහා ඉතා මෑතකදී සොෆ්ට්ලොජික් ලයිෆ් හි විධායක අධ්‍යක්ෂවරයා ලෙස ඔහු අවුරුදු ගණනක් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.
විධායක අධ්‍යක්ෂ ධුරයට පත්වීමට පෙර ඔහු සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වූ අතර රක්ෂණ බෙදාහැරීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ව්‍යාපාරයේ දියුණුව හා සංවර්ධනය උදෙසා සුවිශාල දායකත්වයක් දක්වන ලද ප්‍රධාන නිලධාරියා ද ඔහු විය. උපාලි සමූහය සමඟ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමෙන් පසු එම සමාගම තුළ ඔහු ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හෙබවීය. වසර 36ක් පුරා වෘත්තීයමය අත්දැකීම්වලින් සුදුසුකම්ලත් ඔහුගේ වෘත්තීය දිවියෙන් වසර 27ක කාලයක් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ කටයුතු කළේය.
සොෆ්ට්ලොජික් සමාගමේ ශක්තිමත් පුරුකක් වූත් නායකත්වය, දැක්ම සහ මනුෂ්‍යත්වය අතර අද්විතීය පුද්ගලයෙකු වූත් හෙට්ටිආරාච්චි මහතාගේ අභාවය පිළිබඳව අප අතිශයින් සංවේගයට පත් වී සිටින්නෙමු.
ඔහුගේ පවුලේ අයට අපගේ සාතිශය සංවේගය පළ කර සිටිමු.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සොෆ්ට්ලොජික් ලයිෆ් හි විධායක අධ්‍යක්ෂ සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන චූලා හෙට්ටිආරච්චි මහතාගේ අභාවය පිළිබඳ දැනුම්දීම