IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා, අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන මහතා, අධ්‍යක්ෂිකා ශ්‍රියානි රණතුංග මෙනෙවිය සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා මහතා ප්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, කඩුවෙල සහකාර පොලිස් අධිකාරී එස්. ඒ. ආර්. සමරනායක, කඩුවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ, වෙළෙඳ සංගමයේ සභාපති නිශාන්ත ගුරුගේ යන මහත්ම මහත්මීන් ඇතුළුව ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ. සියපත ෆිනෑන්ස් පීඑල්සී කඩුවෙල ශාඛාව වෙතින් ලීසිං, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්,fast draft චක්‍රීය ණය සේවාව ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සමඟ smart pay බිල්පත් ගෙවීමේ සේවාව දැන් කඩුවෙල ප්‍රදේශ වාසී ගනුදෙනුකාරභවතුන් වෙත ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා නවතම කඩුවෙල ශාඛාව පිළිබඳ අදහස් දක්වමින් “කොළඹ දිස්ත්‍රික්කයේ වේගවත් සමාජ ආර්ථික දියුණුවක් පෙන්වන සුවිශේෂී නගරක් වන කඩුවෙල නගරයට සියපත ෆිනෑන්ස් සේවා රැගෙන ඒමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා.

කඩුවෙල කේන්ද්‍ර කරගනිමින් අලුතෙන් ව්‍යාපාර ආරම්භ කළ අයටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටත් මෙන්ම කඩුවෙල ආශ්‍රිත ආයතන රැසක සේවයේ නියුතු අති විශාල සේවක සේවිකා පිරිසටත් තම තමන්ගේමූල්‍ය අවශ්‍යතා අනුව ගැලපෙන නම්‍යශීලී හා වේගවත් මූල්‍ය විසඳුම් ලබාගැනීමට තිබූ දැඩි අවශ්‍යතාව අප හඳුනාගත් නිසා 54 වැනි ශාඛාව කඩුවෙලට රැගෙන ආවා. අපගේ හරිත මූල්‍ය සේවා විසඳුම් සහ සමාජ සත්කාරක ව්‍යාපෘති හරහා කඩුවෙල ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් උසස් තත්ත්වයකට රැගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. හොඳම මූල්‍ය සේවාවක් සමග කඩුවෙල ජනතාවගේ දියුණුවට අතහිත දීමට හොඳම කාර්ය මණ්ඩලයක් සමග සියපත ෆිනෑන්ස් අප සූදානම්.” යැයි පැවසීය.

සීතාවක රාජධානියේ මායාදුන්න රජු සහ පළමුවන රාජසිංහ රජු පෘතුගීසීන්ට විරුද්ධව යුද්ධ කළ ස්ථානයේ වෙල් යාය “පරංගි කඩු ගෑ වෙල” ලෙස ජනප්‍රවාදයේ පැමිණ පසුව “කඩු ගෑ වෙල” වී පසුව “කඩුවෙල” ලෙස වෙනස් වී මෙම නගරයට කඩුවෙල ලෙස නම ලැබී ඇත. උතුරින් කැලණි ගංගා මිටියාවතේ සරුසාර බිම් වලින්ද,දකුණෙන් දියවන්නා වැවටද මායිම්ව පිහිටි කඩුවෙල නගරය බස්නාහිර පළාතේ දෙවන විශාලතම නගරය ලෙස කැපීපෙනෙයි. ජල මූලාශ්‍ර හා වගුරුබිම් නිසා ස්වභාවිකවම ආරක්ෂිත පරිසරයක් බවට පත්ව තිබෙන කඩුවෙල පසුගිය දශකය තුළ වේගයෙන් සංවර්ධනය වූ අතර නාගරික ජීවන රටාවත් ග්‍රාමීය ජීවන රටාවත්, වෙන් වෙන් වශයෙන් දැකගත හැකි වටපිටාවකින් සමන්විතය.

දෙස් විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කරගත් ප්‍රමුඛ නගරයක් වන කඩුවෙල, කේන්ද්‍ර කරගනිමින් විවිධ කර්මාන්ත හා සේවා ආයතන රැසක් පිහිටා තිබේ. තොරතුරු තාක්ෂණ හා BPO සේවා, තොග සහ සිල්ලර වෙළෙඳාම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා සහ මූල්‍ය සේවා ආයතන රැසක් මෙන්ම කාර්මික අංශයේ කර්මාන්ත ශාලා කලාපයේ ආර්ථික දියුණුව ඇතිකරමින් දැවැන්ත ශ්‍රම බලකායක් කඩුවෙල කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී තිබේ. 

සීතාවක රාජධානියේ අතීත ශ්‍රී විභූතිය සිහිගන්වමින් සරුසාර වී ගොවිතැන පෙරටු කොටගෙන පොල්, රබර්, පළතුරු සහ එළවලු වගාවන් නවගමුවේ සිට ඔරුවල සහ අතුරුගිරිය දක්වා ව්‍යාප්ත වී ඇත. එම අස්වනු දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය සඳහාද යොමුකෙරේ.

කඩුවෙල කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති පිටත වටරවුම් අධිවේගී මාර්ගය හා අනෙකුත් මහා මාර්ග පහසුකම් මෙන්ම දියුණු යටිතල පහසුකම් හා අති නවීන තාක්ෂණික පහසුකම්, කඩුවෙල අවට නිවාස හා නිවාස යෝජනා ක්‍රම මෙන්ම ව්‍යාපාරික ස්ථාන ගොඩනැගෙමින් පැවතීම දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් සනිටුහන් කොට තිබේ.

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත. සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගතකිරීම් අනුව A(lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත. 

නවතම සියපත ෆිනෑන්ස් ශාඛාවේ සේවා පිළිබඳ දැනුවත් වීම සඳහා 0117 450625 අමතන්න, නැතහොත් කඩුවෙල අවිස්සාවේල්ල පාරේ අංක 585 දරණ ස්ථානයේ ශාඛා කාර්යාලයට පිවිසෙන්. වැඩිවිස්තර සඳහා  www.siyapatha.lk  වෙබ් අඩවියට පිවිසෙන්න.

මාධ්‍ය විමසීම්:
චම්පිකා තල්ගොඩපිටිය
කළමනාකාරිණී - සන්නාම හා සන්නිවේදන      
0773 856 757

[email protected]




අදහස් (0)

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site