IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෙනස : අවස්ථාවක් කර ගනිමු

 ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා හා ආචාර්ය කුමාරි ග්‍රේරු මැතිණිය

 

සියල්ල දෙවරක් නිර්මාණය වේ යැයි කියනු ලැබේ. පළමුව මනසෙහි ද දෙවනුව යථාර්ථයක් ද වශයෙනි. ලයිසියම් පාසැල ද යථාර්ථයක් වුයේ ඒ අයුරිනි. ඒ ගැන සිතන විට එහි පාසැල සඳහා අපගේ මනසේ සකස් වු සැලසුම් මගේ මතකයට නැගේ. ඒ සිහිනය යථාර්ථයක් වීමට පෙර සිටම ලයිසියම් පාසැල් මාතාව සඳහා විශාල බලාපොරොත්තු අප සතුවිය. පාසැල යනු එහි යටිතල පහසුකම්වලටත් වඩා එහි දරුවන් ඇතුලු පාසැල් ප්‍රජාව බව අපි තේරුම් ගෙන සිටියෙමු. විවිධ දරුවන්ගේ විවිධ කුසලතා හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීමට උචිත පරිසරයක් හා ගුරු පරපුරක් බිහි කර ගැනීම මුලික අරමුණක් විය. ඉන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කලේ දරුවාගේ සමෘද්ධියයි.

නිර්මාණයක් සාමාන්‍ය තත්ත්වයක සිට අසාමාන්‍ය තත්ත්වයකට ගෙන යා හැක්කේ අසීමිත අධිෂ්ඨානයකින් පමණි. එවැනි අධිෂ්ඨානයක් ඇත්තන් නිහඬව වැඩෙන අතර අනෙක්වා චංචල හිස් ගෙරවීම් පමණක් බවට පත්වේ. අධිෂ්ඨානය ජයග්‍රහණය හා සාර්ථකත්වයට මග පාදන අතර ආරම්භයේ සිටම මෙම ගුණයෙන් පිරිපුන් කණ්ඩායමක් අප සමඟ සිටිම අප පාසල් දරුවන්ගේ සාර්ථකත්වයට මුලික විය.

මේ අනුව අද දින අපට නිහතමානීව පැවසිය හැක්කේ මේ වනවිට, ලයිසියම් පාසැල් මාතාව දිවයිනේ විශාලතම ජාත්‍යන්තර පාසැල් සමුහය බවට පත්වී ඇති බවයි. අප පාසැල් දරුවන්ට ගුණත්මක හා පිරිපුන් දැනුමක් ලබා දීමට අමතරව ඔවුන්ගේ දෘඪ හා මෘදු කුසලතා හා ආකල්ප සංවර්ධනයට අදාළ සියලු මානව හා යටිතල පහසුකම් සැපයීමට අපි උත්සුක වුයෙමු. එමෙන් ම දරුවන්ගේ විනය සඳහා ද ප්‍රමුඛ ස්ථානයක් ලබා දී තිබේ. මේ නිසාම අප පාසැල් දරුවන් සමාජයට පා තබන්නේ ගුණ නැණයෙන් සපිරි දරුවන් වශයෙනි. 

බොහෝ විට අප නවමුව සංවර්ධනය වන්නේ නොදන්නා විෂය පථයකට අවතිරණය වීමේදී ය. වර්තමානයේ මුලු ලොවම කම්පනය කල කෝවිඞ් 19 වසංගතය අභියෝග ඉදිරියේදී ද දු දරුවන්ගේ අඛණ්ඩ සංවර්ධනයක් පවත්වා ගැනීම පිණිස ඵලදායි තාක්ෂණික විසඳුම් සොයා ගැනීමටත්, ක්‍රියාත්මක කිරීමටත් අපි සමත් වීමු. සමස්ථ දේශයම අඟුළු දමා මුලු පාසැල් පද්ධතිය වසා තිබියදී අපි අතාත්ත්වික පන්ති කාමර හරහා අතාත්ත්වික පාසැලක් පවත්වාගෙන ගියෙමු. එමඟින් ලබා දුන් මාර්ගගත දැනුම මගින් දරුවන්ගේ සංවර්ධනය සෑහෙන දුරකට සන්නතව පවත්වා ගැනීමට අපට හැකි විය. 

 

ලයිසියම් නුගේගොඩ 1993 දී

 ලයිසියම් නුගේගොඩ 2020 දී

 

තවද, මේ සංකල්පයට අනුගත වෙමින් මෙකී මාර්ගගත අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යාමට සම්බන්ධ වූ සියලු සිසු දරුවන්ටත්, දෙමාපියන්ටත් අපගේ හද පිරී ස්තුතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමු. මේ අභියෝගයට මුහුණ දීමේ දී කැපවීමෙන් ක්‍රියාකරන පළපුරුදු අධ්‍යාපනවේදීන් කණ්ඩායමක් සතු වීම අප පාසැල ලැබු ආශීර්වාදයක් විය. 

වසර ගණනාවක් පුරා නිරන්තරයෙන් පාසැල් මාතාවගේ ගෞරවය රැක ගනිමින්, දැනුම, ක්‍රීඩාව හා සෞන්දර්ය ආදී විෂය ක්‍ෂේත්‍ර ගණනාවක දෙස් විදෙස් කීර්තිය දිනාගෙන ලක් මවට ද ආලෝකයක් වූ දූ දරුවන් රැසක් බිහි කිරීමට අපි සමත් වුයෙමු. මේ තත්ත්වය වර්ධනය කරනු වස් අනාගත ගෝලීය පුරවැසියන් බිහි කිරීමේ පුළුල් දැක්මක අපි ක්‍රියාත්මක කරමින් සිටින්නෙමු. අප නිර්මාණය කළ පාසැලට වසර 27ක් පිරෙන දින සියලු පාසැල් දරුවන්ට මේ සිතුවිල්ල එකතු කිරීමට අපි කැමැත්තෙමු. 

ආරම්භයේදී පුරෝගාමී වු සිසුන්

 

අපගේ දිවි පෙවෙතට අදාළ සීමා මායිම් අප විසින්ම පනවා ගෙන ඇත. වරින් වර එම සිතුවිලි මාත්‍රයන්ගේ තේජසින් බැහැර වීමටත් ඉන් ඔබ්බට සිතිමටත් ඉගෙන ගනිමු. අප අසීරු අගනා පරමාර්ථයන්ගෙන් සිත ප්‍රබෝධමත් වූ විට එම සීමා මායිම් හා උදාසීන චිත්ත බලවේග බිඳී ගොස් ඔබ සතු අසීමිත හැකියාවන් අවදිවනු ඇත.
ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු
නිර්මාතෘ/ කළමණාකාර අධ්‍යක්ෂ
ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය - ශ්‍රී ලංකාව



අදහස් (0)

වෙනස : අවස්ථාවක් කර ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site