IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව 15 වන වරටත් ඉහළ ම වටිනාකමක් සහිත පාරිභෝගික සන්නාම 100 අතරට

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, අඛණ්ඩව 15 වන වරටත් ශ‍්‍රී ලංකාවේ ඉහළ ම වටිනාකමක් සහිත පාරිභෝගික සන්නාම සියයෙන් එකක් ලෙස ගෞරවණීය පිළිගැනීමකට ලක්වූ බව ඉමහත් සතුටින් ප‍්‍රකාශ කර සිටිමු. මෙම ගෞරවණීය සම්මානය LMD විසින් පිරිනමනු ලැබුවේ, ගෝලීය සන්නාම තක්සේරු උපදේශන ආයතනයක් වන Brand Finance සමග ඒකාබද්ධවය.

ඉහළ ම වටිනාමක් සහිත පාරිභෝගික සන්නාම 100 අතරට යූනියන් ඇෂුවරන්ස් නම් කෙරුණේ, ශ‍්‍රී ලංකාවේ සන්නාම වපසරිය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස යූනියන් ඇෂුවරන්ස් සමාගමේ කැපී පෙනෙන සන්නාම විශ්වසනීයත්වය, උපායමාර්ගික ආයෝජන සහ වෙළෙඳපොළ තුළ කැපී පෙනෙන ක‍්‍රියාකාරීත්වය තහවුරු වීමෙන් පසුවය. මෙම ජයග‍්‍රහණය අසමසම රක්ෂණ විසඳුම් සමගින් සියලූ ම ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා සමාගමේ ඇති නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි.

මෙම ගෞරවණීය පිළිගැනීම පිළිබඳව කෘතඥතාව පළ කරමින්, යූනියන් ඇෂුවරන්ස්හි ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝමිස් මහතා ප‍්‍රකාශ කළේ,  "ණඅඛණ්ඩව 15 වන වරටත් ලැබූ මෙම සුවිශේෂී ජයග‍්‍රහණය හේතුවෙන් අපි ඉමහත් ආඩම්බරයට මෙන් ම නිහතමානීත්වයට ද පත්වී සිටිමු”, යනුවෙනි. මෙම පිළිගැනීම තුළින් ගනුදෙනුකරුවන් සහ පාර්ශ්වකරුවන් යූනියන් ඇෂුවරන්ස් කෙරෙහි තබා ඇති තිරසර විශ්වාසය ඉස්මතු වෙයි. එය අප නිරන්තරයෙන් අපේක්ෂා අතික‍්‍රමණය කරමින් අපගේ පාරිභෝගිකයින්ට උසස් ම වටිනාකමක් ලබා දීම සහතික කිරීම වෙනුවෙන් අපගේ සමස්ත කණ්ඩායමේ වෙහෙස වී සේවය කිරීම සහ කැපවීම පෙන්නුම් කිරීමකි.

යූනියන් ඇෂුවරන්ස්හි ප‍්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මහතා මෙම පිළිගැනීමේ වැදගත්කම අවධාරණය කළේ මෙසේ ය. "ණයූනියන් ඇෂුවරන්ස්හි, අපි සැමවිට ම අර්ථාන්විත සන්නාම අත්දැකීම්වල බලය ගැන විශ්වාස කර තිබෙනවා. අපගේ සන්නාම උපායමාර්ග හරහා අවධානය යොමු කරන්නේ, ගනුදෙනුකරුවන් සමග ශක්තිමත් සංවේදී සම්බන්ධතා ඇති කර ගැනීම සහ ඔවුන්ට ආවේණික අවශ්‍යතා ඉටු කරන පුද්ගලාරෝපිත විසඳුම් ලබා දීමට සහ නව්‍යකරණයේ හා ඩිජිටල්කරණයේ ජීවගුණය පවත්වා ගැනීමටයි. මෙම පිළිගැනීම අපගේ පේ‍්‍රක්ෂකයින් තුළ අනුනාද වන සහ කාලානුරූපීව පරීක්ෂණයට ලක්වන සන්නාමයක් ගොඩනැගීමට අප දරන කැපවීම ශක්තිමත් කරයි’,

යූනියන් ඇෂුවරන්ස් යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප‍්‍රාග්ධනය රු. බිලියන 19.4ක් වන අතර ජීවිත අරමුදල 2023 මාර්තු අවසන් වන විට රු. බිලියන 57.7 කි. ශ‍්‍රී ලාංකේය සිහින සවිබල ගැන්වීම සඳහා පිහිටුවා ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ‍්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව සහ විශ‍්‍රාම අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ‍්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප‍්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක‍්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව 15 වන වරටත් ඉහළ ම වටිනාකමක් සහිත පාරිභෝගික සන්නාම 100 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site