IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


යුනියන් ඇෂුවරන්ස් සහ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් එක්වී ගංවතුරෙන් විපතට පත් 3,000 කට වැඩි පිරිසකට පිසූ ආහාර පරිත්‍යාග කරයි

යුනියන් ඇෂුවරන්ස් සහ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් එක්වී, ගංවතුරෙන් විපතට පත් 3,000 කට වැඩි පිරිසක් අතර පිසූ ආහාර බෙදාදීමට පසුගියදා කටයුතු කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සමාගම ක්‍රියාත්මක කර ඇති 'Meals that Heal' ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ මෙය සිදුකරන ලදි. ශ්‍රී ලංකාව වසංගත රෝග තත්ත්වයකට මුහුණ පා සිටින මේ අවස්ථාවේදී, පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක 200,000 කට අධික පිරිසක් විපතට පත්වූහ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානය (Asia Pacific Alliance for Disaster Management - A-PAD) සමග එක්වී මෙම පිසූ ආහාර බෙදාදීමේ වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.  

"ගංවතුර හේතුවෙන් අවතැන් වී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින පවුල් වලට යම් සහනයක් ලබාදීම සඳහා, ඔවුන්ට ආහාර වේල් 3,000 ක් පරිත්‍යාග කිරීමට අප සහයෝගය ලබා දුන්නා. මෙම ප්‍රජාවන්ට අත්වැලක් වීම සඳහා සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සමග එක්ව කටයුතු කිරීමට ලැබීම අපට සතුටක්." යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

ගංවතුර හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ තුන්අඳහේන, පහළ බෝමිරිය, කොතලාවල, වැලිවිට, සහ වැලිහිඳ යන ප්‍රදේශ වලද, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පානළුව, වටරැක, සහ ආටිගල නැගෙනහිර යන ප්‍රදේශ වලද, 2021 ජූනි 09 දින සිට ජූනි 11 දක්වා මේ ආකාරයට පිසූ ආහාර බෙදාදෙන ලදි.

"ජනතාවට හා ප්‍රජාවන්ට අත්වැලක් වීම අරමුණු කරගත් අපගේ මූලධර්ම වලින් පන්නරය ලබමින් 'Meals that Heal' වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. මෙය අපගේ ප්‍රජාවන් තුළ වෙනසක් ඇතිකරමින්, ඔවුන්ට දුෂ්කර අවස්ථාවන්හිදී එක්ව නැගී සිටීමට මගපෙන්වන වැඩසටහනක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ යටතේ යුනියන් ඇෂුවරන්ස් සමග එක්වී ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට හැකිවීම අපට සතුටක්." සිනමන් ග්‍රෑන්ඩ් කලම්බු සහ සිනමන් ලේක්සයිඩ් කලම්බු හෝටල් වල සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 මාර්තු මාසය වනවිට බිලියන 18.2 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 43.8 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 326% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් සහ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් එක්වී ගංවතුරෙන් විපතට පත් 3,000 කට වැඩි පිරිසකට පිසූ ආහාර පරිත්‍යාග කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site