IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් ඇරඹේ විශිෂ්ට දක්ෂතා දක්වන රක්ෂණ උපදේශකවරුන්ට සුවිශේෂී ඇගයුම් හා ප්‍රතිලාභ

යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ වැඩසටහන හඳුන්වා දී තිබේ. විකුණුම් හා පාරිභෝගික සේවාවන් තුළදී විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන රක්ෂණ උපදේශකවරුන් ඇගයීමට ලක්කිරීම මෙහි අරමුණ වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනාත් ජයතිලක මහතා මෙසේ පැවසී ය. “ගනුදෙනුකරුවන්ට රක්ෂණ විසඳුම් පිරිනැමීමේදී අප අනුගමනය කරන ක්‍රමවේදයන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අප මේ දක්වා පියවර රැසක් ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවන් ප්‍රධාන වශයෙන් ගනුදෙනු කරන්නේ රක්ෂණ උපදේශකවරුන් සමගයි. මෙම ගනුදෙනුව, අදාළ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන විසඳුම් හඳුනාගෙන එම විසඳුම් පිරිනමන ගනුදෙනුවක් වීම වැදගත්. මෙම ක්‍රියාවලිය තුළදී ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීමට සමත් වන රක්ෂණ උපදේශකවරුන් ඇගයීමට ලක්කිරීම ‘යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ වැඩසටහනේ ඉලක්කය වී තිබෙනවා. මෙය රක්ෂණ උපදේශකවරුන්ට මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ හිමිවන විශිෂ්ටතම මට්ටමේ ත්‍යාග හා ඇගයුම් හිමිකර ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.”

‘යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ සඳහා සුදුසුකම් ලබන රක්ෂණ උපදේශකවරුන්ට, සමාගම මගින් නඩත්තු කරනු ලබන සුඛෝපභෝගී වාහනයක් (ඉන්ධන සමග) සහ විවිධාකාර වූ මුදල් ත්‍යාග ආදිය මෙන්ම, තම වෘත්තීය ජීවිතයේ දියුණුවට අතිශයින් වැදගත් වන පුහුණු හා සංවර්ධන වැඩසටහන් වලට සහභාගී වීමේ අවස්ථාව ඇතුළු වටිනා ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇත.

ශ්‍රී ලාංකිකයන්ගේ සිහින හා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කරමින් වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා යන ගමනේදී, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැපයීම සිය අරමුණ කරගත් රක්ෂණ උපදේශකවරුන් අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව යුනියන් ඇෂුවරන්ස් සමාගම විශ්වාස කරයි. එම කාර්යභාරය තවදුරටත් දිරිමත් කිරීම ‘යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ වැඩසටහනේ ඉලක්කය වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, රු. බිලියන 18.4 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 43.3 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 2021 මාර්තු මාසය වන විට 306% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.



අදහස් (1)

යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් ඇරඹේ විශිෂ්ට දක්ෂතා දක්වන රක්ෂණ උපදේශකවරුන්ට සුවිශේෂී ඇගයුම් හා ප්‍රතිලාභ

KUMAR (gulf) Friday, 06 August 2021 01:27 AM

පට්ට හොරු ඔක්කොම ඉන්ෂුවරන්ස් කාරයෝ

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 480 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2228 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site