IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


යුනියන් ඇෂුවරන්ස් කොමර්ෂල් බැංකු හවුල්කාරිත්වය සමග විශිෂ්ට වූ වසරක් සමරයි!

'Above and Beyond' තේමාව යටතේ යුනියන් ඇෂුවරන්ස් සමාගම කොමර්ෂල් බැංකුවේ බැංකු රක්ෂණ අංශය සඳහා වාර්ෂික සම්මාන උළෙල පසුගියදා සංවිධාන කළේය. පසුගිය වසර 12 ක කාලය පුරා අඛණ්ඩව වඩාත් ශක්තිමත් වූ එම සබඳතාවේ තවත් වාර්තාගත වසරක් සනිටුහන් කරමින් එම සම්මාන උළෙල පැවැත්විණි. කොමර්ෂල් බැංකුවේ ඉහළ  කාර්යසාධනයක් පෙන්නුම් කරන ශාඛා සහ කාර්යමණ්ඩල සාමාජිකයින් ඇගයුමට ලක් කෙරුණු මෙම අවස්ථාව සඳහා ආයතන දෙකම නියෝජනය කරමින් ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් සහභාගී වූහ.

මෙරට ප්‍රමුඛත ම බැංකු රක්ෂකයාවන යුනියන් ඇෂුවරන්ස් සහ මෙරට විශාලත ම පුද්ගලික බැංකුවවන කොමර්ෂල් බැංකුව අතර ඇති සවිමත් සබඳතාව "Above and Beyond' තේමාවෙන් වඩාත් පිළිබිඹු විය. යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස්, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, යුනියන් ඇෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක, කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ අංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී දෙලක්ෂන් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළුව සමාගම දෙකෙහිම විධායක ශ්‍රේණියේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා, කොමර්ෂල් බැංකුව සමග ඇති සබඳතාවයේ වාර්තාගත සාර්ථකත්වයක් ළඟාකර ගැනීමට හැකිවීම පිළිබඳ සිය සතුට පළ කළේය. මෙරට රක්ෂණ සේවා භාවිතකරන පිරිස වර්ධනයකර ගැනීමටත්, රැකවරණ පරතරය අවමකර ගැනීමටත්, සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සිහින බලගැන්වීමටත් මෙම දිගුකාලීන සබඳතාව මනා පිටිවහලක්වනු ඇති බව කියා සිටියේය. ශ්‍රී ලංකාවේ විශාලත ම බැංකු රක්ෂණ සම්පාදකයා ලෙස යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව දෙවන වසරටත් නව ව්‍යාපාරික වාරික අංශයෙන් රු. බිලියනයක කඩයිම පසුකර ඇති අතර එම සාර්ථකත්වයේ ගමන්මග තුළ කොමර්ෂල් බැංකුව නොසැලෙන සහකරුවෙකු ලෙස රැඳී සිටි බවත් ඒ මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

පසුගිය වසර තුළ විදහා දැක්වූ විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් කොමර්ෂල් බැංකු කණ්ඩායමට සුබපැතුම් එක් කළ ගෝම්ස් මහතා, මෙම සම්මාන මගින් ඔවුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කෙරෙන බව ද සිහිපත් කළේය. "එකම වහලක් යටින් බැංකුවේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා අනුව සැකසූ විසඳුම් ලබා දෙමින් අපගේ සබඳතාව මෙරට බැංකු රක්ෂණ ක්ෂේත්‍රය ජීවමානකර තිබෙනවා." ඒ මහතා අවධාරණය කළේය.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ද මෙහිදී අදහස් පළ කරමින් බැංකු රක්ෂණ අංශයේ සම්මානලාභීන් ප්‍රශංසාවට ලක් කළේය. "දශකයකට අධික කාලයක පටන් අඛණ්ඩව සවිමත් වෙමින් පෙරට ආ අපගේ සබඳතාව මෙම ජයග්‍රහණ මගින් තවදුරටත් සවිබල ගැන්වෙනවා. ආයතන දෙකම සතු පුළුල් සේවා පෙළ හේතුවෙන් පාරිභෝගිකයින් හට ප්‍රතිලාභ හිමි වනවා. අපගේ සබඳතාව තුළ අප ඩිජිටල්කරණයෙන් උපරිම ඵල නෙළා ගනිමින් පාරිභෝගිකයින්ට බාධාවකින් තොර අත්දැකීමක් උරුමකර දීමට සමත්ව සිටිනවා."

සම්මානලාභීන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම තමන් අගයකරන බව යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා ප්‍රකාශ කළේය. "අභියෝගාත්මක වාතාවරණයක වුව ද, තමන්ගේ නොසැලෙන ගුණය මනාව පිළිබිඹු කරමින් ඔවුන් සේවා විශිෂ්ටත්වය හරහා අසමසම ප්‍රතිඵල ළඟාකර දී තිබෙනවා."

මෙහිදී අදහස් පළ කළ කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දෙලක්ෂන් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, බැංකු රක්ෂණ අංශයේ කාර්යසාධනය ඉතාම ප්‍රශංසනීය බවත්, ඔවුන් ක්‍රමයෙන් ඉහළටම ගමන්කරන අතර මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අභිලාශ ද මුදුන්පමුණුවන බවත්ය.

සම්මාන රාත්‍රියේදී, වවුනියාව ශාඛාව 2022 ශාඛා ශුරයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, දෙවන ස්ථානය නෙල්ලිඅඩි ශාඛාවට ද, තෙවන ස්ථානය වැල්ලවත්ත ශාඛාවට ද හිමි විය. උතුරු පළාත ප්‍රාදේශීය  ශූරතාව හිමිකර ගත් අතර, කොළඹ-උතුර දෙවන ස්ථානයත්, ඌව සබරගමුව පළාත තෙවන ස්ථානයත් හිමිකර ගන්නා ලදි.

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 දෙසැම්බර් මාසය වන විට රු. බිලියන 16.4 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහ රු. බිලියන 54.9 ක ජීවිත රක්ෂණ අරමුදලක් වාර්තා කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමන අතර, එහි කාර්ය මණ්ඩලයේ සේවය කරන සංඛ්‍යාව 4,000 කට අධික ය. රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික-කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් කොමර්ෂල් බැංකු හවුල්කාරිත්වය සමග විශිෂ්ට වූ වසරක් සමරයි!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 104 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site