යූනියන් ඇෂුවරන්ස් සමාගම, කෙටිකාලීන ආයෝජනයක් ඔස්සේ දීර්ඝකාලීන රැකවරණයක් සමග ප්‍රතිලාභ රාශියක් හිමිකර ගනිමින් සාර්ථක ජීවිතයක් උදාකර ගැනීමට අත්වැලක් වීම සඳහා ‘ස්මාර්ට් ලයිෆ්’ (Smart Life) නමින් සුවිශේෂී සැලසුමක් හඳුන්වා දී තිබේ. මෙම සැලසුම ඔස්සේ වසර 3 ක්, 5 ක් හෝ 7 ක් දක්වා පමණක් ආයෝජනය කිරීමෙන් වසර 40 ක් දක්වා ප්‍රතිලාභ ලැබීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබෙනු ඇත.
කෙටිකාලීන ආයෝජනයක් තුළින් තම ජීවිතයේ ආයෝජන හා රැකවරණ ඉලක්ක ළඟා කරගැනීමට අපේක්ෂා කරන කාටත් යූනියන් ඇෂුවරන්ස් ස්මාර්ට් ලයිෆ් කදිම විසඳුමකි. එමෙන්ම එය සැලසුම් හිමියාගේ ආදරණීයයන්ටද රැකවරණය සලසන අතර, කල්පිරීමේදී ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක්ද පිරිනමයි. දැනට මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් පවතින අඩු පොලී තත්ත්වයන් දෙස බලන විට, ස්මාර්ට් ලයිෆ් යනු වඩාත් ස්ථාවර ආයෝජනයක් වනු නිසැක ය.
මීට අමතරව හෙල්ත් 360 (HEALTH 360), හදිසි අනතුරු ප්‍රතිලාභ සහ ආබධිතභාවය සම්බන්ධ ප්‍රතිලාභ යනාදී අතිරේක ආවරණයන්ද මෙම මූලික සැලසුමට එක්කර ගත හැකි වේ. හෙල්ත් 360 යනු රක්ෂිතයාගේ සැමියා/ බිරිඳ, දරුවන් සහ දෙමාපියන් වශයෙන් පරම්පරා තුනකට රැකවරණය සලසන සුවිශේෂී ආවරණයකි. එමගින් වඩාත් පහසුවෙන් මුළු පවුලටම රැකවරණය හිමි වන අතර, රෝහල් ගාස්තු, සැත්කම්, ඖෂධ, මාතෘ සේවාවන්, වෛද්‍ය ගාස්තු, දන්ත වෛද්‍ය ගාස්තු සහ අක්ෂි වෛද්‍ය ගාස්තු යනාදී වශයෙන් පුළුල් පරාසයක් ආවරණය කරයි.
රක්ෂණ කාලසීමාව අවසානයේදී ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදෙන යූනියන් ඇෂුවරන්ස් ස්මාර්ට් ලයිෆ්, කෙටිකාලීන හෝ දීර්ඝකාලීන ඉතුරුම් ඉලක්ක ළඟා කරගැනීමට අපේක්ෂා කාටත් ඉතාමත් හොඳින් ගැළපෙන ආයෝජන සහ රැකවරණ විසඳුමක් වනු ඇත.
ස්මාර්ට් ලයිෆ් පිළිබඳ වැඩිදුර තොරතුරු, යූනියන් ඇෂුවරන්ස් ක්ෂණික ඇමතුම් අංකය වන 1330 ඇමතීමෙන් හෝ https://unionassurance.com/smart-life/ වෙබ් ලිපිනය වෙත පිවිසීමෙන් ලබාගත හැකි වේ.
නියමයන් හා කොන්දේසි සහිතයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යූනියන් ඇෂුවරන්ස් ‘ස්මාර්ට් ලයිෆ්’ වෙතින් කෙටිකාලීන ආයෝජනයකින් දීර්ඝකාලීන රැකවරණයක්
රොශාන් Sunday, 06 March 2022 09:59 AM
අහිංසක මිනිසුන්ගෙ සල්ලි අරන් 2009දී රටින් පැනලා යන උපුල් ප්‍රියන්ත කියන රක්ෂණ නියෝජිතයා අවුරුදු ගණනාවකට පසු නැවතත් යූනියන් ඇශුවරන්ස් ආයතනයේම රැකියාවට ගැනීම මෙම ආයතනයේ තිබෙන කෛරාටික ගතිය කියා පායි. දන්න සියළු දෙනාටම මම කියන්නෙ උපුල් වැනි හොරුන් වැඩ කරන යූනියන් ඇශුවරන්ස් වැනි ආයතන සමග ගනුදෙනු කිරීමෙන් වලකින ලෙසයි.