IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


යුනියන් ඇෂුවරන්ස් සමාගම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්වී COVID-19 පිළිබඳව ජනතාව දැනුවත් කරයි

වමේ සිට) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. ඩී. කොග්ගලගේ මහතා, එම කාර්යාංශයේ වෛද්‍ය නයනි ධර්මකීර්ති මහත්මිය සහ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා  

යුනියන් ඇෂුවරන්ස් සමාගම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්වී, COVID-19 රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මූලික වශයෙන් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මගින්, මුහුණු ආවරණ භාවිතා කිරීමට අමතරව ඒවා ගබඩා කර තැබීම සහ ඉවත දැමීම සම්බන්ධ මාර්ගෝපදේශ වැනි, සාමාන්‍යයෙන් පොදු ජනතාව අතර අවබෝධය අඩු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකිරීම මෙන්ම, පොදු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව යොමු කරවීමද සිදුකෙරෙනු ඇත. 

"2021 අප්‍රේල් මාසය අවසානයේ සහ මැයි මස මුල සිට COVID-19 ආසාදිතයන් වාර්තා වීම වේගයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ, සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් ජනතාව යළි යළිත් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ලෙස යුනියන් ඇෂුවරන්ස් සමග එක්වී ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහන අපට ජනතාව අතර යහපත් පුරුදු ප්‍රචලිත කරවීම සඳහා මනා පදනමක් වේවි." සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. ඩී. කොග්ගලගේ මහතා පැවසී ය. 

"යහපත් සෞඛ්‍ය හා පෞද්ගලික චර්යාවන් මගින් COVID-19 ව්‍යාප්තිය පාලනය කළ හැකි බව අපට පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා. සන්නිවේදනය ඔස්සේ නිසි අවබෝධය ඇතිකරමින්, යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට ජනතාව යොමු කරවීමට අපට පුළුවන්. මේ වැදගත් පණිවිඩය රට පුරාම වෙසෙන ජනතාව වෙත සන්නිවේදනය කරවීම සඳහා යුනියන් ඇෂුවරන්ස් සමග එක්වී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමට හැකිවීම අපට සතුටක්." සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය නයනි ධර්මකීර්ති මහත්මිය පැවසුවා ය. 

මෙම වැඩසටහන යටතේ නිර්මාණය කෙරෙන වීඩියෝ දර්ශන මාලාව මගින්, උපරිම ආරක්ෂාවක් සඳහා නිවැරදි ආකාරයට මුහුණු ආවරණ පළඳින ආකාරය මෙන්ම, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නොමැති, මුහුණු ආවරණ නිසි ලෙස ගබඩා කර තැබීම හා ඉවත දැමීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමවේදයන් පිළිබඳව ජනතාව දැනුවත් කෙරේ.  මුහුණු ආවරණ පැළඳීමේදී මූලික අරමුණ වන්නේ සෞඛ්‍යාරක්ෂාව වුවද, ඒවා වැරදි ලෙස බැහැර කිරීම මගින් පරිසරයට සිදුවන හානි සහ, වැරදි ලෙස ගබඩා කර තැබීම මගින් ඇතිවන සෞඛ්‍ය අවදානම් මෙම වීඩියෝ මාලාව මගින් පෙන්වා දෙනු ඇත. 

"COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ ඇතිවී තිබෙන අවිනිශ්චිතතා නිසා, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සහයෝගය ලබාදීමේ වැදගත්කම සමාගම් හා ආයතන වලට හොඳින් අවබෝධ වී තිබෙනවා. ජනතාවට, මෙහෙයුම් වලට සහ ව්‍යාපාර කටයුතු වලට ඇතිවන බාධාවන් අවම කරගත හැක්කේ විවිධ පාර්ශ්වයන් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කිරීම මගිනුයි. මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අප ලද ගෞරවයක්." යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය. 

මෙම වැඩසටහනේ තවත් පියවරක් ලෙස, මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම ජනතාවට සිහිපත් කරවීම සඳහා 'මුහුණු ආවරණයක් පළඳින්න, ජීවිතයක් බේරගන්න' යන තේමාව මුල්කරගත් ප්‍රචාරණ වැඩසටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක කරන ලදි. සති තුනක් තුළ ශ්‍රී ලාංකිකයන්  මිලියන 3 කට අධික පිරිසක් වෙත ආමන්ත්‍රණය කිරීමට එම වැඩසටහන සමත් විය. 

මෙම වැඩසටහන, වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා ක්‍රියාවට නංවන ලද වැඩසටහනක තවත් ඉදිරි පියවරක් වශයෙන් ඉදිරිපත් කරනු ලබයි. 

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 මාර්තු මාසය වනවිට බිලියන 18.2 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 43.8 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 326% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී. 

 



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් සමාගම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්වී COVID-19 පිළිබඳව ජනතාව දැනුවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 171 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 379 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site