IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මේ ඔබේ ආදායම් බද්ද ගෙවීමේ කාලය ද? NDB Tax Caretaker ගිණුම අන් කවරදාකටත් වඩා දැන් ඔබේ කටයුතු පහසුවෙන්

වර්තමාන ප්‍රවණතා හා ජීවන රටාවේ දියුණුවට සමගාමීව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෑතකාලීනව බැංකු අන්තර්ජාල(Online) අරමුදල් හුවමාරු පහසුකම් හරහා බදු ගෙවීම් කටයුතු සක්‍රීය කිරීමට විකල්ප බදු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.NDB Tax Caretaker ලෙස මෙම විකල්ප බදු ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ NDB බැංකුව, පුරෝගාමී පියවරකට අවතීර්ණව සිටිනවා. ආදායම් බද්ද බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන අතරම දිවයින පුරා පවතින සීමා කිරීම් හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ, ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කිරීමේ දුෂ්කර කටයුත්තකට ඔබ මුහුණ දී සිටිනවා විය හැකියි.NDB බැංකුවේ NDB Tax Caretaker නම් වූ නවතම ගිණුම හඳුන්වාදීම සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති විකල්ප බදු ගෙවීම් ක්‍රමයට අනුව ගණනය කිරීමේ සිට ඔබේ ආදායම් බදු අන්තර්ජාලය හරහා ගෙවීම දක්වා වන කටයුතු හැකි සෑම ආකාරයකින්ම ආවරණය කරනු ඇත.


සෑම බදු කාර්තුවකටම ඇස්තමේන්තුගත ‘ගෙවිය යුතු මුළු බදු මුදල’ සකස් කර ගැනීම සඳහා සෑම මසකම ඔවුන්ගේ මාසික ආදායමෙන් යම් මුදලක් වෙන් කිරීමට NDB Tax Caretaker ගිණුම විසින් සිය පරිශීලකයින්  යොමුකරවීම මෙහිදී සිදුවෙනවා.විශේෂිත ‘බදු කැල්කියුලේටරය’ පාරිභෝගිකයින්ට ‘ගෙවිය යුතු ආදායම් බදු’ තක්සේරු කිරීමට සහ කාර්තුමය බදු ගෙවීම සඳහා සෑම මසකම ඉතිරි කළ යුතු මුදල තීරණය කිරීමටත් ලබා දෙන්නේ මහඟු උපකාරයක්. ඊට අමතරව, සෑම බදු කාර්තුවක් අවසානයේම, බදු අය කළ හැකි ආදායම නැවත පරීක්ෂා කිරීමෙන් පාරිභෝගිකයින් ගෙවිය යුතු ආදායම් බදු පරීක්ෂා කිරීමටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නීතිරීති / රෙගුලාසි වලට අනුව ඕනෑම සුදුසුකම් ලත් ගෙවීම් සහ සහන මත අවසන් ආදායම් බදු මුදල තීරණය කිරීමටත් හැකියාව ලැබෙනවා.එමෙන්ම NDB Tax Caretaker ගිණුම මඟින් ඉදිරියේදී ගෙවිය යුතු බදු ගෙවීම් පිළිබඳව කෙටි පණිවුඩ මතක් කිරීම්, ඉතිරිකිරීම් සඳහා වන ඉහළ පොලී අනුපාත, මුදල් ආපසු ගැනීමේ අසීමිත සීමා, ඩෙබිට් කාඩ්පත් සහ ජංගම බැංකු පහසුකම් මෙන්ම ආයෝජන, විදේශ මුදල් සහ වෙනත් මූල්‍ය ප්‍රවාහයන් ඇතුළු සියලුම ආකාරයේ ආදායම් මැනවින් කළමනාකරණය වැනි විවිධ ප්‍රතිලාභ සලසා දෙනවා.


මාසික ඉපැයීම් වලින් සාම්ප්‍රදායික ආදායම් බදු අඩු කිරීමේ ක්‍රමයට වඩා වෙනස්ව, NDB Tax Caretaker පහසුකම මඟින් සිය ගණුදෙණුකරුවන්ට බැංකුවේ Online ප්‍රවේශයක් වන NDB NEOS හරහා සෑම කාර්තුවකටම සෘජුවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ආදායම් බදු ගෙවීමට හැකියාව ලැබීම ද තවත් එක් විශේෂත්වයක්.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පාරිභෝගිකයා විසින්ම සුරක්‍ෂිත හා ඩිජිටල් ක්‍රමයක් ඔස්සේ  කාර්තුමය බදු ගෙවීමේ කටයුතු සඳහා බාධාවකින් තොරව ඉඩ විවර කිරීමට NDB බැංකුව මෙලෙස ගෙන ඇති පියවර Online බැංකු අත්දැකීම්වල කැපී පෙනෙන වර්ධනයක්.


සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රමයට කැමති පරිශීලකයින්ට, ආදායම් බදු ගෙවීමේ පත්‍රිකාව සමඟ NDB ශාඛාවකට ගොස්,නොමිලේ නිකුත් කරනු ලබන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට වන ගෙවීම් නියෝගය ලබා ගත හැකියි.හැඳුනුම්පත සහ පදිංචිය සනාථ කිරීමේ ලියවිලි පෙන්වීමෙන් මෙන්ම ඇස්තමේන්තුගත මාසික බදු මුදලට අදාළ  ස්ථාවර නියෝගයක් ලබා දීමෙන් NDB Tax Caretaker ගිණුමක් රු. 1,000 ක මූලික තැන්පතුවකින් විවෘත කිරීමේ හැකියාව තිබෙනවා.සියළුම ගණුදෙණුකරුවන්ට නව්‍ය හා ප්‍රබෝධමත් මූල්‍ය විසඳුම් ලබා දෙන ප්‍රමුඛ බැංකුවක් ලෙස, NDB බැංකුව හඳුන්වාදෙන NDB Tax Caretaker ගිණුම තම ගණුදෙණුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලන කාලෝචිත Online විසඳුමකි.මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වූ ජාතියක් ගොඩනැගීමේ දැක්මක් සහිත NDB බැංකුව සිය විශ්වාසවන්ත අනුග්‍රාහකයන්ට කාර්යක්ෂම, ඵලදායී හා වැඩිදියුණු කළ බැංකු අත්දැකීම් ලබා දීමේ පෙරමුණ ගෙන කටයුතු කරන පුරෝගාමියෙක් ද වනවා.එහි ගැඹුරට මුල් බැසගත් මූලික සාරධර්ම නිරන්තර විශිෂ්ඨත්වයට හේතු වන අතර එහි දිගුකාලීන ගණුදෙණුකරුවන් වසර ගණනාවක සිට බැංකුවේ අඛණ්ඩ වර්ධනයට සහ සාර්ථකත්වයට මහඟු සාක්ෂියක් වන බව නොඅනුමානයි.

Visit https://www.ndbbank.com/personal/accounts/ndb-tax-caretaker  



අදහස් (0)

මේ ඔබේ ආදායම් බද්ද ගෙවීමේ කාලය ද? NDB Tax Caretaker ගිණුම අන් කවරදාකටත් වඩා දැන් ඔබේ කටයුතු පහසුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 171 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 379 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site