
ක්‍රිකට් හා විනෝදය සමග සබැඳුනු ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන්ගේ හද බැඳි ප්‍රීමා කොත්තු මී “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක හත්වැනි වරටත් ක්‍රියාත්මක කෙරෙන බව පසුගියදා නිවේදනය කෙරිණ. 2021 ඔක්තෝබර් මස 01 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා දිනපතා හා සතිපතා දිනුම් ඇදීම් සමග මාසික මහා දිනුම් ඇදීම් හරහා ජයග්‍රාහකයන් රැසක් මෙවරත් හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහන සමග බිහිකෙරේ.
ඕනෑම ප්‍රීමා කොත්තු මී හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් පැකට්ටුව තුල ඇති සැෂේ පැකට්ටුවෙහි මුද්‍රිත රහස් අංකය, 2343 අංකයට SMS කිරීමෙන් හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහන වෙත ඇතුලත් වී වටිනා ත්‍යාග රැසක් දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට හිමිවේ. මාස 2 පුරා දිනපතා ජයග්‍රාහකයන් 2 දෙනා බැගින් තෝරාගෙන ෆිට්නස් බෑන්ඩ් එකක් ලෙස ක්‍රියාකරන අගනා ස්මාට් අත් ඔරලෝසුද, සතිපතා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයන් 2 දෙනෙකු වෙත අගනා ස්මාට් ජංගම දුරකතනද මෙහිදී පිරිනැමේ. එමෙන්ම සතිපතා තෝරාගන්නා තවත් වාසනාවන්ත ජයග්‍රාහකයෙකු සඳහා රු. 50, 000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත අතර “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” ප්‍රවර්ධන වැඩසටහන අවසානයේ තෝරාගැනෙන අවසන් ජයග්‍රාහකයා වෙත රු. 250, 000 ක මුදලක් දිනාගැනීමේ අවස්ථාව ද උදාවේ.
විනෝදකාමී ශ්‍රී ලාංකීය රසවතුන්ගේ ප්‍රියතම සන්නාමයක් වන ප්‍රීමා කොත්තු මී සෑම වසරකදීම තමන් හා එක්ව සිටින හිතවත් පාරිභෝගිකයන් වෙත “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” ප්‍රවර්ධන වැඩසටහන හරහා සිය ආදර ගෞරවය පළ කරනු ලබයි. ප්‍රීමා කොත්තු මී සමග “ගෙදර ක්‍රිකට් ෆන් තමයි” යන තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන විඩාබර ශ්‍රී ලාංකිකයන්ට නව ප්‍රබෝධයක් එක් කරන්නට සමත්වනු ඇත.
2025 දෙසැම්බර් මස 04
171
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
379
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රීමා කොත්තු මී “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” තෑගි රැසක් සමග නැවතත්
අප්පුහාමි Monday, 11 October 2021 01:26 PM
ඉන්දියාව වැනි විශාල රටවලට පළාත් සභා සුදුසු වුනත් දිනක් තුල වාහනයකින් යා හැකි මේ රටට පළාත් සභා අවශ්‍ය නැහැ. ලංකාවෙ යුධ ගැටුම් වෙලාවෙ රජිව් ගාන්ධි පළාත් සභා ඇති කලා. එම ගැටුම් මාලදිවයිනේ ඇති වුනොත් රජිව් එහෙත් පළාත් සභා ඇති කරාවි.මම දකින්නේ පළාත් සභා ඇතිකිරීමෙන් ලංකාවේ සංවර්ධනය අඩාල වුනා කියල
Dionronan16 Tuesday, 19 October 2021 04:21 PM
හොදයි