IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


නිදහස් දිනය වෙනුවෙන් මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ අභිමානවත් 75 වන වසර සමරන මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු ඉන්දියානුවන්ට සහ ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට මාගේ හෘදයාංගම සුභාශිංසන පළ කරමි. අප දෙරට ශක්තිමත් නායකත්වයේ මඟ පෙන්වීමෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා කොවිඩ්-19 ගෝලීය වසංගතයේ අභියෝගයන් ජය ගනිමින් සාර්ථකව ඉදිරියට ගොස් ඇත. 2020 සැප්තැම්බර් මාසයේ දී අප දෙරට අග්‍රාමාත්‍යවරුන් අතර අන්තර්ජාලය ඔස්සේ පැවති ප්‍රථම ද්විපාර්ශවික සමුළුව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් මෙම වසරේදී සිය පළමු විදේශ සංචාරය ලෙස සිදු කළ ශ්‍රී ලංකා සංචාරය සහ 2020 නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන සියලු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය සඳහා මාර්ග සිතියම සකස් කර ඇත.

2.      ශ්‍රී ලංකාව පුරා ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතීන් සඳහා ඉන්දියාවේ සහයෝගය දිවයිනෙහි සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට අර්ථාන්විත බලපෑමක් සිදු කර ඇත. යටිතල පහසුකම්හි සිට ධාරිතා ගොඩනැගීම දක්වා නිදසුන් රැසක් පවතින අතර 2017 වර්ෂයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයේ වැදගත්ම ප්‍රතිඵල අතරින් එකක් වූ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව කොවිඩ් වසංගත තත්ත්වය තුළ ශ්‍රී ලාංකික ජනතාවට බෙහෙවින් මහෝපකාරී වී ඇත.

3.      ගෙවී ගිය වසර තුළ දී ඉන්දියාව කොවිඩ්-19 වසංගතයේ අභියෝගයන්ට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සටනේ කොටස්කරුවෙකු මෙන්ම නව මුල්පිරීම් හි විශ්වාසදායි සහ දිගුකාලීන සහකරුවෙකු වී ඇත. MT නිව් ඩයමන්ඩ් හා MV එක්ස්ප්‍රස් පර්ල් වැනි නෞකාහි හටගත් ගිනි නිවීම හෝ මෙම වසරේ ජනවාරි මාසයේදී කොවිෂීල්ඩ් එන්නත සමඟින් ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීම වැනි කවර හෝ කර්තව්‍යයක දී වේවා ඉන්දියාව ප්‍රථම ප්‍රතිචාරකයා වී ඇත. ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ව්‍යාපෘතීන් සංවර්ධනය උදෙසා ඉන්දියාව විසින් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක සහනදායි ණය මුදල ශ්‍රී ලංකා රජය පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් දක්වන ප්‍රමුඛතාවයට ශක්තියක් වේ. ඉන්දියාව දෙරට ජනතාවගේ පොදු සෞභාග්‍යය වෙනුවෙන් ආර්ථික අන්තර්ක්‍රියාවන් වැඩි වශයෙන් ප්‍රවර්ධනය කිරීම උදෙසා යටිතල පහසුකම්, බලශක්තිය, සම්බන්ධකතාවය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ වෙනත් අංශයන් හි තවත් මෙවන් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට කැප වී සිටියි.

4.      දෙරටෙහි කොවිඩ්-19 වසංගතයේ දරුණුම තත්ත්වයන්හි දි එකිනෙකාගේ සුබසිද්ධිය වෙනුවෙන් දෙරටෙහි ම විශේෂ ආශිර්වාද පූජා සහ වැඩසටහන් පැවැත්වීම සිත් සංවේදී කරවන සුළු ය. මේ අනුව සාරානාත් හි මූලගන්ධකුටි විහාරයේ දී සහ තිරුමාලා හි තිරුපති කෝවිලේ දී ද විශේෂ ආශිර්වාද පූජාවන් පැවැත්විණ. දෙරට සහ දෙරටෙහි හමුදාවන් අතර සහයෝගීතාවය, සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදාව විසින් පවත්වන ලද ගුවන් සරඹ සංදර්ශනයේ දී ද ඉන්දියාව සාඩම්බර සහකරුවා විය. එවන් ගුවන් සරඹ සංදර්ශනයක් ඉන්දීය ගුවන් හමුදාව විසින්  ශ්‍රී ලංකාවේ පවත්වන ලද්දේ ප්‍රථම වරට ය.

5.      ස්වයං විශ්වාසී ඉන්දියාව කොවිඩ් අභියෝගයන්ගේ සෙවණැල්ලෙන් මිදී අපනයනයන්ගේ වාර්තාගත වර්ධනයක් සහ වේගයෙන් ඉහළ යන ආයෝජන සමඟින්  ඉදිරියට පියමනින මෙම අවස්ථාවේදී මා සහ මහ කොමසාරිස් කාර්යාලයේ මාගේ නිලධාරීන් ඉදිරි මාස සහ වසරවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඉපැරණි ශිෂ්ටාචාරමය බැඳීම් සෞඛ්‍යය, සුබ සිද්ධිය සහ ආර්ථික වර්ධනය යන ක්ෂේත්‍රයන් වෙත විශේෂ අවධානයක් යොමු කරමින් ශක්තිමත් කිරීමට කැප වී සිටිමු.

 

(ගෝපාල් බාග්ලේ) 



අදහස් (3)

නිදහස් දිනය වෙනුවෙන් මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

Nimal Wednesday, 25 August 2021 01:35 PM

ඉන්දීය රජයට සහ ජනතාවට නිදහස් දින සුබ පැතුම්!

:       0       2

Chandima Friday, 03 September 2021 07:08 AM

විජය මරිලාවත් මෙහෙම දන් දුන්නේ නැහැනේ ?

:       0       0

R.k .p lakshika Friday, 03 September 2021 01:43 PM

ත්‍රිවිධ හමුදා පොදු සමාව ලබා දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1164 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site