IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


දරුවන්ගේ හෙට දවස නිදහසින් සරසන්න මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ ’

මීට දශක 5 ක කාලයක සිට අද දක්වාම ළමයින් අතර ජනප්‍රිය වුණ ගිතයක් විදියට ‘සකල බුජං කොට කලිසං ගීතය’ සඳහන් කරන්න පුළුවන්. 60 -70 දශකයේ ශ්‍රී ලාංකේය සංගීත කරලියේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණු ධර්මරත්න බ්‍රදර්ස් හි සාමාජිකයෙක් වන මෙල්රෝයි ධර්මරත්නයන් එදා සමාජයේ අත්දැකීම් පදනම් කරගනිමින් රචනා කළ ‘සකල බුජං’ ගීතය අත්දැකීම් විරල වුණත් අදත් ළමයින් අතර ඒ විදයටම ජනප්‍රියයි කියන එක රහසක් නෙවෙයි. එදා ශිරෝමි ප්‍රනාන්දු ළමා ගායිකාව විසින් ගායනා කළ මේ අපූරු ළමා ගීතය කාලයත් සමඟ වත්මන් සමාජයට ගැළපෙන ආකාරයෙන් ‘පුංචි සුරං ’ බවට වෙනස් වුණේ ලෝකයට බොහෝ පාඩම් කියා දෙමින්. ‘සකල බුජං’ අද ‘පුංචි සුරං’ වුණේ  කොහොමද? අපි මේ ගැන ගීතයේ හිමිකරු වන මෙල්රෝයි ධර්මරත්නයන්ගෙන් විමසුවා.

ගීතයක් විදියට ගත්තොත් ‘සකල බුජං’, ‘පුංචි සුරං’ බවට පත් වෙන්නේ වචනාර්ථයෙන් පමණක් නෙවෙයි. ගීතයේ අන්තර්ගත අර්ථය පවා සම්පූර්ණයෙන් වෙනස් වෙමින් තමයි මේ ගීතය වෙනස් වීම සිද්ධ වෙන්නේ. ඇත්තටම මේක ගීතය වෙනස් වීමක් විදියට වඩා ගීතය නැවත ඉපදීමක් විදියට දකින්න මම කැමතියි.

ඇයි මුල් ගීතය මේ ආකාරයේ වෙනස් වීමකට ලක් වුණේ ?

මා විසින් රචනා කරපු ‘සකල බුජං කොට කලිසං’ ගීතයට මූලික වුණේ නිවසක සේවය කරන කුඩා දරුවෙක්. හරියටම කියනවනම් ළමා මෙහෙකරුවෙක් ගැන තමයි ඒ ගීතයෙන් කියවෙන්නේ. එදා ළමා මෙහෙකරුවෙක් කියන දේ ගැන ලොකු අවධානයක් තිබුණේ නැහැ. නමුත් අද තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. දරුවන් ගැන තියෙන අවධානය ඉතා ඉහළයි. ඒ නිසාම ළමා මෙහෙකාර සේවය කියන දේ අද නීතියෙන් තහනම් කර තිබෙනවා. සතුට සහ නිදහස කියන දේ දරුවන් ඉහළින්ම බලාපොරොත්තු වන දෙයක්. ඔවුන් ඊට ඉතාමත් කැමතියි. එවන් තත්වයක් තුළ තව දුරටත් කොයි තරම් ජනප්‍රිය වුණත් මේ ගීතය වර්තමාන සමාජයට ගැළපෙන්නේ නෑ.

ඒ වගේ අවස්ථාවක තමයි මැලිබන් ගෝල්ඩ් මාරි දරුවන්ගේ නිදහස වෙනුවෙන් ලෝක ළමා දිනය අරමුණු කර ගනිමින් මේ ගීතය වර්තමානයට ගැළපෙන ආකාරයෙන් වෙනස් කිරීමේ යෝජනාව මට ඉදිරිපත් කළේ. ළමයි කියන්නේ මල් වගේ කියලා තමයි අපි හැමදාම කිව්වේ. ඒක මමත් ඉහළින්ම පිළිගන්න දෙයක්. මැලිබන් ගෝල්ඩ් මාරි වෙළෙඳ නාමය විසින් සිදු කළ යෝජනාව මම ඉතාමත් ආසාවෙන් පිළිගත්තා. මොකද දරුවන්ට හොඳම දේ, ගැළපෙනම දේ ලබා දිම වැඩිහිටියන් විදියට අපේ යුතුකමක්.

ඒ වගේම මෙම නව ගීතය හරහා නිර්මාණය වන ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල තුළින් අපේ දරුවන් වෙනුවෙන් අමිල කාර්ය භාරයක් ඉටු වනු ඇතැයි මම විශ්වාස කරනවා. මැලිබන් ආයතනය සෑම ගෝල්ඩ් මාරි පැකට්ටුවකින්ම ශත 50ක මුදලක් එම අරමුදල වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම, ඔවුන්ගේ පෞරුෂ වර්ධනය හා ආකල්ප වර්ධනය කිරීම මෙන්ම ළමයින් සතු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැනි දරුවන්ගේ අනාගත දියුණුවට අවශ්‍ය බොහෝ දේ එම අරමුදල තුළින් දායකත්වය දැක්වීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. අපේ දරුවන් වෙනුවෙන් මේ ආකාරයේ සද්කාර්යයකට මගේ නිර්මාණය ලබා දීමට ලැබීම පිළිබඳවත් මම ඉතාමත් සතුටු වෙනවා.

පද රචක මෙල්රෝයි ධර්මරත්න මහතා (වම්පස) සහ මැලිබන් බිස්කට් පුද්. සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිණී කුෂානි පීරිස් මහත්මිය (දකුණු පස)             

අලුත් ‘පුංචි සුරං’ ගීතයත් එක්ක මුල් ගීතයට තිබුණු ජනප්‍රියත්වය අඩු වෙයිද?

මුල් ගීතය දැන් ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. මම මුලින් කිව්වා වගේ දැන් ඒක වර්තමාන ළමා ලෝකයට ගැළපෙන්නේ නෑ. ඒ නිසයි අලුත් ගීතයක් එළි දක්වා තිබෙන්නේ. මුල් ගීතයේ සංගීතය ඒ විදියටම අලුත් ගීතයේ තිබෙනවා. වෙනසකට තිබෙන්නේ වචනවල වෙනසයි, ගීතයේ අර්ථයේ වෙනසයි විතරයි. මුල් ගීතය ළමා මෙහෙකරවෙක් ගැන වුණත් අලුත් ගීතය තිබෙන්නේ සතුටින් නිදහසේ සිටින දරුවෙක් ගැන කතාවක්. සතුට, නිදහස කියන දේට දරුවන් ගොඩක් කැමතියි. ඒ නිසා මම හිතනවා අලුත් ගීතය දරුවන් බොහෝ සෙයින් වැළඳ ගනියි කියලා. ඒ වගේම ‘පුංචි සුරං’ ගීතය වැඩි වැඩියෙන් රස විඳින ලෙස මම දරුවන්ගෙන් මෙන්ම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා .

ලෝක ළමා දිනය වෙනුවෙන් මේ ආකාරයේ කටයුත්තක් සිදු කිරීමට කටයුතු කිරීම පිළිබඳව අදහස් දැක් වූ මැලිබන් බිස්කට් පුද්. සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිණී කුෂානි පීරිස් මහත්මිය සඳහන් කළේ මෙවන් අදහසක් ...

ලෝක ළමා දිනය අනෙක් හැම අවුරුද්දකටම වඩා මේ වසරේදී දරුවන්ට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මොකද පවතින වසංගත තත්වයත් එක්ක දරුවන්ගේ ලෝකය නිවසට සීමා වෙලා නිසා ඔවුන්ගේ ජීවිතය ඒකාකාරී වෙලා. යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න, නිදහසේ දුවන්න පනින්න අවස්ථාවක් ඔවුන්ට නෑ. මානසික මෙන්ම ශාරීරික නිදහස කියන දේ ඔවුන්ගේ ඉදිරි ජීවිතයට ගොඩක් වැදගත්.

දශක 7කට ආසන්න විශ්වාසනීය ඉතිහාසයකට උරුම කම් කියන මැලිබන් ගෝල්ඩ් මාරි කියන්නේ දරුවන් වෙනුවෙන්ම වුණු නිෂ්පාදනයක්. විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය පෝෂණීය සාධකයන්ගෙන් පරිපූර්ණ තත්වයෙන් උසස් නිෂ්පාදනයක් ලෙස මැලිබන් ගෝල්ඩ් මාරි හඳුන්වා දෙන්න පුළුවන්. මැලිබන් බිස්කට් නිර්මාතෘවරයාගේ මූලික අරමුණ බවට පත් වුණේ තත්වයෙන් උසස් විශ්වසනීය නිෂ්පාදනයක් දරුවන් වෙත ලබා දීමයි. මැලිබන් ගෝල්ඩ් මාරි හඳුන්වා දුන්නේ ඒ වෙනුවෙන්. එතුමාගේ දැක්ම අදටත් ඉදිරියට ගෙන යමින් මැලිබන් ගෝල්ඩ් මාරි දරුවන්ගේ රස නිදහස වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින බව පැවසිය යුතුයි.

 ඒ නිදහස අර්ථවත් කරන්න පුළුවන් දරුවන්ට දැනෙන ආකාරයේ නිර්මාණශීලී අදහසක් විදියට තමයි ‘සකල බුජං ’ගීතය ‘පුංචි සුරං’ විදියට වෙනස් වුණේ. මෙම වෙනස් කිරීම වෙනුවෙන් ගීතයේ නිර්මාතෘ මෙල්රෝයි ධර්මරත්න මහතා සිදු කළ කැප කිරීම ඉතාම විශිෂ්ටයි. එතුමා මේ පිළිබඳව ඉතාමත් අවබෝධයෙන් දරුවන් තුල යහපත් ආකල්පයන් ඇති කිරීම වෙනුවෙන් තමන්ගේ නිර්මාණය වෙනස් කිරීමේ අවස්ථාව අපට ලබා දුන්නා. ඒ අනුව තමයි ‘පුංචි සුරං’ ගීතය එළි දක්වන්නේ.

එහි ප්‍රධාන අරමුණ විදියට දරුවන්ගේ නිදහස වෙනුවෙන් වන ‘නිදහසේ රන් දරුවෝ ’අරමුදල හඳුන්වා දෙන්න පුළුවන්. අලෙවි වන සෑම මැලිබන් ගෝල්ඩ් මාරි පැකට්ටුවකින්ම ශත 50ක මුදලක් එම අරමුදල වෙනුවෙන් දායක කිරීමට අපි කටයුතු කර තිබෙනවා. මෙම ගීතයත් සමඟ ආරම්භ වන ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල තුලින් රටේ අනාගතය භාර ගන්න ඉන්න පුංචි ළමා පරපුර වෙනුවෙන් ඔවුන්ගේ හෙට දවස තව තවත් ඔප්නැංවීමටත්, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් ඔවුන් සතු කුසලතා දියුණු කිරීමටත්, පෞරුෂ හා ආකල්ප වර්ධනය කිරීමටත්  මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් තව තවත් කළ එළි ගැන්වීමටත් බලාපොරොත්තු වෙනවා ගලෝක ළමා දිනය වෙනුවෙන් අපේ දරුවන්ට ලබා දිය හැකි හොඳම දේ ඔවුන්ගේ අනාගතය සරුසාර කිරීමට මැලිබන් ආයතනය ඇප කැප වී කටයුතු කරන බවට මේ මොහොතේ සඳහන් කළ යුතුයි. ඒ වගේම දරුවන්ගේ නිදහස සහ අනාගතය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙවන් අර්ථවත් ව්‍යාපෘතියක් සඳහා නන් අයුරින් සහාය වූ සියලුම දෙනාට මැලිබන් ගෝල්ඩ් මාරි වෙළෙඳ නාමයේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.



අදහස් (0)

දරුවන්ගේ හෙට දවස නිදහසින් සරසන්න මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ ’

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න
2025 අප්‍රේල් මස 29 372 0

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර


HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.
2025 අප්‍රේල් මස 29 97 0

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප


ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ
2025 අප්‍රේල් මස 18 1125 0

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය
2025 අප්‍රේල් මස 11 451 0

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 592 2

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 1148 2

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 372 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site