IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඩයලොග් රෝහල් 20 කට වීඩියෝ තාක්ෂණයෙන් යුත් Tele Medicine උපකරණ පරිත්‍යාග කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය බල

ඡායාරූපයේ වමේ සිට දකුණට ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ තරසර අංශයේ විශේෂඥ ජෙයරාජසිංහම් අයිංගරාජ්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තරසර අංශයේ ප්‍රධානී චරිත රත්වත්තේ, පානදුර මූලික රෝහලේ වෛද්‍ය ලසිත් එදිරිසූරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කාංචන ජයරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්.

 

 

මෑත ඉතිහාසයේ අසීරු අවස්ථාවකට අප සැම මුහුණදෙමින් සිටින තත්වයක් තුළ Covid -19  වෛරසයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන සටනට සහායවෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම දිවයිනේ රෝහල් 20 කට කඩිනමින් අවශ්‍ය කර තිබෙන ඔැකැ ඵැාසජසබැ උපකරණ සහ විසඳුම් සැපයීමට පියවර ගෙන ඇත. උසත්‍ස රවුටර, ජංගම දුරකතන, ස්ථාවර දුරකතන සහ වෛරසය ආසාදනයවීම අවම කිරීමට උපකාරී වන දුරස්ථව රෝගීන් අධීක්ෂණය කළ හැකි විශේෂ කැමරා පද්ධතියක් පරිත්‍යාග කෙරුණු උපකරණ අතරට අයත් වේ.

COVID-19 වෛරසය ආසාදනයවීම අවම කරමින් එය තවදුරටත් ව්‍යාප්තවීම මර්ධනය කිරීම සඳහා රජය විසින් අනිවාර්ය කර ක්‍රියාවට නංවා ඇති ආරක්ෂක පියවර අනුගමනය කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩල වෙත සහායවීමට මෙම සම්බන්ධන විසදුම් පරිත්‍යාග කෙරිණි. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල්වල කාර්ය මණ්ඩලය එම වෛරසයට නිරාවරණයවීම වැළැක්වීම වෙනුවෙන්ද ඉහත පරිත්‍යාගය සිදු කරන ලදී. මෙලෙස පරිත්‍යාග කරන ලද කැමරා පද්ධති සහ WiFi  රවුටරවල ආධාරයෙන් වෛද්‍යවරුන්ට ඉතා පහසුවෙන් හුදෙකලා කරන ලද රෝගීන් අධීක්ෂණය කිරීමේ හැකියාව ලැබේ. මීට අමතරව හදිසි අවස්ථාවල සිදුකරන මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීමට හැකියාව ලැබෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය වෙත ස්ථාවර දුරකතනද ලබාදෙන ලදී. තවද COVID-19 වෛරසය  සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර, විස්තරාත්මක කරුණු සහ නවතම තොරතුරු වෛද්‍යවරුන්ට යොමුකළ හැකි ීඵී සේවාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හඳුන්වාදීමද සිදුවිය. වසංගතය ප්‍රජාව අතර ව්‍යාප්තවීම වළක්වාගැනීම සඳහා සිදුකරන ක්‍රියා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමටද  මෙම සේවාවට හැකියාව පවතී.

මෙම පරිත්‍යාගය ඩයලොග් ආසිආටා පීඑල්සී හි තවත් මූලාරම්භයක් වන අතර, COVID-19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටන හා සමාගම එක්වීමේ පියවරක් වශයෙන්ද සැලකිය හැකිය. මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ට නිවසේ සිට සුරක්ෂිතව, නිරතුරුව සම්බන්ධවිය හැකි බවට සහතිකවීම සඳහා දරන උත්සාහයේ කොටසක් ලෙස මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සහ මහජනතාවටe-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care iy e-Work solution (www.dialog.lk/home ඔස්සේ පිවිසිය හැක) වැනි පහසුකම් රැසක් සලසාදීමටද පියවර ගෙන ඇත.


 

 

 



අදහස් (1)

ඩයලොග් රෝහල් 20 කට වීඩියෝ තාක්ෂණයෙන් යුත් Tele Medicine උපකරණ පරිත්‍යාග කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය බල

maheshika Tuesday, 14 April 2020 09:05 AM

ඔය පරිත්‍යාගය කරන්න ඔය හැමෝම එක තැනකට රස කරන්නම ඕනෙද ?කාමරේ ඉදිරිපිට මෙහෙම රඟ දක්වන කාලයක් නොවෙයි මේ .මීටර් 2 ක දුර තියාගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1161 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1166 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site