ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම ඇති ඩිජිටල් මෙවලමක් වෙත පිවිසීමට මහජනතාවට හැකියාව ඇත .
‘2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සංසන්දකය’ යැයි මෙම මෙවලම නම් කර තිබෙණ අතර, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙන වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ඔවුනොවුන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයන්වලින් ලබා දී, ඇති පොරොන්දු ඊට එකතු කර ඇත.
පොරොන්දු එකතු කිරීමේ දී, ප්‍රකාශයන් සහ පුරෝකථනයන් හා බැදුණු පොරොන්දු නොසළකා හැර ඇත. ඒ වෙනුවට ක්‍රියාවක් හා බැදුණු පොරොන්දු කෙරේ අවධානය යොමු කර ඇත. එවැනි පොරොන්දු 1500කට අධික ප්‍රමාණයක් මෙම මෙවලමට ඇතුළත් ය.
එහි ඇති ප්‍රතිපත්ති ප්‍රකාශක සංසන්දකයෙන් අපේක්ෂකයින් ලබා දී, ඇති පොරොන්දු තේමා 15ක් ඔස්සේ එකිනෙක සසඳා බැලීමට හැකිය.
තවද, පරිශීලකයන්ට ඔවුන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයන් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ද, මෙම මෙවලමින් සළසා දී, ඇත. එසේ නිර්මාණය කරන ‘මනංකල්පිත’ ප්‍රතිපත්ති ප්‍රකාශයන් ප්‍රධාන අපේක්ෂකයින් තිදෙන ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයන් සමග කොපමණ තරමකට ගැලපේ ද, යන්නත් ඉන් කියයි.
මෙම වෑයම ගෝලීය වශයෙන් ද, සුවිශේෂී වන අතර, වෙරිටේ රිසර්ච් හි පාර්ලිමේන්තු පර්යේෂණ අංශය වන Manthri.lk වේදිකාවේ මෙම මෙවලම ස්ථාපිත කර තිබේ.
වැඩි විස්තර සදහා පහත සබැදිය භාවිතා කරන්න. දක්වා ඇති QR හරහා ද, සම්බන්ධවීමට පිළිවන. https://manthri.lk/en/presidential-election-manifesto-2024

2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්