සන්නිවේදන පවූර (Interactive Wall) කාණ්ඩයේ ජය මොරටුව විශ්වවිද්‍යාලයේ ආර්. ජවනීසන්ගේ ‘බුබුළු පවූර’ නිර්මාණයට
වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩයේ ජයතරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරංගා වඩුගේ ප්‍රමුඛ City School of Architecture ‘ලෝඩියා’ නිර්මාණයට
ජයග්‍රාහකයින් සඳහා රු.. 600,000/= මුදල් ප්‍රදාන
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් සංවිධානය කරනු ලැබූ ර්‍ණඅනාගතයක දැක්ම” ශිෂ්‍ය මුර්ති නිර්මාණ තරගයේ ජයග්‍රහකයින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. එම තරගය කාණ්ඩ දෙකක් යටතේ පැවති අතර, සන්නිවේදන පවූරු (Interactive Wall) කාණ්ඩය යටතේ මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන යාපනයේ ආර්. ජවනීසන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘බුබුළු පවූර’ (‘Wall of Bubbles’) නිර්මාණය ජයග්‍රහණය හිමි කරගත්තේයග වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩය යටතේ තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරංගා වඩුගේ ප්‍රමුඛ City School of Architecture කණ්ඩායම විසින් ඉදිරිපත් කළ ‘ලෝඩියා’ (‘Lodiya’) නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත්හ.
මෙම තරගයේ සමාප්තිය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය නොවැම්බර් මස 16 දා සවස 06 සිට සජීව විකාශයක් ලෙස කොළඹ වරාය නගර මුහුණුපොත ඔස්සේ විකාශනය කෙරුණි.
මසl කලක් පුරා නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ පුළුල් වූ උපදේශන කාල පරිච්ඡේදයක් යටතේ පවත්වනු ලැබූ ”අනාගතයක දැක්ම” (“Envision the Future”) තරගය, ශ්‍රී ලාංකීය යොවුන් කලා කුසලතා නිර්මාණ තුළින් කොළඹ වරාය නගරය වෙත ආකර්ෂණයක් හිමිකර ගැනීමේ අරමුණින් දියත් කරනු ලැබූ ව්‍යාපෘතියකි.
රුචි ජයනාදන්, අනෝමා විඡේවර්ධන, ශිලන්ති අභයගුණවර්ධන, ෂියා යුවාන් ගෙන් සමන්විත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් = කණ්ඩායමක් විසින් මෙම තරගය සදහා ඉදිරිපත් කරනු ලැබූ සියලූම නිර්මාණ සැළසුම් අධීක්‍ෂණ සහ විනිශ්චය කිරීම් සිදු කළහ. මෙහිදී විනිශ්චය මණ්ඩල සාමාජිකයින් එක් එක් කාණ්ඩය යටතේ සහභාගී වූ තරඟකරුවන් අතරින් හොදම නිර්මාණ 10 තෝරාගත් අතර, එයින් ද හොදම නිර්මාණ 3 තෝරාගනු ලැබුවේ විශේෂ ශක්‍යතා කමිටුවක් මඟිනි. මෙමගින් තේරී පත්වූ නිර්මාණ 3 අවසන් වටය සඳහා ඉදිරිපත් කළ අතර ඔවුන් හට සිය නිර්මාණ සංකල්පය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නිර්මාණ ක්‍ෂේත්‍රයේ විශේෂඥයකු වන ඉස්මයිල් අබ්ඩීන් මහතාගේ උපදේශන සහය හිමිවිය. එමෙන්ම ජූරි සභිකයන් සමඟ සති 5 ක උපදේශන සැසියක්ද ලබාදුන්හ. මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පයකු වන සෙසිල් බැල්මන්ඞ් මහතා ගෞරවනී විනිශ්චය මණ්ඩල සාමාජිකයකු ලෙස සහභාගී විය.
මෙම තරගය සදහා දේශීය හෝ විදේශීය පිළිගත් විශ්ව විද්‍යාලයන් හි කලා, ගෘහ නිර්මාණ ශිල්පය, සැළසුම්, ඉංජිනේරු සහ / නිර්මාණශීලීත්වය හා සම්බන්ධ ඕනෑම ශාස්ත්‍රපති උපාධියක් හදාරණු ලබන ලාංකීය සිසුන් සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබාදුන් අතර එහිදී ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාල නියෝජනය කරමින් අයදුම්පත් 400කට ආසන්න ප්‍රමාණයක් කොළම වරාය නගර ව්‍යාපෘතිය වෙත ලැබී තිබුණි. fමම තරඟය හා සම්බන්ධ නිර්මාණ සංකල්ප උපදේශන කාර්යය සඳහා කොළඹ වරාය නගරය ව්‍යාෘතිය Academy of Design ආයතනය දායකත්වය ලබාදුන් අතර “ARTRA” සඟරාව නිල කලාත්මක සහකරු ලෙස සම්බන්ධ විය.
කාලයේ වෙනස්වීම යන සංකල්පය පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති ‘ලෝඩියා’ :‘ඛදාසහ්’- නිර්මාණය, වානේ සහ තඹ තහඩු ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට නියමිත අතරල එය වරාය නගරයේ වෙරළ තීරයට සුන්දර දර්ශනයක් එක් කරනු ඇති බව විශ්වාසයි. මෙම කාණ්ඩයේ අනුශූරතාවය පිළිවෙලින් Academy of Design සහ මොරටුව විශ්ව විද්‍යාලයේ රොෂෙල් ප්‍රනාන්දු සහ ලකල් පියරත්න විසින් දිනාගනු ලැබීය.
වායු බුබුළු ආශ්‍රයෙන් නිර්මාණය කරනු ලැබූ සන්නිවේදන පවුර කාණ්ඩයේ ජයග්‍රාහී ‘බුබුළු පවූර’ (‘Wall of Bubbles’)නිර්මාණය, එහි ඇති ජල බුබුළු මඟින් ආතති ලිහිල් කිරීමටත් මුදාහැරීමටත් අවකාශය සලසයි. මෙම කාණ්ඩයේ අනුශූරයන් ලෙස මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ නෙත්මිනි ලියනගමගේ, මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ෂවේන්‍ද්‍ර ගුණතිලක , කෙන්ට් විශ්ව විද්‍යාලයේ අසාමුල් හක් අබ්දුල් හලීම් සහ ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලය රන්ජක කල්හාර හෙට්ටිආරච්චි විසින් දිනාගනු ලැබීය. මෙහිදී මෙම සෑම කාණ්ඩයකම ජයග්‍රහකයින්ට රු. 300ල000 බැගින් වූ මූල්‍යමය ත්‍යාග ලබා දීමට කටයුතු යොදා තිබුණි. මෙම ජයග්‍රාහී නිර්මාණ කොළඹ වරාය නගර පරිශ්‍රයේ වෙරළ කලාපයේ ඉදිරියේදි ඉදිකිරීමට නියමිතය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොළඹ වරාය නගරයේ “ආනාගතයක දැක්ම” සිසු මුර්ති තරගයේ ජය ‘ලෝඩියා’ සහ ‘බුබුළු පවූරට’