IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.


ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී සිටිමු. බටහිර කොළඹ රොටරි සමාජයෙහි  ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන Save A Kid’s Life (SAKL) හරහා CHD සහිත දරුවන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ හෘද සැත්කම් පිරිනමයි.

SAKL හරහා දැනටමත් දරුවන් 140 කට වැඩි පිරිසකගේ ජීවිත වෙනුවෙන් මෙම සත්කාරය පිරිනමා ඇත. හදිසි සැත්කම් අවශ්‍යතාවක දී එය සිදු කරගත නොහැකි වුවහොත් මෙම දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට අපහසු වනු ඇත. සංකීර්ණ CHD සැත්කම් ශ්‍රී ලංකාවේ නොමැති බැවින්, මෙම සැත්කම් ඉන්දියාවේ සිදු කරනු ලබයි. SAKL ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා වන සෑම පිරිවැයක්ම ආවරණය කර අතර, සැත්කම, ගුවන් ටිකට්පත්, වීසා, රෝහල් නවාතැන් සහ දරුවා සහ දෙමාපියන් දෙදෙනාගේ ආහාර අවශ්‍යතා ද ඉටු කර දෙනු ලැබේ. එබැවින්, ප්‍රතිලාභී පවුල් සැත්කම් සඳහා කිසිදු ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන අතර සියල්ල නොමිලේ සිදු කර දෙනු ලැබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දක්වමින් හිටපු දිස්ත්‍රික් ආණ්ඩුකාර සහ SAKL සභාපති R.T.N සෙබස්තියන් කරුණාකරන් මහතා මෙසේ සිය අදහස් දක්වමින්, “අපගේ මෙම මෙහෙවරට සහාය වන, ශක්තිය දෙන සියලුම හවුල්කරුවන්, ප්‍රථමයෙන් හෘදයාංගමව මතක් කර දීමට මම කැමැත්තෙමි. සෞඛ්‍ය අමාත්‍යාංශය, ආර්යා රිජ්වේ ළමා රෝහල, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, රොටරි පදනම සහ තවත් බොහෝ පරිත්‍යාගශීලීන්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් රොටරි සමාජ, ස්වේච්ඡා සේවකයින් සහ අනෙකුත් පාර්ශවයන්ට මම මෙහිදී ඉතසිතින් ස්තුතිය පුද කර සිටිමි.

මෙම ජීවිතාරක්ෂක සැත්කම් සිදු කරන අපගේ දුවාදරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ට නාමික ගාස්තුවකට නවාතැන් සහ ආහාර පහසුකම් සපයන ඉන්දියාවේ කොචි හි අම්රිතා රෝහල ගැන මම විශේෂයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. අම්රිතා යනු ආසියාවේ විශාලතම පෞද්ගලික රෝහල්වලින් එකක් වන අතර ඉන්දියාවේ NIRF 2024 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාවේ 8 වන හොඳම වෛද්‍ය විද්‍යාලයයි. සැත්කම්වලට අමතරව, අම්රිතා රෝහල විසින් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට සහ හෙදියන් හට සංකීර්ණ සංජානනීය හෘද දෝෂ සැත්කම් පිළිබඳ නොමිලේ පුහුණුවක් ලබා දෙයි.

බටහිර කොළඹ රොටරි සමාජයේ සභාපති ආර්ටීඑන් කේපී නාගරාජා මහතා තවදුරටත් මෙසේ පැවසීය, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පාරිභෝගික හිතකාමී සහ නොමිලේ පදනමක් මත දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට වීසා නිකුත් කිරීමෙන් SAKL සඳහා සහාය වේ. මෙම හෘදයාංගම සහ ත්‍යාගශීලී ක්‍රියාව සඳහා අපි ඔවුන්ට බෙහෙවින් කෘතඥ වනුයේ, මේ අසීරු අවස්ථාවට මුහුණ දෙන අප රටේ බොහෝ දෙමව්පියන්ට ඉන්දියාවට වීසා සඳහා ගෙවීම් කිරීමට ආර්ථික ශක්තිය නොමැති බැවිනි. 

ඔබේ දරුවා හෘදයාබාධයකින් පෙළෙනවා ද?

රැඳී නොසිටින්න. මුල් ප්‍රතිකාර මගින් ඔබේ දරුවාගේ ජීවිතය බේරා ගත හැකිය. +94 (77) 768 6960 අංකයට අමතන්න හෝ whatsapp කරන්න හෝ [email protected] වෙත විද්‍යුත් තැපෑලකින් දන්වන්න. 
ඔබට ඔබේ දරුවා බේරා ගත හැකිය. ප්‍රමාද නොනවන්න, අදම අප හා සම්බන්ධ වන්න. 
ඔබේ දරුවාගේ හදවත වෙනුවෙන් අපි හදවතින් ම කැප වී සිටිමු.

Save A Kid’s Life (SAKL)  පිළිබඳ  - http://www.saveakidslife.org

2018 දී ආරම්භ කළ දා සිට, බටහිර කොළඹ රොටරි සමාජයේ SAKL ව්‍යාපෘතිය සැත්කම් 140 කට වඩා සිදු කර ඇති අතර, සංජානනීය හෘද ආබාධ (CHDs) ඇති අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ සංකීර්ණ, ජීවිතාරක්ෂක සැත්කම් සඳහා සහාය වේ. කුඩා අවධියේදීම ශල්‍යකර්මයක් සිදු නොකළහොත්, CHD ඇති මෙම දරුවන් වැඩිහිටිභාවයට පත් නොවනු ඇත.

එක් දරුවෙකුට සැත්කමක් කිරීමට අවශ්‍ය මුළු මුදල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 3,000 කි. සංකීර්ණ CHD සැත්කම් ශ්‍රී ලංකාවේ සිදු කළ නොහැක. එබැවින්, මෙම දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ශල්‍යකර්ම සඳහා ඉන්දියාවට යවනු ලබන්නේ අතිශය සහනදායී මිල ගණන් යටතේ ය. SAKL සැත්කමේ සම්පූර්ණ පිරිවැය ආවරණය කරනු ලබයි. සැත්කමට මෙන්ම ගුවන් ගමන්, වීසා, රෝහල් නවාතැන් සහ ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා සියලුම ආහාර අවශ්‍යතා ද සපුරනු ලැබේ.

මෙයට අමතරව SAKL, සංකීර්ණ CHD සැත්කම් සිදු කිරීම සඳහා ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ හෙදියන් පුහුණු කිරීමට ද අරමුදල් සපයනු ලබයි.  SAKL විසින් ශ්‍රී ලංකාවේ රෝහල්වල යටිතල පහසුකම් ගොඩනැගීමට සහාය වන්නේ දේශීය වශයෙන් සංකීර්ණ CHD සැත්කම් සිදු කිරීමට පමණක් නොව, ළමුන් සඳහා පශ්චාත් ශල්‍ය සත්කාර සඳහා ද පහසුකම් සපයීමේ සුවිසල් පරමාර්ථයකිනි.

බටහිර කොළඹ රොටරි සමාජය (RCCW) පිළිබඳ - http://www.rotarycolombowest.org

බටහිර කොළඹ රොටරි සමාජය යනු ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආවරණය වන පරිදි ඉදි වී ඇති රොටරි සමාජ දිස්ත්‍රික්ක 3220ක විශාලතම සමාජ දිස්ත්‍රික්කය යි. 1961 දී මෙම සමාජය ආරම්භ කරන ලද අතර, එය ශ්‍රී ලංකාව සඳහා අනාගත නායකයින් නිර්මාණය කිරීම (ඉන්ටරැක්ට් සමාජ 5 ක් සහ රොටරැක්ට් සමාජ 5 ක් සඳහා අනුග්‍රහය දැක්වීමෙන්); ජල විදුලිය, නවාතැන් සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම; ඇසේ සුද ඉවත් කිරීමේ මෙහෙයුම් පැවැත්වීම; බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරත වීම; රෝහල්වලට ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම; පරිගණක සාක්ෂරතාවය ව්‍යාප්ත කිරීම; සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම; සහ සූර්ය ආලෝකකරණය ඇතුළු සමස්ත ප්‍රජාව සඳහා වැදගත් ව්‍යාපෘති රැසකට පුරෝගාමී විය. ඒ සමඟම, සමාජය දිස්ත්‍රික් ආණ්ඩුකාරවරුන් 5 දෙනෙකු සහ අනෙකුත් දිස්ත්‍රික් නිලධාරීන් බිහි කිරීමෙන් දේශීය රොටරි දිස්ත්‍රික්කයට නායකත්වය දී ඇත. SAKL යනු RCCW හි ප්‍රමුඛතම ප්‍රජා සේවා ව්‍යාපෘතියයි.

මාධ්‍ය සම්බන්ධතා:
යුක්ති කේ. ගුණසේකර මහතා
කණ්ඩායම් නායක,
දරුවකුගේ ජීවිතයක් බේරා ගන්න (SAKL)
ජංගම දුරකථන/WhatsApp: 077 999 2442
විද්‍යුත් තැපෑල: [email protected]

SAKL සැමරුම් උත්සවයේ ප්‍රකාශකයින්
මෙම උත්සවයේදී, මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත සඳහන් SAKL නියෝජිතයන් අමතන මෙන් මාධ්‍යවේදීන් කාරුණිකව ඉල්ලා සිටී:
SAKL ව්‍යාපෘති සභාපති සෙබස්තියන් කරුණාකරන් මහතා
SAKL කණ්ඩායම් නායක යුක්ති කේ. ගුණසේකර මහතා.



අදහස් (0)

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site