ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, 'පේජර්' යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගොස් ඇතුළු තවත් දහස් ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෙබනනය පුරා, හිස්බුල්ලා සාමාජියන් සියලු දෙනා භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර, එකම වේලාවක් ඇතුළත දී මෙසේ පුපුරා ගිය බව පැවැසෙයි.
පේජර් යන්ත්‍ර පුපුරා යෑමෙන්, තුවාල ලැබූ ගණන 2,750 ක් බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.
තුවාල ලැබූවන්ගෙන් 200 දෙනකුගේ තත්ත්වය බරපතල බව ද සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
'පේජර්' යන්ත්‍ර සියල්ල එකම වේලාවක පුපුරා යෑම ආරම්භ වූයේ දකුණු බේරූට් නගරයෙනි.
'පේජර්' යන්ත්‍ර සියල්ල එකම වේලාවක පුපුරා යෑමට සැලැස්වූයේ ඊශ්‍රායලය යැයි හිස්බුල්ලා චෝදනා නගයි.
කෙසේ නමුත් කුඩා පේජර් යන්ත්‍ර සියල්ල, එකම වේලාවක පුපුරා හැරීම, ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සඳහා නවීන තාක්ෂණය අවශ්‍ය වෙයි. ඊශ්‍රායලය එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ බටහිර රටවල් සලකයි.
හිස්බුල්ලා සාමාජිකයන්, කෙටි පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා සාක්කුවේ දමාගෙන යා හැකි පේජර් යන්ත්‍ර භාවිතයට ගනී.
මියගිය හිස්බුල්ලා සාමාජිකයන් නව දෙනා අතර ලෙබනන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ද සිටින බව පැවැසෙයි. හිස්බුල්ලා සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් සමන්විතය.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
ආච්චි Wednesday, 18 September 2024 05:35 AM
එකම වෙලාවෙ 72ක වඩා දිව්‍යලෝකෙ ගියොත් එහෙ ඉන්න කන්‍යාවියො 72ට වැඩ වැඩි වෙන්නැද්ද? ඊශ්‍රායලය එහෙම කරන්න එපා. කන්‍යාවියොත් පව් නෙව!
කර්මය Wednesday, 18 September 2024 08:21 AM
"ඔබ දෙන දේ, ඔබට ලැබෙයි" -- ස්වභාව ධර්මයේ නීතිය
Admin Wednesday, 18 September 2024 09:40 AM
මිනිසුන් මිය යාම සහ යුද්ධය අනුමත නොකරන නමුත් ඔවුන් සිදු කරන ලද දෑ විපාක දී ඔවුන්ගේ ම විනාශය සිදුව ඇත.
බකල ජයා Wednesday, 18 September 2024 10:25 AM
@කර්මය, වැඩේ කියන්නේ ළඟ ඉන්න අයටත් එක්ක ලැබෙන්නේ.