IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හසීනා අන්තර්වාර නායකයාට දොස් කියයි

ශිෂ්‍ය අරගලය හමුවේ ධුරයෙන් ඉවත් වී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනී, ෂෙයික් හසීනා පළමු වරට ප්‍රසිද්ධියේ බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායක මොහොමඩ් යූනුස්ට චෝදනා කළාය. 

ඒ, බංග්ලාදේශ අන්තර්වාර රජය, බංග්ලාදේශයේ හින්දු වැසියන්ට එරෙහිව ගෙන යන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙනි. හිටපු අගමැතිනිය මෙසේ චෝදනා කළේ, නිව්යෝක් නුවර පැවැති සමුළුවකට ඉන්දියාවේ සිට ඔන්ලයින් ක්‍රමයට වීඩියෝ දසුන් හරහා සම්බන්ධ වෙමිනි.

ශිෂ්‍ය අරගලයෙන් පසු බංග්ලාදේශයේ අන්තර්වාර පාලක මණ්ඩලයක් පිහිටවූ අතර එහි නායකත්වය දරන්නේ යූනුස්ය. අරගලයෙන් පසු බංග්ලාදේශ හින්දු වැසියන්ට මුස්ලිම් වැසියන්ගෙන් කෙණෙහිලිකම් සිදුවෙයි. ඒ, ෂෙයික් හසීනා රජය, දැඩි ඉන්දීය හිතවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසාය.

බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. හින්දු වැසියන් බංග්ලාදේශයේ සුළුතරයයි. මේ වනවිට ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී බංග්ලාදේශයේ ප්‍රධාන හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීමට ද මොහොමඩ් යූනුස් ප්‍රමුඛ අන්තර්වාර රජය පියවර ගෙන ඇත. මෙය ඉන්දියාවේත්, ජාත්‍යන්තරයේත් දැඩි විරෝධයට හේතුවක් විය.



අදහස් (0)

හසීනා අන්තර්වාර නායකයාට දොස් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site