
පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඞ් මර්කෝස් ජූනියර් (කණිෂ්ඨ) හෙවත් බොංග්බොංග් ට දොස් අහන්න සිදුවී තිබේ.
ඒ, ඔහු පසුගිය සිකුරාදා (19) බිරිඳ සමඟ එරට පැවැත්වුණු සංගීත සංදර්ශනයක් නැරැඹීමට හෙලිකොප්ටරයකින් යෑම සම්බන්ධයෙනි.
ජනාධිපතිවරයාට දෝෂාරෝපණ එල්ල වී ඇත්තේ රජයේ සම්පත් අවභාවිත කළ බවටය. දෝෂාරෝපණ එල්ල වී ඇත්තේ සමාජ මාධ්‍යය. ඒ පසුපස සිටින්නේ පිලිපීන විපක්ෂ දේශපාලන කණ්ඩායම් බව ද පැවැසෙයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ෆර්ඩිනැන්ඞ් මර්කෝස් ජූනියර් දෝෂාරෝපණයට ලක් වුණු පළමු අවස්ථාව මෙයයි.
ජනපතිවරයා සහ ආර්යාව හෙලිකොප්ටරයෙන් ගියේ පිලිපීන ඇරීනා රඟහලේ පැවැත්වුණු ‘කෝල්ඞ්ප්ලේ’ සංගීත කණ්ඩායමේ සංගීත සංදර්ශනයක් නැරැඹීමටය.
සංගීත සංදර්ශනය නැරැඹීමට 40,000 කට වැඩි පිරිසක් පැමිණි බැවින්, දැඩි වාහන තදබදයක් ද පැවැතිණි. පිලිපීන ජනාධිපති ආරක්ෂක අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වාහන තදබදය හේතුවෙන් ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් රඟහල වෙත ගෙන යෑමට සිදුවුණු බවය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටන්ගත්තා විතරයි. අප්පොච්චා ගිය පාරෙ පුතාත් යනවා වෙන්න ඇති. ලංකාවේ අයට ඕවා මතක තියා ගන්න හොඳ පාඩම්..!
ජනාධිපති කෙනෙක් ඉන්න ඕනෑ ජනාධිපති කෙනෙක් විදියට. ජනාධිපති කෙනෙක්ටත් ඉරිසියයි මිනිස්සු.