
ඊශ්‍රායලය සමඟ නැවත වරක් සටන් විරාමයක් ආරම්භ කිරීමට කැමැත්තෙන්, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ගාසා තීරයේ හමාස් සංවිධානයේ, දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හනියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පමිණ සිටී.
ගාසා තීරය පාලනය කරන්නේ හමාස් සංවිධානයයි. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කරගෙන සිටින්නේ, හමාස් සන්නද්ධ අංශයයි.
ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ආධාර ලබා දීම සිදුවන්නේ, ඊජිප්තු දේශසීමාව හරහාය.
ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවීමට පෙර, හමාස් නායක ඉස්මායිල් හනියේ සහ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානීන් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී මැදහත්කරුවන් වී සිටින්නේ ඊජිප්තුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙද්දෙ රෙවුනට පස්සේ කක්කුසිය හොයලා වැඩක් නෑ. උඹලා පටන් ගත්තේ ඊශ්‍රායලය අතුගානවා කියලා නේ. තමුන් පලස්තීනයේ අයිති කාරයෝ කියලා කියන්නේ. අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට ගන්න බෙලහීනයෝ. ඊශ්‍රායලය උඹලා අතුගාල තමයි පස්ස බලන්නෙ.
තුවාලය තියන පුද්ගලයා තමයි තුවාලයේ වේදනාව දන්නේ .පලස්තීනයට තුවාලය අවුරුදු 5 කටත් වඩා පරණයි .ලෝවාසී ජනතාව එය සුව කරන්න අවංක අධිෂ්ඨානශීලී උත්සාහයක් කරනවානම් හොඳයි