
භූමි කම්පාවෙන් හානි වූ තුර්කි නගරවල සංචාරය කරමින්, විපතට පත්වූවන් ගැන සොයා බැලූ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට දෝෂාරෝපණ එල්ල විය.
ජනාධිපතිවරයාට දෝෂාරෝපණ එල්ල වූයේ භූමි කම්පාවෙන් විපතට පත්වූවන් සහ උන්හිටිතැන් අහිමිවූවන්ට ලබා දෙන ආධාර ක්‍රමවත් ආකාරයට බෙදා නොදීම සහ එම කටයුතු ඉතා මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙනි.
විපතට පත්වූවන් සහ උන්හිටිතැන් අහිමිවූවන්ට ආධාර ලබා දීමේ දී ප්‍රමාදවීම් සිදුවන බව ජනාධිපති එර්දොවාන් පිළිගත්තේය. උන්හිටිතැන් අහිමිවුණු තුර්කි වැසියන්ට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ ඔවුන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කඩිනමින් සිදු කරන බවය.
තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 15,000 පසු කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මියගිය ගණන 35,000 සීමාව පසු කළ හැකි බවය. භූමි කම්පාවලින් බලපෑම් එල්ල වී ඇත්තේ දකුණු තුර්කියේ පළාත්වලට සහ ගිනිකොනදිග සිරියාවට අයත් පළාත්වලටය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd